ප්‍රසන්න විතානගේ ගේ ‘උසාවිය නිහඬයි‘ තොප්පිය විසුරු ලෙනින් රත්නායක දා ගනී

ඔක්තෝබර්

6

8:18 පෙ.ව.

admin

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනි දා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් මත මෙම නියෝගය නිකුත් කැරිණි. මහේස්ත්‍රාත්වරයාගේ පෙත්සමේ සදහන් වන්නේ මෙම චිත්‍රපටයේ සදහන් වන්නේ තමන්ට එල්ල වී ඇති ස්ත්‍රී දුෂණ චෝදනා පිලිබදව බවයි .

එම චිත්‍රපටය බ්‍රහස්පතින්දා (6) සිට දිවයිනේ සිනමාහල් රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබිණි.

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *