ජොති කැමතිම ගීය ලියූ තිස්ස ඩයස් සමග කතාබහක් 30 වන ජෝති සැමරුම වෙනුවෙනි

ජූලි

6

8:17 පෙ.ව.

admin

ජනකාන්ත ගායක එච්.ආර්. ජෝතිපාල තමන් ගැයූ ගී අතරින් වඩාත්ම ප‍්‍රිය කළ ගීතය වන ‘මේ නොනිමෙන දිවි ගමනේ…’ ගීතය ලියූ ගීත රචක තිස්ස ඩයස් සමග මේ සාකච්ඡුාව කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන්ගේ 30 වන ගුණ සැමරුම වෙනුවෙනි. මේ ලිපියෙන් තිස්ස ජෝතිගේ ජීවිතයේ අප‍්‍රකට තොරතුරු පිළිබඳව හෙළිකරයි.
ඔබ ජොතිපාල නම් අසාහය ගායකයාට ගීත කොපමණ සංඛ්‍යාවක් ලියල තියෙනවද? ඒ අතරින් ජෝති කැමතිම ගීතය බවට පත් වුනේ කුමන ගීතයද?
මම ජොතිට ගීත තිස්පහක් පමණ ලියල තියෙනව. මේ නොනිමෙන දිවි ගමනේ, පතනා දේ සුන්වේ නම්, නව අවුරුදු දා බක් මාසේ, දහදුක් වින්දෙ දරුවො හදන්නයි වගේ ගීත මා ලියූ ගීත අතරින් වඩාත් රසිකයන් අතර ජනප‍්‍රිය වූ ගීතයි. ජෝති වඩාත්ම ප‍්‍රිය කළ ගීතය බවට පත් වුනේ  ‘මේ නොනිමෙන දිවි ගමනේ ගීතයයි.’
ඔබ ලියූ ගීත ජෝති විසින් ගායනා කළේ කොයි වකවානුවේද?
අසුව දශකය මුල් භාගයේ දී. 1983/1984 වර්ෂ වලදී පමණ. එතකොට ජෝති ගායන ලෝකයේ ජනප‍්‍රියතම ගායකයා බවට පත්වෙලයි හිටියෙ.
ඔබට මුලින් ජෝති හමුවන්නේ කෙසේද?
ඒක රසබර කතාවක්. මට ලේක්හවුස් එක විසින් නිකුත් කළ ජනතා පුවත්පතේ විශේෂාංග ලේඛකයෙක් වශයෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මට අවශ්‍ය වුනා මම ලියන මුල්ම ලිපිය, මා වඩාත්ම ප‍්‍රිය කරන ගායකයෙක් වන ජොතිපාල සමග සාකච්ඡුා කර ලියන්න.  ආදුනිකයෙක් වූ මට ජෝති ඉන්න තැන ගැන හරි ආරංචියක් දැන ගන්න ලැබුනෙ නැහැ. පසුව මට හෝඩුවාවක් ලැබුනා ඇස්වාට්ටුව කිට්ටුව ඇති නොරිස් කැනල් පාරේ නිවසක ඉන්නව කියල. මම ඒ පාරේ ජෝතිගෙ ගෙදර හොයාගෙන ගියා. මම යනකොට පිරිමි ළමුන් පිරිසක් පාරේ ක‍්‍රිකට් සෙල්ලම් කරනව. මම ළමයෙකුගෙන් ඇහුවා මිස්ටර් ජොතිපාලගෙ ගෙදර කොහෙද කියල. එතකොට ඒ ළමයා නුපුරුදු කෙනෙක්ගෙ නමක් ඇහුවා වගේ වෙන ළමයෙකුගෙන් අහනවා ‘කවුද බං මිස්ටර් ජෝතිපාල කියන්නෙ?’ කියල. එතකොට තව ළමයෙක් ඇහුවා, අපේ ජෝති අයියා ගැනද අහන්නේ කියල. මම කිව්වා ඔව් කියල. එතකොට ළමයි කියනව. ගෙදර නැතිව ඇති හිටිය නම් මෙලහකට අපිත් එක්ක ක‍්‍රිකට් ගහන්න ඇවිල්ලා කියල.
