ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා ?

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා ?

ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය ලබන සතිය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් එල් ඒ රත්නායක මහතා අද ප්‍රකාශ කළ අතර ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වෙනු ඇති බව දේශපාලන අංශ විශ්වාසය පළකරයි. ලබන සතිය තුළ, එනම් ජුලි 26 දාට පෙර ජනාධිපතිවරණ නිවේදනය නිකුත් කළහොත් මැතිවරණය සැප්තැම්බර් 26 දාට පෙර පවත්වා අවසන් කළ…

22 සංශෝධනය ජනාධිපතිවරණයෙන් පසුවට කල් දමයි

22 සංශෝධනය ජනාධිපතිවරණයෙන් පසුවට කල් දමයි

  විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි. ජනාධිපත්වරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පරස්පරතා ඉවත් කිරීම මෙම සංශෝධනයේ අරමුණ වී තිබිණි….

ජනාධිපති සටනට – රනිල් පිටියට – රටේ රාළ
|

ජනාධිපති සටනට – රනිල් පිටියට – රටේ රාළ

ජනාධිපතිවරණය තවම ප්‍රකාශයට පත්කරලා නෑ.ඒත් ප්‍රකාශ නොකල ජනාධිපතිවරණයක් වෙනුවෙන් මහ සටනක් පොලොවේ තියනවා.ඒ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා නැතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ ගණනාවක් ground කැම්පේන් කරන හින්දයි.දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරපු අපේක්ෂකයන් කීපදෙනෙක් ඉන්නවා.සජිත්,අනුර,දිලිත්,විජේදාස ඒ අතරින් ප්‍රධානයි. මේ හතර දෙනා සලකද්දී අනුර සහ සජිත් එක bunch එකක් විදිහට ගන්න පුළුවන්.සජිත්,අනුර ඉන්න bunch එක…

ජනාධිපතිවරණ දිනය – ඉකොනොමැට්ටා
|

ජනාධිපතිවරණ දිනය – ඉකොනොමැට්ටා

මේ අවුරුද්දේ ඇමරිකාවේ වගේම ලංකාවේත් ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 අඟහරුවාදා. මේ දිනය ඇමරිකන් නීතියෙන් නිශ්චය වී තිබෙන දිනයක්. ඒ නිසා, කිසියම් බලධාරියෙකුට ඒ දිනය තීරණය කිරීමේ හැකියාවක් නැහැ. ලංකාවේ නීතියෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය ඇමරිකාවේ වගේ හරියටම තීරණය වී නැහැ. එම දිනය තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසම සතුවයි. නමුත් ජනාධිපතිවරණය…

ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානයෙන් යෝධ පිම්මක් – රටේ රාළ
|

ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානයෙන් යෝධ පිම්මක් – රටේ රාළ

ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් රැළිය පහුගිය 14 වෙනිදා විල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.රැළියේ සංවිධානය කටයුතු සහ පිරිස් සහභාගීත්වය සම්පුර්ණයෙන්ම බාර අරගෙන තිබුණේ නිමල් සිරිපාල සහ චාමර සම්පත්.රැලියට එයා ලොකු බරක් දාලා තිබුණ බව පෙනුනා.ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානය නිර්මාණය උනාට පස්සේ එයාලා පවත්වපු තුන් වෙනි රැලිය ඒක. ඒ වගේම සාර්ථකම රැළියත් ඒක.15000 කට…

බැංකොක් සවාරියක් යමුද? – ඉකොනොමැට්ටා
| |

බැංකොක් සවාරියක් යමුද? – ඉකොනොමැට්ටා

ලංකාවේ ජීවත් වන වත්පොත් මිතුරන් ගණනාවක් විදේශ සංචාර වල ඡායාරූප පළ කර තිබෙනු නිරීක්ෂණය කළ හැකි වුනා. ලාංකිකයින්ගේ විදේශ සංචාර වලින් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය නැවත පෙර පැවති මට්ටම කරා පැමිණෙමින් තිබෙන බව. වසංගතය නිසා ලෝකයේම සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමක් වුනා. දැන් එය නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. කොරේ පිටට මරේ වගේ වසංගතය ඉවර…

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 !

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 !

මැතිවරණ කොමිසමේ සභාපත ආර් එම් එල් ඒ රත්නායක මහතා අද මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට අනුව මේ මස අවසානයට පෙර නාම යෝජනා කැඳවන්නේ නම්, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 යන දින දෙකෙන් ඒකක පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. නාමයෝජනා භාරගන්නේ මැතිවරණය කැඳවීමේ දැන්වීමෙන් ඩි 16 ක්…

පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ කීම බොරුවක් ; කිසි දිනෙක 12,000 කට වඩා අඳුරේ නැහැ – ඇමති කංචන විජේසේකර

පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ කීම බොරුවක් ; කිසි දිනෙක 12,000 කට වඩා අඳුරේ නැහැ – ඇමති කංචන විජේසේකර

විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ යැයි සමහරු ප්‍රචාරය කරන්නේ විසන්ධි කළ සම්බන්ධතා නැවත ලබා දී ඇති බව සැලකිල්ලට නොගෙන බවත්, පැය ගණනක දී හෝ දින කිහිපයක් තුළ හිග මුදල් ගෙවා  සම්බන්ධතා නැවත ලබාගන්නා බවත්, ඕනෑම දිනක විසන්ධි වී ඇති සඛ්‍යාව 12,000 ක් පමණ බවත් විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය…

ජනාධිපතිවරණය 2024: මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම මේ මස අවසානයට පෙර

ජනාධිපතිවරණය 2024: මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම මේ මස අවසානයට පෙර

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අද (ජුලි 16 වැනිදා) ප්‍රකාශ කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව සහ සිවිල් සංවිධාන අතර විශේෂ උනන්දුවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය. 2024…

අනුර කුමාර පෙන්වූ දුෂණ ෆයිල් 400 ඔරිජිනල් තියෙන්නේ මා ළඟයි ; 360 කින් ම වැඩක් නැහැ – ජනාධිපති
|

අනුර කුමාර පෙන්වූ දුෂණ ෆයිල් 400 ඔරිජිනල් තියෙන්නේ මා ළඟයි ; 360 කින් ම වැඩක් නැහැ – ජනාධිපති

අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යයට දුෂණ ෆයිල් ලෙස පෙන්වුයේ කොපි බවත්,ඒවායේ මුල් පිටපත් තිබෙන්නේ තමා ළඟ බවත්, එයින් 360 ක් ම වැඩකට නැති බවත් , නඩු පවරා ඇත්තේ 40 කට බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම දුෂණ පරීක්ෂණ භාරව සිටි ආනන්ද විජේපාල මහතා සහ නීතිඥ කණ්ඩායම් ෆයිල් 400 පරීක්ෂා කොට 40 කට නඩු…

විදුලි බිල හෙට සිට 22.5 % කින් පහළට

විදුලි බිල හෙට සිට 22.5 % කින් පහළට

මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කළේය. . ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු වනු…

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නවතී

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නවතී

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දියත් කර තිබූ වැඩවර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය. විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් දින 75ක් පුරා වැඩවර්ජනයේ නිරතව සිටියේය. අද දෙරණ