බන්ධනාගාරය තුල සිරකරුවන් මරා දැමු හැටි හොයන්නැයි උද්ඝෝසණ

ජනවාරි

11

6:45 පෙ.ව.

admin

2012 නොවැම්බර් මාසෙ 9 වෙනිදා සවස වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ දී සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් පත්කරන ලද කොමිෂන් වාර්තා සැලකිල්ලට ගනිමින්, ඒ අනුව කටයුතු කරන ලෙස ඉල්ලමින්  මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත් වූ මාධ්‍ය හමුවේ දී දක්වන ලද අදහස්.

සිරකරුවන් මියගියේ කොහොමද? කවුද වෙඩි තිබ්බේ? කාගෙ උවමනාවට ද වෙඩි තිබ්බෙ? තවත් ප‍්‍රමාද නොවී හෙළි කරන්න.
සමන් රත්නප‍්‍රිය.
පුරවැසිබලය සංවිධානය

බන්ධනාගාර කොමසාරිස්වරයාත් කමිටුවක් පත් කෙරුවා මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ කමිටුවෙ නිර්දේශ අද වනතුරු ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. ඊට පස්සේ තවත් කමිටුවක් පත්කෙරුව. ඒ තමයි මානව හිමිකම් කොමිසන් සභාව පත් කරපු පරීක්‍ෂණ කමිටුව. ඒ කමිටුව පරීක්‍ෂණ ඉදිරියට අරගෙන ගියේ නෑ. ඒ පරීක්‍ෂණය ඉදිරියට ගෙනියන්නෙ නැත්තෙ ඇයි කියල අහපුවම කියන්නෙ බන්ධනාගාර කොමසාරිස්වරයගෙ විරෝධය නිසා ඒ පරීක්‍ෂණය ඉදිරියට අරගෙන යන්න බැහැ කියල. මේක කැත වැඩක් කරලා, කැත විදිහට වහන්න හදන උත්සාහයක් කියල ඉතාම පැහැදිලියි. ඊළ`ගට කමිටුවක් පත්කෙරුව විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයා.  ඒ යහපාලන ආණ්ඩුවෙන්. ඒ 2015 ජනවාරි මාසෙ 22 වෙනිදා. ඒ වාර්තාව දුන්නා 2015 නොවැම්බර් මාසෙ. ඒ වාර්තාව දීල අද වෙනකොට අවුරුදු එක හමාරක් ගතවෙලා තියෙනව. උත්තරයක් නෑ. අපි අධිකරණ ඇමතිවරයගෙන් අහන්නෙ සිරකරුවන් ඝාතනය කළ බව ඉතාම පැහැදිලියි. 27 දෙනෙක් මැරුවා, හතලිස් තුන් දෙනෙකුට තුවාල කෙරුවා.  මේ අය ඝාතනය කෙරුවද? නැත්නම් ඒ අය වෙඩිතියා ගත්තද? ඒගොල්ල වෙඩිතියාගත්ත කියනව නම් ප‍්‍රශ්නයක් නැහැ.
ඉතාම පැහැදිලිව ඇසින් දුටු සාක්‍ෂි තියනවා, ඒ ගොල්ලො දණගස්සල වෙඩිතියලා මැරුව කියල. එහෙම නම්, යහපාලන ආණ්ඩුවට වගකීමක් තියෙනව, අධිකරණ අමතිවරයට වැගකීමක් තියෙනව, මේ වාර්තාව ක‍්‍රියාත්මක කරන්න. වාර්තාවෙන් කවුද වැරැුදි කියල හොයන්න. වාර්තාව පොලීසියට, අධිකරණයට ඉදිරිපත් කරල ඒ ක‍්‍රියාදාමය ඉස්සරහට ගෙනිහිල්ල ඒ අයට විරුද්ධව දඬුවම් කරන්න. අපි මේ බලකරන්නෙ ඒක කරන්න කියලයි. අපි කියන්නෙ මේ සිරකරුවන්ගෙ ජීවිතවලට සාධාරණය ඉෂ්ට කරන්න කියල.
පස්සෙ පත්කරපු කමිටුව ට දීලා තිබුණා කාරණා කිහිපයක්. ඒ තමයි කවුද මැරුවෙ? කවුද මරණයට පත්වුනේ? මොන හේතුවක් නිසා ද මරුවෙ? මැරිච්ච අයට සාධාරණය ඉෂ්ට කරන්නෙ කොහොම ද? කියන එක ගැන හොයන්න කියල. ඒක තමයි ඒ ගොල්ලන්ගෙ ක‍්‍රියාවලිය. ඒ ක‍්‍රියාවලිය කෙරුවද? කෙරුව නම් කවුද ඒකට වගකිව යුතු වෙන්නෙ? ඒ වගකිව යුත්තන් කවුද කියල හෙළිදරව් කරන්න කියන බලකිරීම තමයි අපි මේ මොහොතෙ කරන්නෙ.