ඊට පස්සෙ ජෝති ඉන්න බත්තරමුල්ල, කොස්වත්ත ලිපිනයට මම හොයාගෙන ගියා. මම යනකොට ජෝති ගෙදර හිටියා. ඔහු හිටියෙ සාමාන්‍ය පිළිවලටයි. ෂර්ට් එකක් වත් අඳින්නෙ නැතුව උඩුකය නිරාවරණව හිටියෙ.  මම ගැන මම හඳුන්වලා දුන්නා. ජනතා පුවත්පතට ලිපියක් සකස්කරන්න ආ බව කිව්වා.  ඔහු ‘ආ මල්ලි එන්න වාඩිවෙන් කියල කිව්වා’ මට හරි සතුටක් දැනුන ජෝති නමැති ආසාහය ගායකයා සමීපව ඉඳගෙන කතාබහ කරන්න ලැබීම ගැන. ඒ ලිපියෙදි ජෝති තමාගේ ළමා කාලය ගැන නිහරංකාරව රසවත් කතාවක් කිව්වා.
ජෝති ළමා කාලයේ එක් සිංහල අවුරුද්දක ජෝතිට අලූත් ඇඳුමක් අරන්දෙන්න මව් පියන්නට හැකියාවක් තිබිල නෑ. ඔහුගේ සම වයසේ මිතුරෝ අලූත් ඇඳුම් ඇඳල සෙල්ලම් කරනව ජෝති දකිනව. ජෝති ඒ අය අතරට ගිහින් නෑ අලූත් ඇඳුමක් නැති නිසා. ළමයි ජෝති එන්නෙ නැද්ද සෙල්ලම් කරන්න කියල කතා කරව. ජෝති දුකෙන් ඉන්න කාරනේ ආච්චි අම්මා කෙනෙකුට වැටහිලා. ට‍්‍රන්ක පෙට්ටියක තිබූ අලූත් චීත්තයක් අරගෙන කමිසයකුයි ජංගියකුයි මහල දීල තියෙනව. ඊට පසුව තමයි ජෝති ළමයින් අතරට ගිහිල්ලා සෙල්ලම් කරල තියෙන්නෙ. ඒ ජෝතිගෙ ළමා කාලයේ සිදුවීමක්.
එතකොට ජනතා පත්තරේට හොඳ අලෙවියක් තියන කාලෙ. මම ජෝති ගැන ලියපු ලිපිය පත්තරේ පළ වුනාට පස්සේ පත්තරේකුත් අරගෙන ගියා. මම යනකොටත් ජෝති පුවත්පතක් අරගෙන තිබුණා.
එතැන් සිට ඔබ ජෝති සමග දිගටම සම්බන්ධකම් පැවැත්වුවද?
නෑ. එහෙම හැකියාවක් තිබුණෙ නෑ. ජෝති ගායකයෙක් වශයෙන් ඉතාමත් කාර්ය බහුලවයි හිටියෙ. මම ඛණිජ තෙල් සංස්ථාවෙ සේවකයෙන්. මම නිදහස් ලේඛකයෙක් විදිහටයි පත්තරේට සම්බන්ධ වෙලා හිටියෙ.
එතකොට කොහොමද ජෝතිට ගීත ලියන්න අවස්ථාව ලැබුනෙ?
මම ජනතා පුවත්පතෙන් පසුව දවස, රිවිරැුස පුවත්පත් වලට සම්බන්ධ වුනා. මම ඔස්වල්ඞ් ජයසිංහගෙ ලිපියක් ලියන්න ඔහුගේ නිවසට ගිය දවසක එල්. එම්. පෙරේරා එහි හිටිය. ඔහු ඒ දිනවල හෙන්රි ප‍්‍රනාන්දු කියල නිෂ්පාදකයකු  සමග ‘කතරගම දෙයියො’ නමින් චිත‍්‍රපටයක් කරන්න සූදානම් වෙලා හිටිය. එල්. එම්. මටත් ඒ චිත‍්‍රපටයට සම්බන්ධ වෙන්න කිව්වා.  ඒ චිත‍්‍රපටය කෙරුනේ නැහැ. නමුත් හෙන්රි ප‍්‍රනාන්දු සමග මගෙ මිත‍්‍රත්වයක් ඇති වුනා. හෙන්රි ජෝතිගෙ හොඳම යාළුවෙක්. මම හෙන්රිට යෝජනා කෙරුවා ෆිල්ම් එක කෙරෙන්නෙත් නැති නිසා ජෝතිගේ ගීත කැසට් එකක් කරමු කියල. එතකොට ජෝති සිනමාවෙ වගේම කැසට් ක්‍ෂේත‍්‍රයෙත් ජනප‍්‍රියම ගායකයෙක්. ඒකට හෙන්රිගෙ ගෙදරින් එතරම් කැමැත්තක් තිබුණෙ නෑ. චිත‍්‍රපටය මගක් දුර කරල නතර වුන නිසාත්, චිත‍්‍රපටයේ පූර්ව සුදානම් වීම් වලට ඒ වන විට විශාල මුදලක් වැයකර තිබුණ නිසාත්.
