රටෙන් තුනෙන් එකක් තවමත් අතීරණයකද?
|

රටෙන් තුනෙන් එකක් තවමත් අතීරණයකද?

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් විවෘතය. මෙහිදී අසා තිබෙන ප්‍රශ්නය වන්නේ ඔබගේ සමීප පවුලේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සමත් කවුරුන්ද යන්නයි. තවමත් වැඩිදෙනෙකු සිතන්නේ කිසිදු නායකයකු ඒ සඳහා නුසුදුසු බවයි. මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන නායකයන් අතරින් මහජන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් තවමත් වැඩි…

රනිල් හැර විකල්ප තිබේද? – රටේ රාළ
|

රනිල් හැර විකල්ප තිබේද? – රටේ රාළ

රටේ රාළ කිව්ව විදිහට ගිය 15 වෙනිදා ජනාධිපතිවරණ සටනේ එක අදියරක් අවසන් වුනා. ඒ මැතිවරණය ප්‍රකාශයට පත්කරලා නාමයෝජනා බාර අරගෙන අවසන් වීම දක්වා කාලපරිච්ඡේදයයි. දැන් නීත්‍යානුකූලව අපේක්ෂකයන් නම් වෙලා ඉවරයි.මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් තරඟ කරනවා.ඒක ලොකු ලයිස්තුවක්.මේ ලයිස්තුව ඇතුලේ අපේක්ෂකයින්ට වඩා ඉන්නේ සපෝටර්ස්ලා.ඒත් දැන් සියලු දෙනාම නීත්‍යානුකූල අපේක්ෂකයෝ. මෙතන ඉඳන් ඉස්සරහට තවත් තීරණාත්මක කාලපරිච්ඡේද…

නිදහසින් පසු රට බිඳ වැටුණු කතාව බේගලයකටත් එහා ගිය එකක්! – මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
|

නිදහසින් පසු රට බිඳ වැටුණු කතාව බේගලයකටත් එහා ගිය එකක්! – මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

නිදහසින් පසු ගත වූ වසර හැත්තෑ හය තුළ මෙරට පාලනය කළ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් දිගින් දිගටම මෙරට ජාතික ධනය සූරාකෑම ඇතුළු අනේක විධ අවභාවිතාවන් හි යෙදීම හේතු කොට ගෙන මේ වන විට ශ්‍රී ලාංකේය ජනතාව සමාජ, ආර්ථික වශයෙන් බරපතල බිඳවැටීමකට පත්ව ඇතැයි යන මතයක් සමාජය පුරා පැතිර යමින් තිබේ. මෙම අදහස නැවත නැවතත්…

මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානාගේ සහායත් ජනපතිට

මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානාගේ සහායත් ජනපතිට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කළේය. ඒ, කොළඹ මල් පාර් පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුවය.

බඩගින්න ලේ රහ ද?  – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

බඩගින්න ලේ රහ ද?  – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

බංගලිදේශ් ඛේදවාචකයෙන් උද්දාමයට පත් ලාල්කාන්තලාගේ හැසිරීම විප්ලවයේ ලේ රහට ඇති කෑදරකම අලුත් කිරිමකි. බංගලාදේශ් විනාසය ශ්‍රී ලංකාවේත් සිදු කිරීමට තමන් ගත් උත්සාහය අසාර්ථක වුණේ ලාල්කාන්තට අනුව ගෝල්පේස් අරගල කරුවන් සහාය නො ලැබීම ය.   2022 මැයි 9 අප්‍රේල් අරගලය පෙළ ගැසුණේ රටට පුද්ගලයෙක් වෙනුවට ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙනි. 2022 මැයි 9 වෙනිදාත් පාරේ මිනිසුන් ඝාතනය…

13 සංශොධනය ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දෙන්න – ටී එන් ඒ, සජිත්ට කියයි

13 සංශොධනය ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දෙන්න – ටී එන් ඒ, සජිත්ට කියයි

  ජනාධිපතිවරණයෙන් තමා ජයගතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රීයාත්මක කරන බවට සජිත් ප්‍රෙමදාස මහතා පසුගියදා යාපනයේ දී කළ ප්‍රකාශය තම මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කොට ඉදිරිපත් කරන ලෙස දෙමළ ජාතික සංධානය සජිත් ප්‍රෙමදාස මහතාගෙන් ඉල්ලා ඇති බව තතු දත් දෙශපාලන අංශ ප්‍රකාශ කරයි. තමන් සහය දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න තීරණය කරන්නේ සියලු පක්ෂවල මැතිවරණ…

රනිල්ට සහාය පළ කරමින් පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කරයි

රනිල්ට සහාය පළ කරමින් පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර ඇත. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තබා ඇත.