මහින්ද රාජපක්‍ෂගෙ කාලේ හිරකරුවන් ඝාතනය කළේ
රටේ නිතියට නෙමෙයි. වෙනත් නීතියක් යටතේ.

ගාමිණි වියන්ගොඩ
පුරවැසිබලය සම කැඳම්කරු
රටක අපරාධ නීති දෙකක් නෑ. ඒ එක අපරාධ නීතිය ක‍්‍රියාත්මක කරපු සිරකරුවන් සහ සැකකරුවන් තමයි මේ බන්ධනාගාරෙ ඇතුළෙ දහස් ගණනක් ඉන්නේ. එතකොට ඒ නීතිය යටතේ ක‍්‍රියාත්මක වෙලා.  ඒ සැකකරුවන්ව, හිරකරුවන්ව ඝාතනය කළේ වෙනත් නීතියක් යටතේ. මේක තමයි මහින්ද රාජපක්‍ෂගෙ කාලේ අපි දැකපු දෙවන නීතිය. මේක බන්ධනාගාරෙ විතරක් නෙමයි වෙන තැන්වලත් කෙරුව. යම්කිසි විදිහක ආන්දෝලානාත්මක තත්ත්වයක් ඇති වුණාම එදා ගෝඨාභය රාජපක්‍ෂගෙ තිබුණ නීතිය තමයි ගිහිල්ලා වෙඩි තියපං කියන එක. වතුර ඉල්ලලා උදේඝෝෂණය කළාමත් ඒ විදිහට වෙඩි තිබ්බා. භූමිතෙල් ඉල්ලලා උද්ඝෝෂණ කෙරුවම වෙඩි තිබ්බා. ඒ වගේම තමන්ගෙ විශ‍්‍රාම වැටුප් අයිතිය ඉල්ලලා උද්ඝෝෂණය කෙරුවම වෙඩි තිබ්බා. ඒ විදිහට බන්ධනාගාරයට අවිල්ලා වැඩි තිබ්බා.
ඔවුන් නීති ය ඉදිරියෙ බන්ධනාගාරයට පත්කරල තියෙනව. ඔවුන් බන්ධනාගාරයට පත්වුණත් ඔවුන්ගෙ වගකීම තියෙන්නෙ මේ රට කරවන පාලකයින් ට. නමුත් පාලකයන්ම ‘මුන්ව මරලා දාන්න  ඕනෙ’ කියලා තීරණය කරනව නම්, මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක් නෙමෙයි. මේ සිද්ධිය වුනේ පහුගිය ආණ්ඩුව කාලේ. ඒ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තුවුනේ නෑ මේ වගේ දේවල් සිද්ධවෙයි කියල.
යහපාලන ආණ්ඩුව එනකොට කිව්වා, මේ අයුරින් නීති දෙකක් අනුව කටයුතු කරපු සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරනව කියල. එතකොට මේ යහපාලන ආණ්ඩුවට වගකීමක් තියෙනව, ගෝඨාභය රාජපක්‍ෂ යටතෙ හිටපු නිලධාරීන්ගේ අණ දීම පිට මේ සිද්ධිය සිදුවුණා කියලා දැනට වාර්තාවෙලා තියෙනව. ඒ තියෙන කාරණා අනුව, මේ පිළිබඳ විමර්ශන කරන්න කියල අපි බලකරනව. නමුත් යහපාලන ආණ්ඩුව ඒක නොකළොත්, මිනිස්සුන්ට තීරණය කරන්න එක දෙයක් තියෙනව. මොකක් ද ඒ, මේ රටේ යම්කිසි අපරාධයක් කරන්නේ, රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව ද නැතිව ද කියන එක උඩ තමයි ඒ අපරාධය නීතිය ඉදිරියට පැමිණෙන්නේ කියන එක. රාජ්‍ය අනුග‍්‍රහය යටතේ කෙරුන අපරාධ සිද්ධීන් කිසිවක්, ¥ෂණ සිද්ධීන් අද වන තුරුත් පරීක්‍ෂණ පවත්වලා නිමාවට පත්වෙලා නෑ.
සාමාන්‍ය අපරාධ කරන අපරාධකරුවන් ගෙනල්ලා මේ බිත්තිහතර ඇතුලෙ කොටුකරනව, රාජ්‍ය අනුග‍්‍රහය යටතෙ කරන අපරාධකරුවන් කිසිවෙක් මේ බත්ති හතර ඇතුළට එන්නෙ නෑ කියන එක ද මේකෙ තේරුම? මේක ට අපි යහපාලන ආණ්ඩුවෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනව. මහින්ද රාජපක්‍ෂගෙ පැත්තෙ නෙමෙයි. යහපාලන ආණ්ඩුව පැත්තෙයි දැන් බොලේ තියෙන්නෙ. ඒ ගොල්ල අපිට පෙන්නන්න  ඕනෙ අපේ රටේ නීති දෙකක් නෑ කියල. ඒ වගේම අපි නීතිය පසිඳලන්නේ රාජ්‍ය විසින් මේක කළාද, නැද්ද කියන එක උඩ නෙමෙයි, යම්කිසි් අපරාධයක් සිද්ධවෙලා තියෙනව ද නැද්ද කියන එක උඩයි කියල. මේකට තමයි යහපාලන ප‍්‍රඥප්තිය, යහපාලන ප‍්‍රතිපදාව කියල කියන්නෙ. අපි ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙනුත්, අධිකරණය බාර ඇමතිවරයාගෙනුත් වහාම මෙයට පිළිතුරක් ලබා දෙන්න කියල ඉල්ලනව.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන් බරපතල විදිහට මානව හිමිකම් උල්ංගනය වුණා.
පුරවැසි බලය සම කැඳවුම්කරු
කේ.ඩබ්ලිව්. ජනරංජන.

පහුගිය ආණ්ඩුව ඉතාම බරපතල ලෙස මානවහිමිකම් කඩකළ බවට ලංකාව ඇතුළෙත් ජාත්‍යන්තරවත් ගැරහුමට පත්වෙච්ච ආණ්ඩුවක්. ජාත්‍යන්තර වශයෙන් ගත්තම ලංකාව මානව හිමිකම් කඩකරන රටක් බවට ලෝකය පුරා පැතිර යන්න එක ප‍්‍රධාන හේතුවක් බවට පත්වූයේ මේ වැලිකඩ බන්ධනාගාරයෙ සිදුවුන මනුෂ්‍ය ඝාතනය. සිරකරුවන් 27 දෙනෙක් ඝාතනය කෙරුව. 40කට වැඩි ප‍්‍රමාණයකට තුවාල සිදුකෙරුව. ඒ ඝාතන පහුගිය ආණ්ඩුව හිතමතා කළ ඝාතන මානව හිමිකම් කඩකිරීමක් කියල, පහුගිය කාලෙ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ පවා සාකච්ඡුාවට ගැනුණා. මහින්ද රාජපක්‍ෂගෙ ඝාතන ලැයිස්තුවෙ අංක එකට තිබුණ බරපතල මනුෂ්‍ය ඝාතනයක් තමයි මේක.  මේක සිද්ධ වුනේ 2012 නොවැම්බර් මාසෙ 9 වෙනිදා සවස. බන්ධනාගාර  රැුඳෙවියන් දවල් අහාරය අරගෙන ඉන්න අවස්ථාවෙදි, ආයුධ අරගෙන 600ක් 700ක් බන්ධනාගාරය තුළට කඩාගෙන වැදුණා. බන්ධනාගාර පනත අනුව කිසිම පුද්ගලයෙකුට බන්ධනාගාරයට ආයුධ සන්නද්ධව එන්න බැහැ. ආයුධ සන්නද්ධව ඇවිල්ලා එක පාරටම මේ වාට්ටු පරීක්‍ෂාකරන්න පටන් ගත්තා. ආයුධ සන්නද්ධව ඇවිල්ලා තමන්ගෙ වාට්ටු පරීක්‍ෂා කරන කොට සිරකරුවන් නොසන්සුන් තාවයකට පත් වුණා.
එස්.ටී.එෆ්. එක මේ වාට්ටු තුළට කඳුළු ගෑස් ගැහුවා. අපි දන්නවා කඳුළු ගෑස් ගහන්නේ කිසියම් ප‍්‍රචණ්ඩ අවස්ථාවකදි පළායන්න ඉඩ තියෙන අවස්ථාවක. කොතරම් අමානුෂිකව බන්ධනාගාරය තුළ කඳුළු ගෑස් ගැහුවද කියල කියනව නම්, වාට්ටු ලොක්කරලයි කඳුළු ගෑස් ප‍්‍රහාරය එල්ල කෙරුවේ. මෙයින් ප‍්‍රකෝපයට පත්වෙච්ච සිරකරුවන් ගඩොල් කෑලි අරගෙන එස්.ටී.එෆ්. එකට ගහන්න පටන් ගත්තා. එතකොට එස්.ටී.එෆ්. එක බන්ධනාගාරෙන් එළියට අවැල්ලා, බන්ධනාගාරෙ ඉදිරිපිට ආරක්‍ෂා කරගෙන හිටියා. ඊට පස්සෙ යුද හමුදාවෙ විශාල පිරිසක් එක්වර ම මේ බන්ධනාගාරයට ඇතුල් වෙලා, වාට්ටුවල හිටපු අය ගෙනල්ලා දණ ගැස්සුවා, ඊට පස්සේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරියෙක්, කොළේක තියෙන ලැයිස්තුවක් අරගෙන එක එකක්කෙනාගෙ නම් කතා කරලා, ඔවුන්ගෙ ඇස් බැඳලා, බිත්තිවලට හේත්තුකරලා, දණගස්සලා වෙඩිතිබ්බ බවට විශාල වශයෙන් සාක්‍ෂි තියෙනව.
