වසර තුනක රට පෙරළිය – සී.ජේ. අමරතුංග
|

වසර තුනක රට පෙරළිය – සී.ජේ. අමරතුංග

යහපාලන ආණ්ඩුවට වසර තුනක් සපිරෙන්නේ අදයි. මෙම ආණ්ඩුව බලයට පත්වූයේ 2015 අගෝස්තු 16 දා පැවැති මහ මැතිවරණයෙනි. ඊට පෙර පැවැතියේ ජනාධිපතිවරයෙන් පසුව දින සියයක් සඳහා පිහිටුවාගනු ලැබු ආණ්ඩුවකි. එයින් ඉටුකර ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත්කොට තිබිණි. එක් අතෙකින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් අනෙක් අතින් ජනතාවට සහන සැලසීමත් එම කෙටිකාලීන ආණ්ඩුවේ අරමුණු අතර විය. දින සියයේ…

දොස්තරලාට පිස්සුද? – සී.ජේ. අමරතුංග
|

දොස්තරලාට පිස්සුද? – සී.ජේ. අමරතුංග

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ඉල්ලා අස්වීමත් එයට හේතු ලෙස එතුමා කළ හෙළිදරව්වත් තුළින් මෙරට වෛද්‍ය ‍ක්ෂේත්‍රයේ කලෙක සිට පවතින අර්බුදයේ තවත් පැතිකඩක් සංවාදය සඳහා විවර විය. එනම් මෙරට වෛද්‍ය සභාව යනු කුමක්ද යන්න හා එහි කාර්යභාරය ඉටුවන්නේද යන ප්‍රශ්නයයි. කොල්වින් ගුණරත්න මහතාගේ ප්‍රධාන චෝදනාවක් නම් මේ රටේ රෝගීන්ට ප්‍රතිකාර…

ගාලු කොටුවෙන් රට කොටුකළ හැටි – සී.ජේ. අමරතුංග
|

ගාලු කොටුවෙන් රට කොටුකළ හැටි – සී.ජේ. අමරතුංග

ගාල්ලේ කොටුව අසල ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම ගැන නැතහොත් එසේ කිරීමේ උත්සාහය ගැන පසුගිය දිනවල විශාල ආන්දෝළනයක් ඇතිවීය. එම ක්‍රීඩාංගණයේ අනවසරයෙන් සිදුකොට ඇති ඉදිකිරීම් කිහිපයක් නිසා ගාලු කොටුවට ලැබී ඇති ලෝක උරුමයක් ලෙස පිළිගැනීම අහිමිවීයාමේ අනතුරක් ගැන වාර්තාවිය. යුනෙස්කෝ ආයතනය කියාඇත්තේ එම අනවසර ඉදිකිරීම් ඉවත් නොකරන්නේ නම් ලෝක උරුම ලැයිස්තුවෙන් ගාලු කොටුව ඉවත්…

ජනමාධ්‍යය හා ජඩ මාධ්‍යය – සී.‍ජේ. අමරතුංග
|

ජනමාධ්‍යය හා ජඩ මාධ්‍යය – සී.‍ජේ. අමරතුංග

තමාට හා ආණ්ඩුවට පහරදී දුර්වලකොට යළිත් භීෂණ යුගයක් කැඳවා නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක් කළේය. මාධ්‍යයෙන් රටට පෙන්වන්නේ මේ රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් බවත් තම කතාවලින් පවා අවශ්‍ය දේ ඉවත්කොට අනවශ්‍ය දේ ප්‍රචාරය කරන බවත් ජනාධිපතිතුමා කීවේය. ලබාදී ඇති මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිතා කොට නැවතත් භීෂණකාරී යුගයක් කැඳවාගෙන පීඩාවට…

දේශද්‍රෝහී මත්තල සටන – සී.ජේ. අමරතුංග
|

දේශද්‍රෝහී මත්තල සටන – සී.ජේ. අමරතුංග

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකට හදිසියේ මත්තල යාමට මතක් වී ඇති බව වාර්තා විය. ඔවුන් කඩිමුඩියේ එහි ගියේ තත්ත්වය සොයා බලන්නටය. ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ඉන්දියාව සමඟ බදු ගිවිසුමකට එළඹීමට කටයුතු කිරීමේ ප්‍රවෘත්ති පළවීමත් සමඟ මොවුන්ට මේ කුලප්පුව ඇති වූ බව පැහැදිලිය. මේ ගමන සිදුකිරීමේ අරමුණ එම ගිවිසුමට විරෝධය ප්‍රකාශ කිරීමය. හැකිනම් එය නවතා දැමීමට කටයුතු කිරීමය….

හිට්ලර්ලා සහ ප්‍රභාකරන්ලා – සී.ජේ. අමරතුංග
|

හිට්ලර්ලා සහ ප්‍රභාකරන්ලා – සී.ජේ. අමරතුංග

දකුණේ කතාව හිට්ලර් කෙනෙකු ගෙනෙන්නටය. උතුරේ කතාව එල්.ටී.ටී.ඊ.ය නැවත අවශ්‍ය බවටය. කතා දෙකේම හරය එකකි. එනම් මේ සමාජය පාලනය කරන්නට මර්දනකාරි බලයක් නැතහොත් ප්‍රචණ්ඩ බලයක් අවශ්‍ය බවයි. කියැවෙන්නේ එහෙම නැතිව මේ සමාජය හදන්න බැරි බවකි. ප්‍රශ්න විසඳන්නට බැරි බවකි. මේ කතා දෙකටම උතුරෙනුත් දකුණෙනුත් බරපතළ විරෝධතා එල්ලවීම සැනසිල්ලට කාරණයකි. එම ඇතැම් විරෝධයක් පැන නැඟුණේ දේශපාලන…