පසුව දවසක් ජෝතිටයි, මටයි ? කැමකට ආරාධනා කෙරුවා හෙරිලෑ ගෙදරින්. එදා තීන්දු කෙරුවා කැසට් එකක් කරමු කියලා. ඒ කැසට් පටයේ නම ‘අම්මා’ ඒ කැසට් පටයේ අඩංගු සිංදු දොළහම ලිව්වේ මම. මේ නොනිමෙන දිවි ගමනේ, පතනා දේ සුන්වේ නම්, නව අවුරුදු දා බක් මාසේ, දහදුක් වින්දෙ දරුවො හදන්නයි ඇතුළු ඒ කැසට් පටයේ සියලූම ගීත ජනප‍්‍රිය වුනා. එයින් තමයි ජෝති ගේ ඇසුර පටන් ගත්තෙ.
ඔබ දන්නා ජෝතිගෙ අප‍්‍රකට සිදුවීම් මොනවද?
හැමෝම දන්නේ ජෝතිපාල තද යු.එන්.පී. හිතවතෙක් කියලයි. එහෙත් ජෝති මුලින් සමසමාජ පාක්‍ෂිකයෙක් වෙලයි ඉඳලා තියෙන්නෙ. දවසක් දේශපාලන කටයුත්තකදි සමසමාජ නායක එන්. එම්. පෙරේරා ට බෝම්බයක් ගහන්න හදපු වෙලාවෙ බේර ගන්න ඉදිරියට පැනල තියෙන්නෙත් ජෝති. ඒ සිද්ධියෙන් ජෝතිට සුළු තුවාල සිදු වුණා. නළල තුවාල වුණා. ඒ කැළල ජෝතිගෙ නළලෙ නොමැකී තිබුණා. ඔබ ජෝතිගේ අති සමීප රූපයක් දකින්වනම් ඒ කැළල දකින් පුලූවන්. ඊට පස්සෙ සමසමාජ පක්‍ෂය සමග ඇති වූ කළකිරීමකින් තමයි එ.ජා.ප. ය සමග සම්බන්ධ වෙලා තියෙන්නෙ. ඔහු මැරෙනකම්ම පක්‍ෂය මාරු කළේ. ජනාධිපති ආර්. ප්‍රෙමදාස මහතාත් ජෝතිට තදින් ඇලූම් කළ රසිකයෙක්. එහෙත් ජෝති දේශපාලනයට උදව් කෙරුවා කිසි දෙයක් ඉල්ලූවේ නැහැ. පේ‍්‍රමදාස මහත්තයම හිතලා තමයි ජෝතිට මාළිගාවත්ත නිවාස සංකීරණයෙන් නිවසක් දුන්නෙ. ඒ වගේමයි තමාගේ දේශපාලන පක්‍ෂය බලයේ ඉන්නවා කියල මාධ්‍යයෙන් අවස්ථා ඉල්ලල පස්සෙන් ගියේ නැහැ. මා දන්නා තරමින් විද්‍යුත් මාධ්‍ය තුළ ඔහුගේ ගීත තියන්නේ අයි.ටී.එන්. නාලිකාවෙ පමණයි. ඒත් ගීත කීපයක් පමණයි. ඔහුට කොච්චර අවස්ථා ගන්න පලූවන් කෙනෙක් ද? ඒත් මාධ්‍ය පස්සෙ ගියෙ නෑ.
