එජාප නායකයෝ මැයි දින වේදිකාවේ නිර්පාක්ෂික වෙති !
|

එජාප නායකයෝ මැයි දින වේදිකාවේ නිර්පාක්ෂික වෙති !

  නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය තරග කිරීමට තීරණය කොට ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිලිබඳ සඥාවක් ලබා දීමට මැයි දින වේදිකාව යොදාගෙන තිබු බවක් පෙනෙන්නට තිබිණි. තම පක්ෂයේ සුපුරුදු කොළ පැහැය අතහැර පක්ෂයේ නායකයෝ සුදු ඇඳුමින් සැරසී මැයි දින වේදිකාවේ පෙනී සිටියෝ ය. සියලු නායකයින් සුදු ඇඳුමින් සැරසී සිටීම කැපී පෙනෙන සිදුවීමක් වී…

රනිල් සජිත්ට සහ අනුරට කළ හදියක් – රටේ රාළ
|

රනිල් සජිත්ට සහ අනුරට කළ හදියක් – රටේ රාළ

අද 2024/05/01 දා.ජාත්‍යන්තර කම්කරු දිනය අදයි.ලෝකය පුරා ශිෂඨ ජාතීන් බොහෝමයක් අද ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා.1886 මැයි 01 දා ඇමරිකාවේ චිකාගෝ නුවර වැඩකරන ජනතාව කම්කරු අයිතින් වෙනුවෙන් කළ සටනකින් ජාත්‍යන්තර කම්කරු දිනය නිර්මාණය වීමට පදනම වැටුනා. 1886 මැයි ආරම්භ උන ඇමරිකාවේ කම්කරුවන්ගේ සටන් රැල්ල දැවැන්ත ඛේදවාචකයකින් කෙලවර උනත් එයාලා කරපු කැපකිරීම් ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයක ආරම්භය සනිටුහන්…

ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පංගු – ඉකොනොමැට්ටා
|

ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පංගු – ඉකොනොමැට්ටා

පසුගිය 2023 වසරේදී ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 27,360.9ක්. දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එම වසර තුළ ඇමරිකාවේ සිදු වූ මුළු භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම. මෙම අගය ඇස්තමේන්තු කරන්නේ නිෂ්පාදනයේදී යොදා ගත් අමුද්‍රව්‍ය වල වෙළඳපොළ අගය අඩු කරලා. ඒ කියන්නේ වසර තුළ ශුද්ධ වශයෙන් සිදු වූ අගය එකතු වීම. දළ දේශීය නිෂ්පාදිතය…

රාජිත-තලතා SJB මැයි රැළියට නොපැමිණේ

රාජිත-තලතා SJB මැයි රැළියට නොපැමිණේ

සමගි ජන බලවේග විසින් අද පවත්වන ලද මැයි රැළිය සඳහා එම පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙකු සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය. රාජිත සේනාරත්න තලතා අතුකෝරළ යන එම පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වී සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාද ඒ සඳහා  නොපැමිණියේය. lanka C news

වතු සේවක දෛනික වැටුප රු.1700 දක්වා ඉහලට – රනිල් කියයි – ගැසට් නිවේදනය නිකුත් කරයි

වතු සේවක දෛනික වැටුප රු.1700 දක්වා ඉහලට – රනිල් කියයි – ගැසට් නිවේදනය නිකුත් කරයි

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඔහු එබව ප්‍රකාශයට පත්කර සිටියේ, අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමිනි. ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්..

කල්ට් සහ පක්ෂ – චින්තන ධර්මදාස
|

කල්ට් සහ පක්ෂ – චින්තන ධර්මදාස

කල්ට් කියන්නෙ පොඩි කණ්ඩායම්. ඒවා ආගමික විදිහට බැඳිලා තියෙන්නෙ. ඒ හින්ද ඒවායෙ අභ්‍යන්තර නීති තදයි. මධ්‍යගතයි. චරිතයක්‍ හෝ අයිඩියොලෙජියක් වටේටයි හැම දෙයක්ම සිද්ද වෙන්නෙ. කල්ට් ස්වරූපයේ හැටියක් තමයි අන්තවාදී ස්වරූපයක් දරන එක. පරම දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා. උදා විදිහට විශ්ව විද්‍යාල ප්‍රජාව කියන්නෙ කල්ට් එකක්. ඒක ඇතුලෙ සිගරට් බොන්න බෑ. කොට කලිසම් අඳින්න බෑ වගේ…

පොහොට්ටු මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි..
|

පොහොට්ටු මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි..

 ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරයි. ඔහු අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සිය ආධාරකරුවන් සමග වැල්ලවායේ සිට කොළඹ බලා පිටත්ව එයි. lanka C news

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි
|

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි

මහ බැංකුව  පවත් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී  සියලු කාණ්ඩවල පොලී අනුපාත තව දුරටත්  පහත වැටුණු අතර, මාස 3ක බිල්පත් සඳහා පොලිය පදනම් ලකුණු 29 කින් පහළ ගොස් සියයට 9.61  ක් ලෙස සටහන් වූ  බව රාජ්‍ය ණය කාර්යාලයේ දත්ත පෙන්වා දෙයි. වෙන්දේසියට  ඉදිරිපත් කරන ලද මාස තුනේ බිල්පත් රුපියල් බිලියන 25 ක් වූ සියල්ල විකුණා ඇත….

එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි.. වජිර රියදුරු කුටියේ..
|

එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි.. වජිර රියදුරු කුටියේ..

2024 මැයි දිනය  ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.  ශ්‍රී ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම…

තෙල් මිල දැනෙන්නම අඩු වෙයි – ඩීසල්-භූමිතෙල් රු.30කින් පෙට්ට්‍රල් 95 රු.20කින්-පෙට්ට්‍රල් 92 රු.3කින්

තෙල් මිල දැනෙන්නම අඩු වෙයි – ඩීසල්-භූමිතෙල් රු.30කින් පෙට්ට්‍රල් 95 රු.20කින්-පෙට්ට්‍රල් 92 රු.3කින්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල දර්ශනය මෙසේය. ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 371ක්ව පැවැති අතර එහි මිල රුපියල් තුනකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 368කි. ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 440ක්ව පැවැති…

මැයි රැලිවලට එන්න ලංගම බස් 1500 ක් අරන්

මැයි රැලිවලට එන්න ලංගම බස් 1500 ක් අරන්

පෞද්ගලික බස් සහ විශේෂ දුම්රියත් වෙන් කරගෙන : මැයි රැලි සඳහා පැමිණෙන පිරිසගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංගම බස් රථ 1500 ක් පමණ දේශපාලන පක්ෂ විසින් වෙන් කරගනු ලැබ ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය මෙලෙස බස් රථ වෙන්…

ජනපති මැයි රැලි දෙකක

ජනපති මැයි රැලි දෙකක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි. කොටගල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වතු කම්කරු ජනතාවගේ මැයි දින රැළියට හෙට පෙරවරුවේ සහභාගී වන ජනාධිපතිවරයා අනතුරුව කොළඹ මාලිගාවත්තේ දී හෙට පස්වරු දෙකට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වෙයි. වතු කම්කරුවන්ගේ මැයි දින රැලියේදී ජනාධිපතිවරයා වතු කම්කරු වැටුප් වැඩිවීම…