ඒ වෙලාවෙ බන්ධනාගාර ඇමතිවරයා විජේදාස රාජපක්‍ෂ මහත්තයා, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා, විජේදාස රාජපක්‍ෂ මහත්තයා පත්කරපු කමිටුව නිර්දේශ කෙරුවා මේ පිළිබඳ සම්පූර්ණයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්න. 27 දෙනෙක් ඝාතනය වෙලා තියෙනව කියන එක බරපතල කාරණයක්. එම්කට දායක වෙච්ච ආකාරය ගැන, දායක වෙච්ච අයගැන සම්පූර්ණ අපරාධ පරීක්‍ෂයක් පවත්වන්න. මේ සිද්ධියෙන් මියගිය අයට වන්දි ගෙවන්න. තුවාල වෙච්ච අයට වන්දි ගෙවන්න. ඒ වගේම මෙවැනි ක‍්‍රියා යළි ඇති නොවෙන්න මේ මේ ක‍්‍රියාමාර්ග ගන්න කියල මේ කමිටුව කියනව. 2015 ජනි මාසෙ 9 වෙනිදා තමයි මේ වාර්තාව බාරදුන්නෙ. ඒ වාර්තාව බාරගත්ත වර්තමාන අගමැතිවරයා, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා, හිටපු බන්ධනාගාර ඇමති විජේදාස රාජපක්‍ෂ මහත්තයා. අපි දැක්කා මාධ්‍යවල පළ වෙනවා.
අගමැතිවරයා හැමදාමත් කියනවා පහුගිය ආණ්ඩුව කාලේ වෙච්ච සිද්ධීන් ට පත්කරපු කොමිෂන් සභා වාර්තා මහජනතාවට දැනගන්න සලස්වනවා කියල. මහින්ද රාජපක්‍ෂ මහත්තයාගෙ කාලේ මේ වගේ කමිටු විශාල ප‍්‍රමාණයක් පත්කෙරුව. ඒ එකකටවත් වාර්තා ඉදිරිපත් වුනේ නෑ. විජේදාස රාජපක්‍ෂ මහත්තයා බාර ගත්ත වාර්තාවටත්, අගමැතිවරයා බාර ගත්ත වාර්තාවටයි සිද්ධ වුනේ පරණ ආණ්ඩුවෙ සිද්ධ වෙච්ච දේ මයි. අපි කියන්නෙ යහපාලන ආණ්ඩුවට කිසිසේත් ගැලපෙන්නේ නෑ මේ ක‍්‍රියාවලිය. ජනාධිපතිවරයා, අගමැතිවරයා, වර්තමාන බන්ධනාගාර ඇමතිවරයා මැදිහත් වෙලා, වහාම මේ වාර්තාව එළියට අරගෙන මේ වාර්තාවෙ සඳහන් වෙලා තියෙන දේවල් වලින් වගකිව යුත්තන්නට දඬුවම් දෙන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් නීති රීති ක‍්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි.