මේ පාරත් අපි බොරු කළොත් රටක් විදිහට ලොකු අමාරුවක වැටෙනවා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා
| |

මේ පාරත් අපි බොරු කළොත් රටක් විදිහට ලොකු අමාරුවක වැටෙනවා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා

– පවතින්නේ නව ලිබරල් ආර්ථිකයක් ගැන විශ්වාසයක් තියෙන රජයක් – IMF කොන්දේසි වෙනස් කරන්න ගියොත් විහිළුවක් වෙනවා – ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට හොඳ පාඩමක් මේ මැතිවරණයේ ඉගෙන ගන්න පුළුවන් – මේ වෙලාවේ වෙන විකල්ප නැහැ රටක ස්ථාවරභාවය රැඳී පවතින ප්‍රධාන සාධකයක් ලෙස ශක්තිමත් පාලන තන්ත්‍රයක් ඒ රට තුළ ක්‍රියාත්මක වීම පෙන්වා දිය හැකිය. මෙහිදී රාජ්‍යයක් දුර්වල නම් එම රටේ අන්තවාදී කණ්ඩායම්වල…

කුමාර වෙල්ගම , ඒ.එච්.එම් ෆවුසි රනිල්ට එක්වෙති

කුමාර වෙල්ගම , ඒ.එච්.එම් ෆවුසි රනිල්ට එක්වෙති

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ ඒ.එච්.එම් ෆවුසි මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. කුමාර වෙල්ගම මහතාගේ නව ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගයේ සාමාජික පක්ෂයක් ලෙස කටයුතු කළේය‍. සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා…

ගෑස් සිලින්ඩරයක් කතා කරයි – රටේ රාළ
|

ගෑස් සිලින්ඩරයක් කතා කරයි – රටේ රාළ

. ජනාධිපතිවරණ සටනේ රනිල්ට ලැබිලා තියන ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය.මැතිවරණ කොමිසමේ ලියාපදිංචි ලකුණු අතරින් රනිල් තෝරගෙන තියෙන්නේ ගෑස් සිලින්ඩරය.ගෑස් සිලින්ඩරය වගේ ලකුණ ලැබීමේ ප්‍රබල වාසියක් මෙතනදී රනිල් තියනවා.සජිත් තරඟ කරන්නේ දුරකතනයෙන්. දුරකතනය කිව්වට එක land phone එකක්.රනිල් ඒකට කිව්වේ කරකවන එකක් කියලා.දැන් තියෙන්නේ කරකවන ඒවා නෙවෙයි ඔබන ඒවා කියලත් රනිල් කිව්වා. රනිල් කියන්නේ smart phone…

මුජිබූර් රහ්මන් – දෙවන වරට ඝාතනය වීමෙන් පසු – ඉකොනොමැට්ටා
|

මුජිබූර් රහ්මන් – දෙවන වරට ඝාතනය වීමෙන් පසු – ඉකොනොමැට්ටා

නූතන බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන බංගබොන්ධු ෂේක් මුජිබූර් රහ්මන් ඇතුළු පවුලේ සාමාජිකයින්ව ඝාතනය වූයේ අදට වසර 49කට පෙර 1975 අගෝස්තු 15 දිනයි. පසුගිය වසර තෙක් වසර ගණනාවක්ම මෙම අගෝස්තු 15 දිනය බංග්ලාදේශයේ ජාතික ශෝක දිනයක් හා රජයේ නිවාඩු දිනයක්ව පැවතුනා. එහෙත්, මෙම වසරේදී බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් අගෝස්තු 15 නිවාඩුව අවලංගු කළා. බංගබොන්ධු මුජිබර් රහ්මන්…

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත. මුදල්…