|

යහපාලනයෙන් ඇති වූ සැබෑ වෙනස

ජිනීවා යෝජනා කි‍්‍රයාත්මක කිරීම තවත් වසර දෙකකට කල්දමා ගැනීමට හැකිවීම රජය පැත්තෙන් අත්පත් කරගත් ජයග‍්‍රහණයකි. එය මේ ආණ්ඩුව නිසාම සිදුවූවක් බව පැහැදිලිය. ”මෛතී‍්‍ර පාලනයක්” ඇති නොවන්නට මේ වනවිටත් ආර්ථික සම්බාධක වැටී අපේ කැමැත්තකින් තොරව වුවද අපට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග වීමට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් ගත් කල ජිනීවාහිදී අප අත්පත් කරගෙන ඇති ”වෙනස” සුවිශේෂීය….

|

ලැසිල් ද සිල්වා යැව්වේ රිෂාඞ් ද?

ජනාධිපතිවරයා, විශේෂ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ඉවත් කළේ අමාත්‍ය රිෂාඞ් බද්දියුදීන් අමාත්‍යවරයා කරන ලද බලපෑමකට බව තතුදත් ආරංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට ලැබී ඇත. පරිභෝජනයට නුසුදුසු සහල් තොග විශාල ප්‍රමාණයක් සතොස ගබඩාවල තිබීම පිළිබඳ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම පරික්ෂණ ආරම්භ කිරීම මේ ඉවත් කිරීමට ආසන්න හේතුව බව වැඩිදුරටත් දැනගන්නට තිබේ….

පරික්ෂණ කෙරෙන්නේ නිළධාරින්ගේ හයියෙන්, ආණ්ඩුවෙන් පිටුබලයක් නෑ- කේ. ඩබ්ලියු. ජනරංජන

මේ රටේ මීට පෙර සිදු වූ වංචා දූෂණ අල්ලස්, නීතිය වැරදි විදියට යොදා ගැනීම, නීතිය නොතකා හැරීම යන සියලු දේවල් සම්බන්ධයෙන් වගකිව යුතු අයව නීතිය ඉදිරියට ගෙනත්, ඒ අයට රාජපක්ෂ යුගයේ මෙන් කැළේ නීතිය අනුව නොව රටේ පවතින නීතිය අනුව ක්‍රියාත්මක වෙන ලෙස2015 ජනවාරි මාසේ 08වෙනිදා මේ රටේ පාලකයින්ට ලක්ෂ 62ක ජනතාවක් ජනවරමක් දුන්හ. දැන්…

එන්රිකේ ඉග්ලේසියාස් පිළිබඳ ගීතය සහ රංගනය- සරත් ද අල්විස්

“සංගීතය යනු සදාචාර නියාමයකි. එය, විශ්වයට ආත්මය සපයයි. සිතට පියාපත් සපයයි. මිනිස් පරිකල්පනය පියාඹවයි. ජීවිතය සහ සෑම සියලු දෙයකටම, ලාලිත්‍යය සහ ප්‍රමෝදය දායාද කරයි.” – ප්ලේටෝ අඳුරු අතීතය මතක් කර දීම, ස්වකීය විවේචකයන්ට වර්තමාන පාලකයන් සපයන සුපුරුදු පිළිතුර බවට පත්ව ඇත. ඇත්ත. අන්තර්ජාලයට දැන් නිදහසේ අවතීර්ණ විය හැක. මහජන විරෝධාකල්පවලට නිදහස ලැබී ඇත. ප්‍රජාතන්ත්‍ර-විරෝධී රාජ්‍ය…

මහා අපේක්ෂා සහ ඊටත් විශාල අහිමි වීම් ගැන -කිෂාලි පින්තු ජයවර්ධන

එන්රිකේ ඉග්ලේසියාස් ප්‍රසංගයේ ඔල්මාද ලෝලීන් දෙදෙනෙකුගේ හැසිරීම ගැන කිපී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළ අදූරදර්ශී ප්‍රකාශයක් අස්සේ, වගවීම සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ වර්ෂාවසාන සංවාද යට වීම, විය යුතු පරිද්දෙන්ම ජනනය කෙළේ උත්ප්‍රාසයක්ම ය. රුදුරු සන්තාපය සහ ප්‍රහර්ෂය ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන, ජනාධිපතිවරයාගේ රුදුරු සන්තාපය ලෝකය පුරා පතල කර…

ශ්‍රී ලංකාවේ ‘මෙගාපොලිස්’ (අගනගරයාය) වෙතට- එස්. සිවදාසන්

නිදහසේ සිට අද දක්වා ‘මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන්’ පසු ඉදිරිපත් වන විශාලතම සංවර්ධන යෝජනාව වන්නේ ‘මෙගාපොලිස්’ (අගනගරයාය) ව්‍යාපෘතියයි. ඒ දෙක අතර ගතවූ අඩ සියවසක කාලයේ රටේ දේශපාලන ක්‍රමය පිළිබඳව ඇත්තේ ඛේදනීය කතාවකි. ආර්ථිකයේ අදූරදර්ශී කළමනාකරණය ඊටත් හපන් ය. මේ නව යෝජනාව, ඒ අතීතය ආපසු හැරවීමේ සහ රටක් වශයෙන් අලුත් මගක පිය මැනීමේ ආරම්භයකි. අදාළ ව්‍යාපෘතිය ව්‍යාප්ත…

පළාත් සභාවලට වෙන් කළ මුදල් ඌන උපයෝජනය වීම

මේ වසර සඳහා උතුරු පළාත් සභාවට වෙන් කළ මුදලින් සතයක්වත් එම පළාත් සභාවේ පාලනය හොබවන දෙමළ ජාතික සන්ධානය මගින් පාවිච්චියට ගෙන නැති බව, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද පසුගිය දා අයවැය විවාදයට සහභාගී වෙමින් කියා සිටියේය. යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඔහු, මේ පළාත් සභාවට 2013 සහ 2014 වර්ෂ සඳහා වෙන්…

විශ්‍රාම වැටුප් සඳහා මුදල් යෙදැවීම

විශ්‍රාමලාභීන් සම්බන්ධයෙන් දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලංකාවේ වගකීම පිළිබඳ කාරණය පසු ගිය දා පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය. ඒ, අගමැතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ අවස්ථාවේ ය. ගත වූ දශකයක කාලය තුළ රාජ්‍ය අංශයට බඳවා ගත් අධිකතර ශ්‍රම බලකායට විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළව මතු වන දැවැන්ත අභියෝග ගැන වෘත්තීය සමිති ව්‍යාපාරය සමග තමා කළ කතාබහ වෙනුවෙන් අගමැතිවරයා…

මානව හිමිකම්වල හදවත

දූෂණ-විරෝධී දිනය පස්සෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනයත් පැමිණෙයි. සමාජයක ජීවත් වන මිනිසුන්ගේ ජීවිත සහ අභිවෘද්ධිය කෙරෙහි මේ අංශ දෙක දක්වන සම්බන්ධතාව නිසා එසේ ළඟ ළඟ ඒ දින දෙක සැමරීම අර්ථවත් විය හැකිය. විශේෂයෙන් ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණ ගැනීමට අලුත් ආණ්ඩුවක් හරහා මෑතක සිට පෙළඹීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව තමන්ගේ මානව හිමිකම් වාර්තාවට අදාළ…

දේශපාලනික සංවේදීත්වයක් සහිත භික්ෂු පරමාදර්ශය-ෂ්‍යාමන් ජයසිංහ

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දේශපාලනික සංවේදීතාවක් සහිත භික්ෂු වහන්සේ නමකගේ පරමාදර්ශී මාදිලියක සාක්ෂියකි. දේශපාලනික ක්‍රීඩාවේ යෙදුණු බොහෝ සංඝයා වහන්සේලා ලංකාවේ සිටියහ. එහෙත් ඒ සියල්ලන්, භික්ෂුවගේ සහ දේශපාලඥයාගේ කාර්ය භාරයන් වෙන් කොට හඳුනාගෙන එම භූමිකාවේ නොයෙදුණි. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පොදු භූමිකාව තුළ කිසි විටෙක මේ භූමිකා දෙක එකට නොපැටලුණි. 50 දශකයේ මැද භාගයේ කැළණියේ රජමහ විහාරයේ…

දූෂණය: කිසි වෙනසක් නැති වෙනස – ‘සන්ඬේ ටයිම්ස්’

දුරු රට පිහිටි සෙන්ට් පීටර්ස්බර්ග් නුවරදී අපේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා ¥ෂණයට එරෙහි නව ආණ්ඩුවේ සංග‍්‍රාමය ගැන ව්‍යක්ත කථනයක යෙදෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණු නායකයාගේ හඬ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ ගිගුම් දුනි. අත්‍යන්තයෙන් දූෂිතව පවතින ලංකාවේ දේශපාලනය තුළ තවම කිළිටිව නැති එකම පක්ෂයේ නායකයා වශයෙන් ඔහු මේ ආණ්ඩුවට එරෙහිව, අල්ලස සහ දූෂණයට තල්ලූව සැපයීමත්, තක්කඩින්ව ආරක්ෂා…

සමාජ සාධාරණත්වය සඳහා ආණ්ඩුවේ මැද මාවත යහපත් වර්ධනයක් – ඩේලි මිරර්

අත්‍යන්ත ධනවාදය සහ සමාජවාදය ලෝකය පුරා පසුබෑමකට හෝ අවපාතයකට ලක්වෙමින් පවතින අවස්ථාවක, ලංකාව ගරු ගාම්භීර මැද මාවතකට යොමු කළ හැකි විස්තීරණ සහ විප්ලවීය සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියක් පිළිබඳ දළ ආකෘතියක් අගමැති රනිල් වික‍්‍රමසිංහ පසුගිය බදාදා ඉදිරිපත් කෙළේය. ඔහු එය විස්තර කෙළේ, තුන්වැනි පරම්පරාවේ ප‍්‍රතිපත්තියක් වශයෙනි. මුල් පරපුරු දෙක වුණේ, ජයවර්ධන සහ පේ‍්‍රමදාස යුගයන් ය. ඇමරිකාව, බටහිර…