කුමන්ත්‍රණයේ පසු විපරම – සී.ජේ. අමරතුංග
|

කුමන්ත්‍රණයේ පසු විපරම – සී.ජේ. අමරතුංග

පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අප්‍රසන්නම සිදුවීම යැයි කිවහොත් අති‍ශයෝක්තියක් නොවනු ඇත. 2015 ජනවාරි 8 ජනවරම සමග සිටි සියලුදෙනාට මෙය පෙනුනේ කැත පාවාදීමක් වශයෙනි. පැවැති එ.ජා.ප. ආණ්ඩුව කෙරෙහි යම් කලකිරීමකින් සිටිය ද මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු බලවේග හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැඩි කැපවීමෙන් පාරට බැස කුමන්ත්‍රණය පරාජය කළේ…

මෛත්‍රි මහින්ද තමන්ගේම දේශපාලන මිනීවල හාරාගැනීම – සී.ජේ. අමරතුංග
|

මෛත්‍රි මහින්ද තමන්ගේම දේශපාලන මිනීවල හාරාගැනීම – සී.ජේ. අමරතුංග

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිව්රුම් දුන් බව පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවේදනය කරන ලද්දේ මෙරට බහුතර ජනතාව වික්ෂිප්ත කරවමිනි. එසේ කිරීමට නීතිමය ප්‍රතිපාදන මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද හැකියාවක් නැති බව බොහෝ දෙනා දැන සිටියහ. එසේ වුවත් යම්කිසි නීතිමය පදනමක හෝ ආණ්ඩුවේ පිරිසක් ඉවත් වී විපක්ෂයට එක්වීමෙන් හෝ සිදුවන්නට ඇතැයි ඇතැම්විට සමහරු සිතන්නට ඇත. ඒ සියල්ල වෙනස්…

වෙල්ග­මගේ හෙළි­ද­රව්ව – සී.ජේ.අමරතුංග
|

වෙල්ග­මගේ හෙළි­ද­රව්ව – සී.ජේ.අමරතුංග

මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ දේශ­පා­ලන ගේම් ගැන දන්නා උද­විය නම් කියන්නේ, ජනා­ධි­ප­ති­ව­ර­ණය දින­න්නට ඔහුට නම් කිසිම වුව­ම­නා­වක් නැති බවය. ඒ තමන්ගේ පැත්තෙන් නාමල් හැර වෙන කවුරු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ආවත් එය නාමල් රාජ­ප­ක්ෂගේ දේශ­පා­ලන අනා­ග­ත­යට අය­හ­පත් ලෙස බල­පාන නිසාය. මේ මොහොතේ මහි­න්දට අවශ්‍ය වන්නේ ඊළඟ මහ මැති­ව­ර­ණ­ය­කින් නාමල් රාජ­පක්ෂ විපක්ෂ නාය­කයා කර­න්නට පම­ණය. නාමල් කුමා­රයා ඔටුන්න හිමි කුමා­රයා…

ජනතා විරෝධී විරෝධතා – සී.ජේ. අමරතුංග
|

ජනතා විරෝධී විරෝධතා – සී.ජේ. අමරතුංග

ඇතැම් විට ජන කණ්ඩායම් පෙළගැසෙන්නේ කුමක් හෝ සංවර්ධන ක්‍රියාවලියකට විරුද්ධ වන්නටය. ඒවාට විවිධ හේතු හදා ගනිති. බොහෝවිට බොරු හේතු ය. මවාගත් හේතු ය. යම් කණ්ඩායමක් සංවිධානය කරගෙන කරන උද්ඝෝෂණවලට කියන්නේ ජනතාවගේ විරෝධතා කියාය. එසේ වුවද ඇත්තටම ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත මෙම පිරිසගෙන් නියෝජනය වන්නේ ද යන්න ප්‍රශ්නයකි. බො‍හෝවිට නිහඬව සිටින බහුතර ජනයා සිටින්නේ වෙනත් මතයකය….

ආණ්ඩුව පෙරළීම – සී.ජේ. අමරතුංග
|

ආණ්ඩුව පෙරළීම – සී.ජේ. අමරතුංග

දේශපාලනඥයන් බොහෝවිට තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාර කරන්නේ ‘මෙදා පොටේ දෙනවා බැටේ’ කියාගෙනය. විජයග්‍රහණය ගැන පම්පෝරි ගහමින්ය. ඒ තමන්ගේ අනුගාමිකයන් දිරිමත්කොට තබා ගන්නටය. ඔවුන් තමන් වෙතින් ඉවත්ව යාම වළක්වා ගන්නටය. තමන්ගේ දුර්වලතාවය වැඩියෙන් දැනෙනවිට ජයග්‍රහණය ගැන පම්පෝරි ගහනවාද වැඩිය. තමන්ට ඉක්මනින්ම ලැබෙන ජයග්‍රහණයක් ගැන කියන්නට හදන්නේ ඒකය. ඒකාබද්ධ විපක්ෂයේ උදවියගේ ආණ්ඩු පෙරළීමේ කතාව එයට හොඳම උදාහරණයකි. ඔවුන්…

පච ආර්ථික විද්‍යාව – සී ජේ අමරතුංග
| |

පච ආර්ථික විද්‍යාව – සී ජේ අමරතුංග

වත්මන් රජය ප්‍රකාශ කොට ඇත්තේ සංවර්ධනයේ වෙනත් මාවතකි. එක්තරා මැද මාවතකි. එනම් සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය යන්නයි. එනම් වෙළෙඳ පොළ ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතරම එහි ප්‍රතිලාභ ලබාගත හැකිවන ලෙස මහජනයා ශක්තිමත් කිරීමයි. එමෙන්ම මහජනයාගේ අමාරු අවස්ථාවල පිහිටවීමයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ සඳහා වූ ප්‍රධාන ව්‍යාපෘතියකි. එමෙන්ම දහතුන් වසරක අනිවාර්ය අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව වැනි ක්‍රම මඟින්…

ඩොලරයට උඩ පැනීම – සී.ජේ. අමරතුංග
|

ඩොලරයට උඩ පැනීම – සී.ජේ. අමරතුංග

මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කීවේ ආණ්ඩුවට ඩොලරය ඉහළ යෑම නවත්තාගත නොහැකිනම් ඉල්ලා අස්වී තමන්ට රට භාරදිය යුතු බවය. ඔහු කීවේ රුපියල ඩොලරය ඉදිරියේ අවප්‍රමාණ වී ඇත්තේ ආණ්ඩුවේ වරදින් බවයි. මෙය විශාල විනාශයක් බව කීවද රුපියල රැක ගැනීමේ තම විසඳුම මහින්ද කීවේ නැත. කීවේ බලයට ආවාම කරලා පෙන්වන බවය. එසේ කියන්නේ ඔහු වසර දහයක් තිස්සේ කරලා…

ඒ තමයි මහින්ද – සී.ජේ. අමරතුංග
|

ඒ තමයි මහින්ද – සී.ජේ. අමරතුංග

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් පැමිණියේය. දැන් ඒ ගැන විවාද ගණනාවකි. එකක් නම් මහින්ද ඉන්දියාවේදී ඇත්තටම කී‍ෙව් කුමක්ද යන්න ගැනය. ඒකාබද්ධ විපක්ෂය තුළ එකිනෙකට වෙනස් මත දරන උදවිය එම කතා අර්ථ දක්වන්න හදන්නේ තම තමන්ට ඕනෑ විදිහටය. මහින්ද ද ශ්‍රී ලංකාවට පැමිණ කියන්නේ ඉන්දියාවේදී කීදේ නොවේ. ඉන්දියානු නායකයන්ට කීදේ මෙරට ජනතාවට කියන්නේ නැත. මහින්දගේ හැටි…

ආණ්ඩුව දිනලා ඉවරද? – සී.ජේ. අමරතුංග
|

ආණ්ඩුව දිනලා ඉවරද? – සී.ජේ. අමරතුංග

තමන්ගේ ශක්තිය පෙන්වීමටත් තම අනුගාමිකයන් වඩා ධෛර්යමත් කිරීමටත් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජනබලය කොළඹට’ වැඩසටහන නිමවී ඇත්තේ ඔවුන්ට වස ලැජ්ජාවක් අත්කර දෙමින් බව පැහැදිලි කාරණයකි. ලජ්ජාව වසා ගන්නට ගොතන කිරි පැකට් කතා ආදිය විශ්වාස කරන කෙනෙක් නැත. කොළඹ පැමිණි පිරිස ගැන ද කියන්නට දෙයක් නැත. ඒ මොහොතේම රූපවාහිනි ආයතන මෙන්ම සමාජ ජාල මගින්ද එම සිදුවීම්…

හොර නඩයක අවසානය! – සී.ජේ. අමරතුංග
|

හොර නඩයක අවසානය! – සී.ජේ. අමරතුංග

කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් විසින් සුප්‍රසිද්ධ ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’ ලියන ලද්දේ මීට වසර එකසිය හැත්තෑවකට පෙරදීය. ලෝක දේශපාලනයට වැඩිම බලපෑමක් කළ ප්‍රකාශනයක් ලෙස සැලකෙන එය ‘බයිබලය’ හැරුණු විට ලොව වැඩියෙන්ම අලෙවි වූ හා වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ කෘතියයි. එය ලෝක දේශපාලනය වෙනස් කළ කෘතියකි. ඔවුන් එම කෘතිය ආරම්භ කරන්නේ ප්‍රධාන ප්‍රවාදයකිනි. එනම් ‘මෙතෙක් පැවැති…

දොස්තරලාගේ කුණු විරෝධය – සී.ජේ.අමරතුංග
|

දොස්තරලාගේ කුණු විරෝධය – සී.ජේ.අමරතුංග

අපගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු ගමන් මහා භයානක ක්‍රියා ගැන සොයා ගන්නවාය. ඒ මේ ආණ්ඩුවේ කුමක් හෝ ක්‍රියාවකට විරුද්ධ වන්නටය. ‘සුව සැරිය’ ගිලන් රථ සේවය ගෙන එන වෙලාවේ සොයාගත්තේ රෝ ඔත්තු සේවයේ සැලැස්මකි. එය නම් ගිලන් රථ සේවය තුළින් මෙරට ජනයාගේ ජාන තොරතුරු රැස්කර ගැනී‍ෙම් සැලැස්මකි. ඒ මෙරට ජනයා විනාශ කරන්නටය. එදා ඔවුන් කීවේ…

අමතක කරවන්න හදන කතා – සී.ජේ. අමරතුංග
|

අමතක කරවන්න හදන කතා – සී.ජේ. අමරතුංග

කීත් නොයාර් පැහැරගෙන යාම ගැන සොයන රහස් පොලිසියේ කණ්ඩායමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ එහෙම මාධ්‍යවේදියෙක් ගැන තමන්ට මතක නැති බවයි. එම මාධ්‍යවේදියා පැහැරගත් අවස්ථාවේ වර්තමාන කතානායක කරූ ජයසූරිය මහතා දුරකථනයෙන් තමාට කතා කළ බව ද මහින්දට මතක නැත. එසේ වුවද ඒ අවස්ථාවේ සිදුවු දුරකථන සංවාද වාර්තාවක් රහස් පොලිසිය සතුව තිබූ නිසා මහින්දගේ…