දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් බලාපොරොත්තු වීම සිහිනයක් – දෙමළ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්

දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් බලාපොරොත්තු වීම සිහිනයක් – දෙමළ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්

දෙමළ ජාතික සන්ධානයේ සහය තමන්ට ලැබෙනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා සිතා සිටීම සිහිනයක් පමණක් බවත්, එලෙස කිසිවකුට සහය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට නැති බවත්, එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා අද ප්‍රකාශ කළේය. පක්ෂයේ ජේෂ්ට නායක ආර් සම්බන්ධන් මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේ…

ජවිපෙ මාලිමා අර්බුදය තවත් අදියරකට – රටේ රාළ
|

ජවිපෙ මාලිමා අර්බුදය තවත් අදියරකට – රටේ රාළ

මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුදය ගැන රටේ රාළ අවස්ථා කීපයකදී කතා කළා.එතනදී මාලිමාවේ බලවේග අතර නිර්මාණය වෙලා තිබෙන ප්‍රතිවිරෝධයේ ස්වභාවය ගිය 30 වෙනිදායින් අවසන් උන ගෙන්ගෙට යාමේ වැඩපිලිවෙල අසාර්ථක වීමෙන් හොඳටම පෙනුනා.ඒක කොච්චර අසාර්ථකද කියනවා නම් සමහර පැතතිවල ඒ වැඩපිලිවෙල පටන් ගන්නවත් බැරිවුනා. අන්තිමට එහෙම කැන්වසින් එකක් පටන් ගත්තේ නෑ කියලා සමහර ජේවීපී…

ජනාධිපතිතුමා ගංවතුර චක්‍රලේඛය වෙනස් කළේ මගේ ඉල්ලීමට – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්

ජනාධිපතිතුමා ගංවතුර චක්‍රලේඛය වෙනස් කළේ මගේ ඉල්ලීමට – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්

ගංවතුරෙන් විපතට පත්ව නිවාසවල රැකවරණ ලැබූ පිරිසට ද සහනාධාර හිමිවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  චක්‍රලේඛයක් නිකුත් කළේ තමන්ගේ ඉල්ලීමකට අනුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මීට පෙර පැවති ක්‍රමවේදය වුයේ අවතැන් වී කඳවුරු වෙත පැමිණෙන පිරිසට පමණක් සහනාධාර ලබා දීම යි. එසේ වුවත් මෙවර…

ඩොප්ලර් රේඩාර් කතා වස්තුව – අජිත් පැරකුම් ජයසිංහ
|

ඩොප්ලර් රේඩාර් කතා වස්තුව – අජිත් පැරකුම් ජයසිංහ

‍2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා. අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී…

විදුලිබල පනතට ශ්‍රේෂ්ටාධිකරණයෙන් සංශෝධන

විදුලිබල පනතට ශ්‍රේෂ්ටාධිකරණයෙන් සංශෝධන

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නව විදුලිබල පනතට ශේෂ්ටාධිකරණය නියම කොට ඇති සංශෝධන කළහොත් එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් සම්මත කළ හැකි බව ශේෂ්ටාධිකරණය තීන්දු කොට ඇත. පනත සංශෝධන රහිතව සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බව ශේෂ්ටාධිකරණ තීන්දුවේ සඳහන් වෙයි. ශේෂ්ටාධිකරණයේ එම තීන්දුව කතානායක තුමා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබී…

ගෑස් මිල පහළට

ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  අඩු කිරීමට  ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත. නව මිළ ගණන් අනුව  කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525ක් වෙයි…

එජාපයෙන් මැතිවරණයට නව නිලධාරී මණ්ඩලයක්

එජාපයෙන් මැතිවරණයට නව නිලධාරී මණ්ඩලයක්

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක්  පත් කරගනු ලැබීය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය. එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ගනු ලැබූ අතර ජාතික මැතිවරණ ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා…

ශ්‍රී ලංකාව ගැන මුල්‍ය අරමුදලේ තීරණය 12 දා
|

ශ්‍රී ලංකාව ගැන මුල්‍ය අරමුදලේ තීරණය 12 දා

ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත. මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායේ ප්‍රගතිය ඇගැයීමට ලක් කෙරෙනු ඇති බව අමාත්‍යවරයා…

|

පොලී අනුපාතික සහ උද්ධමන අපේක්ෂාව – ඉකොනොමැට්ටා

ඉතිරි කරන්නන් සහ ණය ගන්නන් අතර සිදුවන ගනුදෙනු තුලනය වීම හරහා වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන ආකාරය කලින් සටහනෙන් පැහැදිලි කළා. ඒ වගේම, අයවැය හිඟය පියවා ගැනීම පිණිස රජය ඔය ණය වෙළඳපොළට ඇතුළු වූ විට වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන ආකාරයත් පෙන්වා දුන්නා. ඔය ආකාරයට තීරණය වන ලංකාවේ පොලී අනුපාතික, දිගුකාලීනව බැලුවොත්, 10%කට ආසන්න මට්ටමකයි…

ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති
|

ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ලෝකයේ අංක එකේ ව්‍යාපාරිකය ලෙස සැලකෙන ඉලෝන් මසක් ජාවරම්කාරයෙක් බව සහ ආර්ථික ඝාතකයෙක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සහ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ ශ්‍රී ලංකාව වැනි රටකට ආයෝජන සඳහා පැමිණෙන්නේ ජාවාරම්කරයින් සහ ආර්ථික ඝාතකයින් පමණක් බවයි. ඒ…

විදේශ වෙළෙඳාමෙන් අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 579 ක අතිරික්තයක්
|

විදේශ වෙළෙඳාමෙන් අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 579 ක අතිරික්තයක්

වෙළඳ භාණ්ඩ අපනයන, ප්‍රේෂණ, සංචාරක සහ වෙනත් සේවා වලින් ශ්‍රී ලංකාවේ  ඉපැයීම 2024 අප්‍රේල් මාසයේදී අපනයන වියදම් ඉක්මවා ඇමරිකානු ඩොලර් මිලියන 579 අතිරික්තයක් වාර්තා කොට ඇති බව නිල දත්ත මගින් තහවුරු වෙයි.. සාමාන්‍යයෙන් සියයට 20 ක පසුබෑමක් ඇති නිවාඩු මාසයක් වන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ දෘඩ වෙළෙඳ භාණ්ඩ අපනයනය  ඇමරිකානු ඩොලර් මිලියන 877.6 ක් වූ…