මේ ආණ්ඩුවම එක්කාහු වෙලා, මේ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙමු
රිෂාඞ් බද්‍යුදීන්
අද මෙතනට රැුස්වෙලා ඉන්නේ සියලූ දෙනා තමයි යහපාලනය ආණ්ඩුව බලයට ගේන්න මහන්සිවෙලා වැඩකරපු කට්ටිය. මේ පිරිස තමයි හැම දේමට ම ස්වාධීන කොමිෂන් ගේනවා කියලා පොරොන්දු වුනේ. නමුත් මොකද වුනේ අද කිසිම දෙයක් ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ කියන එක පේන්න තියෙනව. දැන් මෙතනදි මොකක්ද වෙන්නේ?
මේ හිරගෙදරට ගෙනල්ලා දාන්නෙ වැරදි කරපු මිනිස්සු. ඔවුන් හිතන්නෙ මෙතන ආරක්‍ෂාව තියෙනව කියල. එතනට හමුදාවෙන් පැනල වෙඩිතියනව. ඒකට කොමිෂන් හතරක් පත් කරනව. ඒකෙන් කිසිදෙයක් වෙන්නෙ නෑ. යහපාලනය බලයට ඇවිල්ලත් කිසිම දෙයක් වෙන්නෙ නෑ කියන එක පැහැදිලිව පෙනෙනවා. මේ රජය රාජපක්‍ෂලව ආරක්‍ෂා කරනව කියන එක තමයි අපිට පේන්න තියෙන්නෙ.
ඊයෙ ජනාධිපතිතුමා ප‍්‍රකාශයට පත්කෙරුවා, මහාචාර්යතුමාට පොඩි හදිස්සියක් තියෙනව කියල. අපි යනවා පණ මදි, අපි යන්නේ ස්ලෝ කියලා කියනවලූ. ඒක ඇත්තක්. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රාජපක්‍ෂවරු ආරක්‍ෂා කරන එක නවත්වමු. මේ ආණ්ඩුවම එක්කාහු වෙලා, මේ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙමු. අහිංසක මිනිස්සුන්ට දඬුවම් කරන්න එපා. මේ රටේ ධනය හොරකම් කරපු, මේ රට විනාශ කරපු, මේ වගේ තැන්වලට ඇවිත් වෙඩි තියලා ඝාතන කරපු, සුදු වෑන් වලින් මිනිස්සු උත්සන් ගිහින් මරාදාපු උදවියට තමයි දඬුවම් දෙන්න කියල කියන්නෙ. එ නිසා රජයක් හැටියට තීන්දුවක් ගන්න  ඕනැ මොකක්ද කරන්නෙ කියල. දැන් අවුරුදු 2ක් ගෙවිලා ඉවරයි. තව තියෙන්නෙ අවුරුදු 3 යි. ආයෙත් කොමිෂමක් දැම්මොත්, ඒක අවුරුදු 3ක් ඇදගෙන ගියොත් රාජපක්‍ෂලා නිදැල්ලෙ ඉන්නවා. ජේ.වී.පී. එක කියන උනුත් එකයි මුනුත් එකයි කියන කතාව ඇත්තටම ගැලපෙනව. ජනාධිපතිතුමා හා අගමැතිතුමා ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන කාලය ඇවිල්ලා තියෙනව. කරුණාකරලා ඒක කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

බන්ධනාගාරයේ දී 26 දෙනෙක් ඝාතනය වන්නේ
රාජපක්‍ෂවරුන්ගේ රහසක් රැුකීමට පුද්ගලයෙකු සොයායමින් කරන ලද  මෙහයුමක දී
පුරවැසි හඬ/ වමේ කේන්ද්‍රය සම කැඳවුම්කරු
චමීර පෙරේරා.
‘යුක්තිය ඉටු කරනවා’ කියන කාරණය අවශ්‍ය වන්නේ, තමන්ගේ මැතිවරණ ව්‍යාපාර කාලවල දී ප‍්‍රචාරණයක් සඳහා පමණද? තාජුඞීන්ගේ ඝාතනය ගැන කතා කරන්න අවශ්‍ය වන්නේ රාජපක්‍ෂවරුන්ට පහර දෙන්න අවශ්‍ය වෙලාවට පමණ ද? එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍ය වන්නේ මැතිවරණයක දී පමණ ද? මේ රැුඳෙවියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුමන ආකාරයකවත් සාකච්ඡුාවක් ඇතිවෙලා නෑ. මේ ඝාතනයට ලක් වූ කොටස සමාජය නොසලකා හැරපු ජන කොටසක්. මේ 26 දෙනෙක් ඝාතනය වන්නේ රාජපක්‍ෂ වරුන්ගේ රහසක් රැුකීමට පුද්ගලයෙකු සොයායමින් කරන ලද මෙහෙයුමක දී.  එහි දී ඒ පුද්ගලයා පමණක් නොව, එය ට සම්බන්ධ නැති 26 දෙනෙක් ඝාතනය වෙලා තියෙන මොහොතක්.
කවුද මේකට අණ දුනනේ? විශේෂ කාර්ය බලකායට බන්ධනාගාරයට ඇතුල් වෙන්න බෑ. හමුදාවට බන්ධානාගාරය ඇතුළට එන්න බෑ. එවැනි තත්ත්වයක් යටතේ විශේෂ කාර්ය බලකායට ඇතුල් වෙන්න අවසර දුනනෙ කවුද? අවශ්‍ය විධානය දුනනෙ කවුද? අවශ්‍ය කරනනේ ඒ පුද්ගලයා කවුද, ඒ දේශපාලන නායකත්වය කවුද කියල හෙළි කරන එක. අවශ්‍ය කරන්නේ ඒ යුක්තියඉටු කිරීමේ කාර්ය. යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අද බරපතල සැකයක් මහජනයා ඉදිරියේ ඇති කර තිබෙනවා. ආණඩුවට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය කරන්නේ නැත්තේ, මේ සඳහා දේශපාලන අභිලාසයක් නැත්තේ ආණ්ඩුවටත් අවශ්‍ය කර තියෙනවාද? මහින්ද රාජපක්‍ෂ යොදාගත්ත ආකාරයට, ගෝඨාභය රාජපක්‍ෂ යොදා ගත්ත ආකාරයට ඒ මර්ධණීය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට. මේ ආණ්ඩුවවටත් මර්ධන යාන්ත‍්‍රණය අවශ්‍ය වෙලා තියෙනවද කියන සැකය මතු වී තිබෙනවා. එසේ නොමැතිනම් ජනවාරි 8 වෙනිදා ආණ්ඩුව පිහිටුවා ගැනීමට එක`ග වූ එක`ගතාවයට අනුව ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
යහපාලන ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ, බන්ධානාගාරය ඇතුළෙ සිටි සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධව ආණ්ඩුව කොමසමක් පත්කෙරුවා. ඒ කොමිසන් සභාව සෑහෙන කාලයක් අවශ්‍ය සාක්‍ෂි ලබාගෙන, වාර්තාවක් බාරදීල තියෙනව අධිකරණ අමාත්‍යවරය ට. ඒ වාර්තාව බාර දීලා දැන් සෑහෙන කාලයක්. මේ වනතුරු ඒ වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට අධිකරණ ඇමතිවරයා පියවර අරගෙන නෑ. එය ඉතාමත් අශෝබන, අවලක්‍ෂණ කටයුත්තක්. මිනිස්සු අමානුෂික ලෙස ඝාතනය කෙරුවා කියන කාරණාව ජනවාරි 8 වෙනිදා ජයග‍්‍රහණයෙ දි වේදිකාවල හඬ නැගීමට ඉවහල් කරගත්ත කාරණාවක්. ජනතාවට ආණ්ඩුවක් විසින් මේ විදිහට ප‍්‍රතිඥාවක් දීල, මිනිස්නුගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරනව කියල, ඒ සම්බන්ධව නෛතික ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්නෙ නැත්නම්, පරණ ආණ්ඩුවෙයි, මේ ආණ්ඩුවෙයි වෙනසක් නැති බව තමයි පෙනෙන්නෙ. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනව. අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනව, බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධව ලබාදුන් වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න. ඒ මිනිස්සුන්ට වෙච්ච ආසාධාරණයට සාධාරණය ඉටු කරන්න. නීතිය ඉටු කරන්න. ඒ වගේම නැවත මේ විදිහේ කටයුතු සිදු නොවෙන ආකාරයට වගබලා ගන්නට කියලා. අපි මේ බන්ධනාගාරය ඉදිරිපිටට ඇවිල්ලා ඒ සිරකරුවන් වෙනුවෙන් ආණ්ඩුවෙන් ඒ ඉල්ලීම ඉල්ලා සිටිනව.

මනෝජ් රූපසිංහ

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *