උපකල්පන වෙනස් වී ඇති ආකාරය – ඉකොනොමැට්ටා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම
පෙර ලිපියෙහි විස්තර කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය ප්‍රයෝජනයට ගැනීමේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කර ඒ මත පදනම්ව නිගමන වලට එළැඹෙන්නට සිදු වෙනවා. සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කරන්නේ ඒ වන විට තිබෙන දත්ත මත පදනම්ව, පුරෝකථන ආකෘති යොදා ගනිමින් සාදාගන්නා ඇස්තමේන්තු මතයි. අලුත් දත්ත එකතු වෙද්දී මෙම ඇස්තමේන්තු…