ඒ කාලේ හිටිය තඹුත්තේගම හේරත්බණ්ඩා කියලා යෝධයෙක්. මෙයාගෙ ප‍්‍රසංගයක් කොළඹ දි පවත්වල තියෙනව. මේ ප‍්‍රසංගය බලන්න ජෝතියි, මිල්ටනුයි. දෙන්නම ගිහිල්ලා තියෙනව. ප‍්‍රසංගය අවසානයේ ඔවුන් හෙරත්බණ්ඩා යෝදයා සමග කතා කරලා තියනව. ඔහුත් කැමත්තෙන් ඔවුන් සමග කතා කරල. අවසානයේ ජෝති, මිල්ටන් දෙන්න කතා කරල තියනව හේරත්බණ්ඩාට තේ එකක් බොන්න යමු කියල. හේරත් බණ්ඩත්, හා තේ එකක් බොමු එහෙනම් කියල ඇවිල්ලා. ඔවුන් ගිහින් තියෙන්නෙ එකල කලා කාරයන් නිතර යන මරදානෙ සෝමා කැෆේ එකට.
තේ එකක් ඇනවුම් කරන්න ඉස්සර වෙලා ඇහුවලූ මොනවා හරි කමුද කියලා. හේරත්බණ්ඩත් හා කියල. වේටර් කෙනෙකුට කියල මොනවහරි කන්න ගේන්න කියල. වේටර් ගේන ගේන කෑම මේ යෝධයා ගිලලා දන්නවලූ. අන්තිමේදී හෙරත් බණ්ඩාට නොපෙනෙන්න ජෝතියි, මිල්ටනුයි වේටර්ට අතින් සංඥාකරනවලූ කෑම ගෙන්න එපා ඇති කියල. කොහොම හරි බිල ගෙවන්න අතේ සල්ලි තිබිල නැහැ. පස්සෙ ජොතිගෙ හිතවතෙක් වන ජෝකින් මුදලාලට පණ්විඩයක් ඇරලා ගෙන්වගෙන තමයි බිල ගෙවලා තියෙන්නෙ. සෝමා කැෆේ මුදලාලි ජෝති, මිල්ටන් දෙන්නම අඳුරන නිසා ප‍්‍රශ්නයක් වෙලා නැහැ.
ඒවගේම ජෝති මිත‍්‍රත්වය කියන එක උපරිමයෙන් ආරක්‍ෂා කරපු කෙනෙක්. මැතිවරණයකට විජය කුමාරතුංග කටාන අසනයෙන් ඉදිරිපත් වෙච්ච වෙලාවෙ. විජය කතාකරමින් සිටි වේදිකාවට ජෝතිපාල ගොඩ වෙලා තියෙනව. සෙනගත් පුදුමයෙන් බලා ඉඳලා. ජෝති එ.ජා.ප. වේදිකාවේ ගීත ගායන ගායකයෙක් ඊට විරුද්ධ පක්‍ෂ වන ශ‍්‍රී.ලං.නි.ප. වේදිකාවට නැග්ගෙ ඇයි කියල. ජොති විජයගෙ අත් දෙක අල්ලගෙන කිව්වලූ. මචං මම එක්සත් ජාතික පක්‍ෂ වේදිකාවෙ රට පුරාම සිංදු කිව්වත්, උඹේ ආසනේ පවත්වන එක්සත් ජාතික පක්‍ෂ රැුස්වීමකට මම ගොඩ වෙන්නෙ නෑ කියල. කිව්ව වගේම විජය නියෝජනය කළ කටාන ආසනයේ එ.ජා.ප. රැුස්වීම්වලට ජොති ආවේ නැහැ.
මේ වගේ රසවත් කතා රැුසක් තියෙනව. ඒ රස කතා මැවෙන්නෙ ඔහුන් සුන්දර මිනිසුන් නිසා. ජෝති, මිල්ටන් විතරක් නෙමෙයි ඒ කල හිටිය හු`ගක් කලා කරුවො හිත හොඳ බොහොම සුන්දර මිනිසුන්. අද වගේ නෙමෙයි. ඔවුන් මුදල් පසුපස හඹා ගියේ නෑ. මාධ්‍ය මගින් ජනප‍්‍රියත්වය සොයා ගියේ නැහැ. තමන් කරන දෙය හරියට කළා. ඒ නිසා ජෝති සමුගෙන වසර තිහක් නෙමෙයි. කොපමණ කාලයක් ගියත් ජෝතිපාල සදා අමරණීයයි. ඔහුගේ ගීත යුග යුග ගණන් රැුව් පිළිරැුව් දෙනු ඇති.

මනෝජ් රූපසිංහ.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *