පාස්කු ප්රහාරය හා ජවිපෙ – අජිත් පැරකුම් ජයසිංහ
පාස්කු ප්රහාරය තව කෙතරම් හාරා පෙරළුවත්, එය සම්බන්ධ අමුතු මහ මොළ සොයාගැනීමට නොලැබේ. හේතුව, එය මහ මොළකරුවන්ම සැලසුම් කර, සංවිධානය කර, මරාගෙන මැරෙමින් එල්ල කළ ප්රහාරයක් නිසාය. ත්රස්තවාදය තුළ මෙවැනි දේ සිදුවිය හැකි අතර, එයට පටහැනි සාක්ෂි කිසිවක් මෙතෙක් සොයාගෙන නැත. තිබෙන්නේ සාක්ෂි නොමැති අනුමාන සහ ප්රබන්ධ රැසකි. එවැනි ප්රබන්ධ තව තවත් නිර්මාණය කළ හැකිය….