අයථා ක්‍රම මඟින් උපයාගත් දේපළ රාජසන්තක කරන නීතියට කැබිනට් අනුමැතිය ලැබුණා – අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ
කවරකු සතුව හෝ කොමිස්, පගා, වංචා, දූෂණ මෙන්ම අල්ලස් මඟින් උපයාගත් දේපළක් ඇත්නම් ඒ රාජසන්තක කිරීමට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ බව පැවසුවේ මහනුවරදී ඊයේ (26) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. කැබිනට් මණ්ඩලය…