සේකත ටයිටස් ස්වර්ගස්ථ වෙයි

ඔක්තෝබර්

29

12:06 ප.ව.

admin

දක්ෂ රංඟන ශිල්පියෙකු මෙන්ම පුවත් පත්කතුවරයෙකුද වන සේනක ටයියස් මහතා  සිංගප්පූර් රෝහලකදි ස්වර්ගස්ථ විය. සේනක ටයිටස් ප්‍රතිභාපූර්ණ රංඟන ශිල්පි චිත්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනී ගේ සොහොයුරෙකි.

මල්ටි පැක්ස් ආයතනයේ නිකුත් වූ ළමා හා විශේෂාංග පුවත් පත් රැසක උප කර්තෘ වරයෙකු වශයෙන් කටයුතු කළ සේනක ටයිටස් ළමා පුවත්පත් සංස්කරණයෙහි ලා විශේෂ සමත්කම් දැක්වූවෙකි.  ඇපා ප්‍රකාශන සමාගම ප්‍රකාශයට පත් කළ කැකුළු පුවත්පත ඔහු විසින් සංස්කරණය කළ අලෙවි වාර්තා තැබූ ළමා පුවත් පතකි.

වේදිකා, ටෙලි, සිනමා මාධ්‍ය තිත්වයේම දස්කම් දැක් වූ විශිෂ්ඨ චාරිතාංග නළුවෙක් විය. ප්‍රචාරක දැන්වීම් මාධ්‍යයේ ද දස්කම් දැක්වූවෙකි.

රසවත් විකට කතා කියමින් මිතුරන් පිනවමින් කොක් හඬලා සිනාසෙන ඔහුගේ මිත්‍රශීලිභාවය ඔහු ඇසුරු කළ මිතුරන්හට කිසිදා අමතක නොවනු ඇත. එම පමණක් නොව කොතරම් හදිසි ගමනක් යන අතරමඟදී වුවද මුණගැයහන මිතුරෙකුගේ වගතුග විමසීමට අමතක නොකරන්නෙකි.

වසර කිහිපයකට ප්‍රථම පොළ‍ඟෙකු දෂ්ඨ කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් ව ඉන් දිවි බෙරාගත්තේය. ඉන් පසු ඔහු කීවේ පොළඟ ගහල මැරුණෙ නැති එකේ සෑහෙන කාලෙකට මාව මැරෙන්න නැති වෙයි කියාය. කෙසේ නමුත් ඔහුට ජීවන රඟ මඬලෙන් සමුගැනීමට සිදු විය.

නිතරම සිනහමුසු මුහුණින් සිටින සේනක ටයිටස් මිතුරාගේ සමු ගැනීම දුකකි. ඔහුගේ ආත්මය දෙව්මව් තුරුලේ සැත‍පේවායි! මිතුරන් සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.

ම‍නෝජ් ‍රූපසිංහ

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *