පොලී අනුපාතික සහ උද්ධමන අපේක්ෂාව – ඉකොනොමැට්ටා
ඉතිරි කරන්නන් සහ ණය ගන්නන් අතර සිදුවන ගනුදෙනු තුලනය වීම හරහා වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන ආකාරය කලින් සටහනෙන් පැහැදිලි කළා. ඒ වගේම, අයවැය හිඟය පියවා ගැනීම පිණිස රජය ඔය ණය වෙළඳපොළට ඇතුළු වූ විට වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන ආකාරයත් පෙන්වා දුන්නා. ඔය ආකාරයට තීරණය වන ලංකාවේ පොලී අනුපාතික, දිගුකාලීනව බැලුවොත්, 10%කට ආසන්න මට්ටමකයි…