මාධ්‍ය ක්ෂේත‍්‍රයේ භීෂණය: සමාජ වසංගතයක් – ආචාර්ය රංග කලංසූරිය

පිලිපීනයේ ගැටුම්කාරී මුස්ලිම් මින්දනාවෝ ප‍්‍රදේශයේ සිදුවූ අපකීර්තිමත් ජන ඝාතනයේ හයවැනි සංවත්සරය නොවැම්බර් 23 වැනි දාට සැමරේ. ගැහැටට පත් මේ පළාතට අයත් දැකුම්කළු මැගුවින්ඩානෝ පෙදෙසේදී, බලවත් ගෝත‍්‍රයක් වන අම්පාතුවන් කල්ලියක් විසින් 2009 නොවැම්බර් 23 වැනි දා තිරිසන් ලෙසින් ඝාතනය කෙරුණු 58 දෙනා අතරේ මාධ්‍යවේදීහූ සහ මාධ්‍ය සේවකයෝ 32 ක් වූහ. ඒ පසුපස ඇති කතාව අතිශය සංකීර්ණ…

යාපනයෙන් පන්නා දැමූ මුස්ලිම් ජනයා සහ ජිනීවා ක්‍රියාවලිය – ජෙහාන් පෙරේරා

උතුරේ ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජනතාව පැය කිහිපයක සහ දින දෙකක් දක්වා වන කෙටි කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා දමා මේ සතියට වසර 25 ක් ගතවෙයි. දෙමළ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය කලාපය වන උතුරේදී ඔවුන්ට සැළකූ ආකාරය ඉතා ශෝචනීයයි. තම ගම්බිම් හැරපියා යාමට ඔවුන්ට ලැබුණේ පැය දෙකක් වැනි කෙටි කාලයකි. සිය දේපලවලට අදාළ ඔප්පු තිරප්පු, ස්වර්ණාභරණ…

ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් ලංකාවේ සාමය ආරක්ෂා කෙරෙනු ඇත – රිචඞ් අර්මිටේජ් සමග කාරා බ්‍යු

ගිය මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ වාර්තාවකින්, ලංකාවේ යුද්ධයේ පැවති ගොරතර බව පෙන්වා දී තිබුණි. ආණ්ඩුවේ හමුදා සහ දෙමළ කැරලිකරුවන් අතර සිදුවූ ගැටුමේ අවසාන වසර කිහිපය තුළ එම දෙපාර්ශ්වයෙන් සිදුකළ එවැනි අපරාධ අතරට, නීති විරෝධී ඝාතනය, බලහත්කාර පැහැරගෙන යාම්, ලිංගික හිංසනයන් සහ ළමා සොල්දාදුවන් යොදා ගැනීම් අයත් වෙයි. දෙපාර්ශ්වය විසින්ම…

එල්ලන්න ද? එපා ද? – සාලිය පීරිස්

පස් හැවිරිදි සේයා දැරියගේ ඛේදනීය ඝාතනයත් සමග මරණ දඬුවම ඉල්ලා කෙරෙන හඬනැගීම් කරලියට විත් තිබේ. එල්ලූම් ගස ගැන තීරණයක් ගැනීම පාර්ලිමේන්තුවට භාර කරන බව කීමෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පවා මේ ප‍්‍රශ්නයට මැදිහත් වුණි. සමාජ මාධ්‍ය තුළ මීට අදාළව අනේක පෙත්සම් අත්සන් කෙරෙන අතර එල්ලූම් ගස නැවත ස්ථාපිත කරන්නැයි කරන ඉල්ලීම්වලින් එම මාධ්‍ය පිරී යයි. මෙය,…

අනාගත පරපුර වෙනුවෙන් රට යුතුකම් ඉටුකළ යුතුයි – ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන්

ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී සම්මුතියකි. හමුදා බලය භාවිත කිරීමේ සීමා ඇති කරනවාත් සමග එම බලයේ නෛතික භාවිතය නොවැළැක්වීම සඳහා වන නීතිරීති තුළ ඉහත කී සාධක ද්වයම සැලකිල්ලට ගෙන තිබේ. 1949 ජිනීවා සම්මුතිය තුළත්, 1977 අතිරේක පෙරාතුකොළ තුළත්, එය වර්ධනය…

නව ව්‍යවස්ථාවක් සැකසීම: ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ සැඟව ඇති සැහැසි තන්ත‍්‍රයෙන් වළකින්න – සෝමපාල ගුණධීර

ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ තිබිය හැකි ප‍්‍රජාපීඩක, සැහැසි පාලන තන්ත‍්‍රයකට යට නොවන්නැයි ඉල්ලා සිටීම, වචනාර්ථයෙන් ගත් කල පරස්පරයක් සේ පෙනී යා හැකිය. මන්ද යත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ‘ජනතාව විසින් ජනතාව සඳහා ඇති කරගන්නා ජනතාවගේ ආණ්ඩුවක්’ බවට පොදු සම්මතයක් ඇති බැවිනි. මේ නිසා, එවැනි පාලන ක‍්‍රමයක් ජනතාවට හානිකර විය නොහැකි බව, සාමාන්‍යයෙන් නම්, නොකිවමනා ය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන…

සම්පන්දන්ගේ හෝරාව

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආර්. සම්පන්දන් මහතාව පත් කරගෙන තිබේ. 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු, ‘පාර්ලිමේන්තුවේ පියා’ යන විරුදාවලියටත් දැන් හිමිකම් පායි. දෙමළ ස්වයං-නිර්ණ අයිතිය පිළිබඳ මතවාදය සමග සාමාන්‍යයෙන් එකඟත්වයක් නැති විචාරකයන් පවා, පාර්ලිමේන්තු විවාදවල උදාරත්වය සහ විශිෂ්ඨත්වය විදහා දක්වන දේශපාලඥයෙකු වශයෙන් සම්පන්දන් මහතාව පිළිගනී. එම ගරුත්වය, වෙනත්…

යහපාලනය සහ රටේ සමෘද්ධිය

නිවැරදි මාර්ගෝපදේශකත්වය සහ නිවැරදි නායකත්වය ඇතොත් ශ්‍රී ලාංකීය ජනතාවට විනයගත සමාජයක් සේ කටයුතු කළ හැකි බව පසුගිය මහ මැතිවරණය මගින් සාර්ථක අන්දමින් පෙන්නුම් කෙළේය. මෛත්‍රී-රනිල් සුසංයෝගය රටටත්, ලෝකයාටත් ඔප්පු කෙළේ එයයි. නිදහස් මැතිවරණ කොමිසමක් සහ ස්වාධීන පොලීසියක් ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යාවශ්‍ය කෙරේ. රට ඉදිරියට ගෙන යාමට සහ ඉදිරි මාස 60 ක කාලය තුළ අගමැතිවරයාගේ දැක්ම යථාර්ථයක් කර…

ඇමති මණ්ඩලය විශාල කීරීම යහපාලනයෙන් පිට පැනීමකි – ඩේලි මිරර්

1990 පටන් බලයට පත්වූ බොහෝ ආණ්ඩුවල සිටි විශාල ඇමති මණ්ඩල ගැන විවේචන දැන් දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබේ. එක් කෙනෙකු හෝ දෙන්නෙකු හැරුණු විට පාලක පක්ෂයේ අනිත් සැවොම ඇමති මණ්ඩල සාමාජිකයෙකු වූ අවස්ථාද ඒ අතර තිබුණි. මේ තත්වය කෙරෙහි පැනනැගුණු ප්‍රථම විරෝධය ප්‍රකාශයට පත්වුණේ, ජනතා විමුක්ති පෙරමුණේ දැඩි බලපෑම මත, 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ…

තක්කඩි නිලධාරී යුගය අවසන්වීමක්ද ?

රාජ්‍යය සහ ආණ්ඩුව අතර ඇති වෙනස හැම විටකම එතරම් පැහැදිළි නැත. හරියටම කිවහොත්, ආණ්ඩුවක් සමන්විත වන්නේ, ඡන්දයකින් තෝරා පත්කර ගත් දේශපාලඥයන්ගෙනි. රාජ්‍ය යාන්ත්‍රණය සමන්විත වන්නේ, යම් ආකාරයක නිලගත පත්වීමක් ලත් නිලධාරීන්ගෙනි. දේශපාලඥයෝ නීතිරීති හදති. ප්‍රතිපත්ති සම්පාදනය කරති. නිලධාරියෝ ඒවා ක්‍රියාවේ යොදවති. යහපාලනය සඳහා මේ දෙපිරිස අතර මනා සුසංයෝගයක් අවශ්‍ය කෙරේ. බි්‍රතාන්‍ය රූපවාහිනියේ කොටස් වශයෙන් විකාශය…

සිදුවූ දේ හා වෙනස අමතක කළ නොහැකියි – ශ්‍රීනාත් ප්‍රනාන්දු – ඩේලි එෆ් ටී

ප්‍රචණ්ඩත්වය, මැරවරකම සහ බිය ගැන්වීමෙන් පිරී පැවති දේශපාලනික පරිසරයක් මධ්‍යයේ, පසුගිය ජනවාරි 9 වැනි දා නිහඬ විප්ලවයක් සිදුවිය. එම බලය වෙනස් වීම ‘නිහඬව’ සිදුවූ නිසාත්, ප්‍රචණ්ඩත්වයෙන් තොරව සිදුවූ නිසාත්, රටට දැනුණේ සන්සුන් වෙනසක් වශයෙනි. ඊට වෙනස් ආකාරයකින් එම වෙනස සිදුකර ගත්තේ නම්, එය ප්‍රජාතන්ත්‍රවාදයට කණකොකා හැඬවීමක් වනු ඇත. ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණයට කලින්…

දුෂිත දේශපාලකයන් ඡන්දදායකයන්වත් දුෂණය කොට තිබේ – සන්ඩේ ටයිම්ස්

පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් රටට සේවයක් කළ හැකි යැයි සිතූ පුද්ගලයෙක් ඡන්දයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමෙන් දින 30 කට පසු ආපසු ගෙදර පැමිණි මේ පුද්ගලයා සිය බිරිඳ අමතා මෙසේ කීවේලූ: “මාර්තා, මට එක දෙයක් තේරුණා. උන්මත්තකාගාරෙක ඉන්න උන්මත්තකයෝ විසින්ම ඒක පාලනය කරනවා මං පළමුවැනි වතාවට දැක්කේ පාර්ලිමේන්තුවෙන්.” එම විහිළුව පැත්තකින් තිබුණාවේ. විශේෂයෙන්,…