ජනාධිපති බෑණාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා වන තිලිණ සුරංජිත්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම සහ හිටපු දැව සංස්ථා සභාපති පී. දිසානායක යන අය රුපියල් කෝටි දෙකක් අල්ලස් ලබාගන්නා අවස්ථාවේදී අතටම හසුවූයේ 2018 මැයි 04 වනදාය. ඔවුන් අල්ලස් මුදල ලබාගත්තේ කොළඹ…

මැදමුලනේ තාත්තගෙ සොහොන හදපු නඩුව විභාගයට ගන්න එපා – ගෝඨා අභියාචනාධිකරණයෙන් ඉල්ලයි.

මැදමුලනේ තාත්තගෙ සොහොන හදපු නඩුව විභාගයට ගන්න එපා – ගෝඨා අභියාචනාධිකරණයෙන් ඉල්ලයි.

වීරකැටිය මැදමූලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතකට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. මෙම…

රවිරාජ් ඝාතනයට ගෝඨා කෝටි 5ක් දීලා : බුද්ධි නිලධාරීයා අධිකරණයේදී අනාවරණය කරයි !
|

රවිරාජ් ඝාතනයට ගෝඨා කෝටි 5ක් දීලා : බුද්ධි නිලධාරීයා අධිකරණයේදී අනාවරණය කරයි !

යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය. මෙම ඝාතනය ගිය ආණ්ඩුවේ කුමන්ත්‍රණයකින් සිදුකර ඇති බවත්, එම මුදල් ආරක්ෂක…

සුපර්ස්ටාර්  මධූෂ් –  සුමේධ භානු රත්නායක
|

සුපර්ස්ටාර් මධූෂ් – සුමේධ භානු රත්නායක

සේනා දළඹුවාට ඇඩ්රස් නැත. දළඹු ප්‍රහාරයෙන් නන්නත්තාර වී ගිය බඩඉරිඟු ගොවීන් ගැන කිසිවෙකුටමතක නැත. සේනා දළබු මර්දනයට රටින් ගෙන් වන්නට ගිය උගුල්වලට සිදුවන්නේ කුමක්දැයි අසන්නට කෙනෙක් හෝ රතන හිමිගේ තරලසාර ආශ්‍රිත දළඹු නාශකය ගැන සොයා බලන්නට හෝ කිසිවෙකු ඇත්තේ නැත. මේ මොහොතේ සියළු ජනමාධ්‍යවලත් පාර්ලිමේන්තුවෙත් පාරෙත් කඩපිලේත් , බස් රියේත් , දුම්රියේත් , පන්සලේත්, පල්ලියේත්…

දින 51 ආණ්ඩුව කළ රු.මි. 6000ක වංචාවක් හෙළිවෙයි

දින 51 ආණ්ඩුව කළ රු.මි. 6000ක වංචාවක් හෙළිවෙයි

ඔක්තෝම්බර් 26 වනදා සිට නිත්‍යානුකූලව බලයෙන් පහකරන තෙක් පැවති සිරිසේන – මහින්ද ආණ්ඩුව හා සම්බන්ධ වෙමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී. එම්. එස් බටගොඩ විසින් රුපියල් මිලියන 6000ක වටිනාකමකින් යුතු ගල් අඟුරු ආනයන ටෙන්ඩරයක් රාජපක්ෂ පවුලේ හිතවතෙකුට පිරිණැමීමට කටයුතු කර ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් 50%කට වැඩි ප්‍රමානයක්…

ජනපති සොයුරා යටතේ ටෙලිකොම් හූරංකෑම යමරෙට – සමන් ජයකොඩි

ජනපති සොයුරා යටතේ ටෙලිකොම් හූරංකෑම යමරෙට – සමන් ජයකොඩි

ශ‍්‍රී ලංකා ටෙලිකොම් යනු ලංකාවේ ප‍්‍රධාන විදුලි සංදේශ සැපයුම්කරුවා ය. වර්තමානය වන විට ටෙලිකොම් සම්පූර්ණ වශයෙන් රාජ්‍ය ආයතනයක් නොවේ. රජය ටෙලිකොම්හි පාලන බලය පවත්වාගෙන යාමට අවශ්‍ය සියයට 51ක කොටස් අයිතිය තමන් සතු කරගන්නේ ලංකා බැංකුවට හිමි ටෙලිකොම් කොටස් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයකට හිමි කොටස් ද එකතු කර ගනිමිනි. ටෙලිකොම්හි…

මිග් වංචාව ; උදයංගගේ මෙන්ම පවුලේ අයගේ ගිණුම්වලත් කෝටි ගණන් මුදල් !

මිග් වංචාව ; උදයංගගේ මෙන්ම පවුලේ අයගේ ගිණුම්වලත් කෝටි ගණන් මුදල් !

