රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..
|

රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..

මෙම වසරේ ඉදිරි කාලසීමාවට අවශ්‍ය ප්‍රතිපාදන රජය සතු බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. නව මුදල් අමාත්‍යවරයා පත් වූ පසු ඉදිරි කාලය තුළ ලබන වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම කියා සිටියි. ඉදිරි කාල සීමාවටද අවශ්‍ය ඉන්ධන හා ගෑස් ඇනැවුම් කර ඇති බවත්…

පොහොර සහනාධාරය ඉහළට

පොහොර සහනාධාරය ඉහළට

ගොවින් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය එළඹෙන මහ කන්නයේ සිට ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත. එය අනුව දැනට හෙක්ටයාරකට ලබා දෙන රුපියල් 15,000ක මුදල රුපියල් 25,000 තෙක් ඉහළ නැංවීමට නියමිතය.

පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14

පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය. මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය. නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව…

2024 ජනාධිපතිවරණයේදී ජනතාව කියාදුන් පාඩම – රටේ රාළ
|

2024 ජනාධිපතිවරණයේදී ජනතාව කියාදුන් පාඩම – රටේ රාළ

දැන් සේරටම ඉස්සෙල්ලා ජනාධිපතිවරණයේදී මොකද උනේ කියන ප්‍රශ්නය අපි බේරගන්න ඕනි. දැන් නව ජනාධිපතිවරයා විදිහට අනුර කුමාර පත්වෙලා දිවුරුම් දීලත් ඉවරයි.මෙතනින් එහාට රට මෙහෙයවීමේ වගකීම තියෙන්නේ අනුරට.දැනටමත් එයාලට ගහපු කයිවාරු දේශපාලනය අර්බුදයට ගිහිල්ලා.විවේචනවලින් විතරක් රට හදන්න බෑ කියන එක තව බොහොම කෙටි කාලෙකින් තේරෙයි. මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත් වුනා.ඒ 39 දෙනාගෙන් අති බහුතරය…

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද  (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍යධූර පහත පරිදි වේ.  ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යට‌තේ 01ආරක්ෂක 02මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක 03 බලශක්ති 04 කෘෂිකර්ම, ඉඩම්,…

නව ඇගමැති ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

නව ඇගමැති ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙයි. ලංකාවේ අගමැති ධුරයට පත්වූ තෙවැනි කාන්තාව ඇයයි. ඒ අනුව කාන්තාවක් මෙරට අගමැති ධුරයට පත්වන්නේ වසර වසර 24කට පසුවයි. ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2019 මහ මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගය නියෝජනය කරමිනි. ඒ ජාතික ජන…

අගමැති අපේක්ෂක මමයි ; රනිල් සමග සන්ධානයක් නැහැ – සජිත් ප්‍රේමදාස

අගමැති අපේක්ෂක මමයි ; රනිල් සමග සන්ධානයක් නැහැ – සජිත් ප්‍රේමදාස

ඉදිරි මහ මැතිවරණයේ සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමන් බවත් ඒ සම්බන්ධ යෝජනාව පක්ෂ රැස්වීමේ දී ඒකමතිකව සම්මත වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එමෙන්ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග කිසිදු එක්වීමක් සිදු නොවන බව ඔහු ප්‍රකාශ…

ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල මහතා පත් කෙරේ

ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල මහතා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. යහපාලන ආණ්ඩු සමයේ දුෂණ විමර්ශන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ  ආනන්ද විජේපාල මහතා ය .

ආචාර්‌ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ධුරයට

ආචාර්‌ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ධුරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්‌ය නන්දික සනත් කුමානායක පත් කර ඇත. ආචාර්‌ය නන්දික සනත් කුමානායක සංර්වධන ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී.  (Phd) උපාධිධාරියෙක් වන අතර, ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස ද කටයුතු කර ඇත. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.

අපි හැමෝම සහෝදරයන් සහෝදරියන් වුනු ඉදිරි වසර පහක කාලය සතුටින් විඳිමු – චින්තන ධර්මදාස

අපි හැමෝම සහෝදරයන් සහෝදරියන් වුනු ඉදිරි වසර පහක කාලය සතුටින් විඳිමු – චින්තන ධර්මදාස

රනිල් වික්‍රමසිංහ කියන්නෙ කොයිතරම් අඩුපාඩු මැද වුනත් පැරණි දේශපාලනයේ මම ගරු කරන චරිත දෙකෙන් එකක්. දෙවැන්නා මහින්ද රාජපක්ෂ.රනිල්ගේ දක්ෂතාවයන්ගෙන් වගේම දුර්වලතාවයන්ගෙනුත් මං ‍ඉගෙන ගන්නවා. මහින්ද ඉන්නෙ මගේ මතවාදී කඳවුරේ නෙමෙයි. හැබැයි ප්‍රතිවාදියෙක් හැටියට මං වැඩියෙන්ම ඉගෙන ගත්තෙ මහින්දගෙන්. අනුරට මං දැකපු ඉලක්කම් හැටියට 42%ක් චන්ද ලැබිලා තියෙනවා. සජිත්ට 32%යි. රනිල්ට 17%යි. ඒ අනුව අනුර කුමාර…

නවවන ජනපතිට සුබ පැතුම්! – ඉකොනොමැට්ටා
| |

නවවන ජනපතිට සුබ පැතුම්! – ඉකොනොමැට්ටා

මේ වන විට ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල නිකුත් වී අවසන්. රටේ ව්‍යවස්ථා නීතිය අනුව එම ධුරයට තේරී පත්ව සිටින්නේ අනුර කුමාර දිසානායකයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ ශක්තිය ලොවට පෙන්වමින් තවත් වරක් ඉතා සුමට බල හුවමාරුවක් සිදු වෙමින් පවතිනවා. අනුර කුමාර දිසානායක මෙම ජනාධිපතිවරණ තරඟය ජය ගන්නේ ඉතා අසීරු හා තියුණු සටනකින් පසුවයි. මෙහිදී ඔහුගේ කඳවුර විසින්…

රනිල් අලියා පිටේ නැගී මහා මැතිවරණයට !

රනිල් අලියා පිටේ නැගී මහා මැතිවරණයට !

මහ මැතිවරණයට අලියා ලකුණෙන් ඉදිරිපත් වීමට සුදානම් වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ කළමනාකරණ කමිටුවට ඊයේ (22) දැනුම් දී ඇත. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ හදිසි සාකච්ජාවක් කැඳවා ඇති අතර එහිදී  මෙම උපදෙස් ලබා දී තිබේ. දිවයිනේ සැම දිස්ත්‍රික්කයක් සඳහාම නාම යෝජනා සකස් කිරීමේ…