අයියෝ මල්ලි… රට පාවා දී ඡන්ද කළ හැටි – සී.ජේ. අමරතුංග
|

අයියෝ මල්ලි… රට පාවා දී ඡන්ද කළ හැටි – සී.ජේ. අමරතුංග

හම්බන්තොට වරායේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව කළ ‘චයිනා හාබර්’ සමාගමෙන් මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු බව කියන අත යට ගනුදෙනු කිහිපයක් හෙළිදරව් වීම මහා ආන්දෝලනයකට හේතුවී ඇත. මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ගෝල බාලයනුත් කියන්නේ ‘මෙන්න මඩ ගසනවෝ’ කියාය. කියන්නේ කාගේ හෝ කැලෑ පත්තරයක් ගැන නොවේ. ලෝකයේ ඉහළම කීර්තියක් හිමි කරගෙන ඇති පුවත්පතක් වන නිව්යෝක් ටයිම්ස් පුවත්පත ගැනයි. කවුරු…

හිට්ලර් ආගමනය – සී.ජේ අමරතුංග
|

හිට්ලර් ආගමනය – සී.ජේ අමරතුංග

‘ගලේ පැහැරූ බළලා වැනිය” කියා කතාවක් ගැමි වහරේ ඇත. බළලුන් පැහැරූ විට එය වසන්නට පුරුදු වී සිටින බව කවුරුත් දන්නා දෙයකි. එසේ වසන්නේ වටේ ඇති පස් හෝ වැල්ල හෝ හාරා ගැනීමෙනි. ගලේ පැහැරූවිට කොපමණ වසන්නට හැදුවත් එය කරන්නට බැරිය. ‘ගලේ පැහැරු බළලා වැනිය’ යන උපහැරනය යෙදෙන්නේ එබඳු ක්‍රියා කරන මිනිසුන්ටය. දැන් අපට පෙනෙන්නට තිබෙන්නේ සාමාන්‍ය…

දූෂණයේ දිග පළල – සී.ජේ. අමරතුංග
|

දූෂණයේ දිග පළල – සී.ජේ. අමරතුංග

පසුගිය වසරේ මෙරට රාජ්‍ය ව්‍යාපාරික ආයතන ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන පනහක් බව මහා භාණ්ඩාගාරය වාර්තාකොට ඇත. එය සුළු පටු මුදලක් නොවේ. කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ වැඩ මුළුවකදී මෙම කරුණ හෙළිදරව් කරමින් සඳහන් කළේ මෙම මුදල කජු ඇට කොස් ඇට නොවන බවයි. කෝපා ලෙස හඳුන්වන රාජ්‍ය ගිණුම්කාරක සභාවේ…

බදු බර ගැන බොරු බණ – සී.ජේ. අමරතුංග
|

බදු බර ගැන බොරු බණ – සී.ජේ. අමරතුංග

බලය තියෙනකොට මොළය නෑ. මොළය තියෙනකොට බලය නෑ” යන්න පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කතාවකි. මතක හැටියට ඒ කතාව කීවේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමැතිවරයාය. ඒ මහතා විපක්ෂයේ සිටි අවස්ථාවක කී මේ කතාව නැගලා ගියේ අපේ රටේ දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ කැරැට්ටුවට එය ගැළපෙන නිසාය. විපක්ෂයට ගිය විට තමන් ආණ්ඩු කළ හැටි, බදු ගහපු හැටි බඩු…

බොරුවට සොරුන් හොයමින් සැබෑ ‍හොරුන් රැකීම – සී ජේ අමරතුංග
|

බොරුවට සොරුන් හොයමින් සැබෑ ‍හොරුන් රැකීම – සී ජේ අමරතුංග

දැන් මෙහෙයුම පටන්ගෙන තිබෙන්නේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් බව කියන දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුව සොයන්නටය. එහෙම ලැයිස්තුවක් ‍තිබෙන බව කියැවුණේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ලක්ෂ දහයක් ලබාගත් බව හෙළිවීමත් සමඟය. ඔහු කීවේ තවත් දේශපාලනඥයන් පිරිසක් එලෙස මුදල් ලබාගත් බවකි. එකසිය දහඅටක ලයිස්තුවක් ඇති බවට කතාවක් කොහෙන්දෝ කඩාපාත් වුණි. ඇතැම් ජනමාධ්‍යවලටත් දේශපාලනඥයන්ටත් දැන් මෙය හොඳ බයිට් එකක්…

දසලක්ෂයේ හෙළිදරව්ව – සී.ජේ.අමරතුංග
|

දසලක්ෂයේ හෙළිදරව්ව – සී.ජේ.අමරතුංග

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවලදී මගඩියක් නැතහොත් මහා වංචාවක් සිදු වූ බවට කෑ ගැසූ ප්‍රධාන දේශපාලනඥයෙක් වූයේ එවකට ඇමැතිවරයකුව සිටි දයාසිරි ජයසේකර මහතා බව කවුරුත් දන්නා කාරණයකි. එකල ඔහු කීවේ මෙම මගඩියේ අලගිය මුලගිය තැන් සියල්ල සෙවිය යුතු බවයි. මෙය මහා වංචාවක් බව කියමින් ඔහු ඇඟිල්ල දිගු කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙතටය. විශේෂයෙන් අගමැති රනිල්…