මිග් යානා වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ පමණක් නොව ඔහුගේ බිරිඳගේ, ඇගේ සොහොයුරාගේ සහ ඇගේ මවගේ නම් වලින් ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයක පවත්වාගෙන යන ගිණුම් කිහිපයකට විදේශ රටවල සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව අනාවරණය වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (16) අධිකරණයට දැනුම් දුන්නේය.   එම මුදල්…

මාධ්‍යවේදීන්ට වධ දීම ගැන විමර්ශන කළ පොලිස් පරීක්ෂක මාරු කරයි

මාධ්‍යවේදීන්ට වධ දීම ගැන විමර්ශන කළ පොලිස් පරීක්ෂක මාරු කරයි

සන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත   සිල්වා මහතා  වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. සේවයේ අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට  මීගමු කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු…

කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් ගෝඨාභයගේ සම්බන්ධයක් හෙළිවේ.

කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් ගෝඨාභයගේ සම්බන්ධයක් හෙළිවේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හා ආරක්ෂක ඇමැතිවරයාට ඍජුවම බැන ලිපියක් පලකල පසු දින තමා පැහැරගෙන ගිය බව මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පවසයි. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර ලෙස වධ හිංසා සිදු කළැයි කියන සිද්ධියට අදාළ නඩුව ඊයේ (20දා) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කීත් නොයාර් මහතාගෙන් ලබා ගත් ප්‍රකාශය ද සාරාංශයක් ලෙස…

පළමු විශේෂ මහාධිකරණය විවෘත කෙරේ – පළමු නඩුව ගාමිණී සෙනරත්ගේ

පළමු විශේෂ මහාධිකරණය විවෘත කෙරේ – පළමු නඩුව ගාමිණී සෙනරත්ගේ

රජයේ මුදල් අවභාවිත කරමින් මහා පරිමාණ වංචා දූෂණ සිදුකරන දේශපාලනඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු සැකකරුවන්ට එරෙහිව පැමිණිලි විභාග කෙරෙන ප්‍රථම ස්ථිර ත්‍රීපුද්ගල මහාධිකරණය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය ඊයේ (21) පෙරවරුවේ විවෘත කළාය. කොළඹ අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීති විද්‍යාලයට යාබද ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ ‍ස්ථිර ත්‍රීපුද්ගල මහාධීකරණයේ නාම පුවරුව නිරාවරණය කළ ඇමැතිවරිය…

උපයෝගිතා කොමිසම යට කරන්න හදන ලංවීමයේ වැඩට කෝප් කමිටුවේ විරෝධය

උපයෝගිතා කොමිසම යට කරන්න හදන ලංවීමයේ වැඩට කෝප් කමිටුවේ විරෝධය

මහජන උපයෝගිතා කොමිසමේ බලය බිදදමා එය තමන් කියනදේ අනුගමනය කරන ආයතනයක් බවට පත්කර ගැනීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ උත්සාහය කෝප් කමිටුවේ දෝෂ දර්ශනයට ලක්වී ඇතිබව වාර්තා වෙයි. ලංවීමය කරන අධිමිල විදුලි මිලදී ගැනීම් අනුමත නොකිරීම ඔවුන්ගේ මෙම හැසිරීමට හේතුවී ඇතිබවද කෝප් කමිටුවේ නිගමනය වී ඇත. ලංවීමයට අවශ්‍යව ඇත්තේ තමන් කියනදේ කරන පාලකයෙකු මහජන උපයෝගිතා කොමිසමට පත්කර…

විදුලි නිෂ්පාදනයේ ඒකාධිකාරය සදහා අංචි අදින විදුලි මාෆියාව – විශේෂ ලියුම්කරුවකු විසිනි
|

විදුලි නිෂ්පාදනයේ ඒකාධිකාරය සදහා අංචි අදින විදුලි මාෆියාව – විශේෂ ලියුම්කරුවකු විසිනි

විදුලි අර්බුද පිළිබඳ අනතුරු හැඟවීම් මෙරට ජනතාවට අලුත් ප්‍රවෘත්යක් නොවන තරමට මේ වන විට සාමාන්‍යකරණයට ලක්ව ඇත. එමෙන්ම ඒ සඳහා වන ක්ෂණික විසඳුම් ද මධ්‍යකාලීන හා දිගු කාලීන විසඳුම් ද බලධාරින් සහ අදාළ දේශපාලනයන් සතුව ඇති බව පෙනේ. අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන කැපවීම සහ අවශ්‍යතාව මේ වන විට රජය මගින්පෙන්නුම් කර දී ඇති වාතාවරණයක්…