ඇන්ටන් ජෝන්ස් දිවියෙන් සමුගනියි. අවසන් කටයුතු 24 වන බදාදා පස්වරු හතරට ගල්කිස්ස සුසාන භූමියේ දී

පෙබරවාරි

23

6:27 පෙ.ව.

admin

Anton Jhons - photoජනප‍්‍රිය බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් සිය දිවි මගේ
79 වන සැතපුම් කණුව පසුකරමින් සිටියදී දිවියෙන් සමුගතතේය

1937 ජුනි මස 03 වනදා උපත ලැබූ ඇන්ටන් ජෝන්ස් හට සිය දිවි මගේ දශක අටක්  සම්පූර්ණ කිරීමට ඉතිරිව තිබුණේ මාස තුනකුත් දින කිහිපයකි. රාජ්‍ය බැංකුවක ලඝු ලේඛකයකු වශයෙන් දිගු කලක් සේවය කළ ඔහු ජනතාව හඳුනා ගත්තේ බයිලා ගායකයෙකු වශයෙනි.
කැසට් පට 40 කට ආසන්න සංඛ්‍යාවකට හා සී.ඞී. පට 10 කට පමණ ගීත ගයා ඇති ඔහුගේ විශේෂත්වය වන්නේ සමාජයේ සිදුවන සුවිශේෂි සිදුවීම් අලලා රචිත පදමාලා ගායනා කිරීමයි. ‘‘කන්දේ හැපුනා මහ වන්න්තරේ – ඞී.සී අට අහස්යන්තරේ’’ ගීතය ඔහු ගයන්නේ සප්ත කන්‍යා කඳුවැටියේ හැපී විනාශ වී, ජීවිත රැුසක් අහිමි වූ ඞී.සී. 8 ගුවන් යානා අනතුර පිළිබඳවය. දකුණු මුහුදේ දී අනතුරකට ලක් වී ජීවිත රැුසක් අනතුරට පත් වූ ‘‘ආසයි – බයයි’’ බෝට්ටු අනතුර ගැන ඔහු ගයන්නේ ‘‘ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි’’ වශයෙනි.
පුද්ගල චරිත වටා ප‍්‍රබන්ධය කරන ලද ගීත ද ඔහු ගායනා කළේය.  ඉන් වඩාත්ම ජනප‍්‍රිය වන්නේ, අනුරාධපුරයේ විසූ කේ.ඞී. සිරිපාල හෙවත් ‘‘මරු සිරා’’ පිළිබඳ ගයන ලද ‘‘බැලූවම අහිංසකයි – මිනිහ හරි වසයි’’ යන ගීතයයි. (එම ගීතයේ පදමාලාව මෙම ලිපිය අවසානයේ සඳහන් වේ.* පොළොන්නරුවේ ජීවත් වූ ‘‘පොඩි විජේ ගැන ද ඔහු ගීතයක් ගැයුවේය. ඒ ‘‘වෙඩි නොවදින පොඩි විජේ – වැඩි වෙඩි කෑ පොඩි විජේ – කැලේ රජ වුණා’’ යන ගීතයයි. ‘‘ප්‍රෙමවති මනම්පේරී තරුණිය – කතරගමේ විසූ රූප රැුජිණිය –  වටිනාකම නොදැක ඇගේ – මැරුවේ තිරිසනෙකුවගේ – මේ සිත් පිත් නොමැති උදවිය’’ 1971 කැරැුල්ල සමයේ ඝාතනය වූ පේ‍්‍රමවතී මනම්පේරි නමැති රූප සූන්දරිය ගැන ගැයූ ගීයද රසිකයන් ගේ සිත් තුළ සදා රැුව්දෙන ගීතයකි.
හැටේ දසකයේ පැමිණි අලූත් ඇඳුම් විලාශිතාවක් වන මිනි ගවුම ගැන ද ඔහු ගැයුවේය. ‘‘සල්ලි දීලා ගවුම මැහුවෙ ඇඳගෙන යන්න – අල්ලි දෙක්වත් දුර බැහැ අඩිය තියන්න – ඇ`ගට හිරට හොඳට කොටට ඈඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න’’ ඔහු විසින් ගයන හාස්‍ය සහ උපහාස කැටි කළ ගීතයකි. එම ගීතය අවසානයේ දී කියවෙන්නේ බිරිඳට මිනි ගවුමක් ගේන්න මිනී පෙට්ටි සාපුවකට ගියවිට මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන් බවයි.
ජනතාව ඔහුව මුලින්ම හඳුනා ගත් ගීතය වන්නේ ‘‘කන්තෝරුව කන්තෝරව මම වැඩ කරන – ඒක තමයි මාහට ඇති විනෝද උයන’’ යන ගීතයෙන් බව මගේ මතකයයි.
‘‘ගන්ඨා නාදේ ගුවනෙ ඇසෙන්නේ – හස්ති රජෙක් පිට කරඬුව අරගෙන යන්නේ’’ ඔහුගේ ජනප‍්‍රිය ගුවන් විදුලි ගීතයකි. ඔහු චිත‍්‍රපට පසුබිම් ගායකයකුද වෙයි. ඇන්ටන් ජෝන්ස් ගයන ලද ‘‘ඔහොම හොඳද?’’ චිත‍්‍රපටයේ එන ‘‘උකුලූ පපා මුකුලූ පපා අපේ ළ`ගට එන්නකො – ඔමරි කතා කොමළ කතා අපට කියා දෙන්නකො.’’ අතිශය ජනප‍්‍රිය චිත‍්‍රපට ගීතයකි. එම ගීතය වත්මන් තරුණ පරපුර අතර ද ජනප‍්‍රිය ගීතයකි.
අද මෙන් සංගීත ප‍්‍රසංග සුලබ නැති හැටේ දශකයේ හා හැත්තෑව දශකය මුල් භාගයේ පැවැති සංගීත ප‍්‍රසංගවල ගීත ගැයීමට සිටියේ සීමිත ගායක ගායික්ාවන් පිරිසකි. මොහිදීන් බෙග්, ලතා වල්පොල, ජී.එස්.බී. රාණි පෙරේරා, ධමර්වදාස වල්පොල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප‍්‍රනාන්දු, ප්‍රෙඞී සිල්වා සහ ඇන්ටන් ජෝන්ස් යන ගායක ගයිකාවන් ඇතුළු තවත් සුළු පිරිසකුයි. එකල අද මෙන්, ශීලීපීන් අත්සන් තැබූ  ලැයිස්තුවක අනු පිළිවෙලට ගීත ගැයීමක් සිදු නොවීය. එකල සංදර්ශන සංවිධායක විසින් ගායක ගායිකාවන් ගේ ගායන රිද්මය හා ප‍්‍රසංගතයේ තත්ත්වය අනුව ගායක ගායිකාවන් පෙළ ගස්වන ලදී. එම යුගයේ මෙම සංවිධාන කටයුතු බෙහෙවින්ම සිදු කළේ පසුගිය දා අප අතරින් සමුගත් ජයතිස්ස හෙට්ටිආරච්චි ශිල්පියායි. මෙය මා විශේෂයෙන්ම සඳහන් කළේ එම ප‍්‍රශංගයන්හී දී අවසානයට ම ගීත ගායනා කරන ශිල්පියා ඇන්ටන් ජෝන්ස් නිසාය.
ඔහු ප‍්‍රසංගයට සහයෝගය දුන් පුද්ගලයන්ට හා සංවිධානවලට ද, අනුග‍්‍රහක ආයතන වලට ස්තූති කරන්නේ, හිටිවනම බයිලා පබදමිනි. ඔහුගේ මේ ස්තූති ප‍්‍රනාම පුදකිරීමේ ගායනයෙන් ප‍්‍රසංගය නිමවෙයි. ‘‘අපිට සංග‍්‍රහ කෙරුවෙ – පොළොන්නරුවෙ හෝටලයෙන්. ශබ්දය පාලනය කළේ – බේස්ලයින් සවුන්ඞ් එකෙන් – පොලීසියේ මහත්තුරුයි – ඒ.එස්.පී මහත්තයයි – හරි ලොකු සේවයක් කෙරුව – ජාතික ලොතරැුයියෙන් මේ ප‍්‍රශංගෙ පැවැත්වුව් – සමු අරගෙන අපි යනවා – ඔබ සැමටම ආයුබොවන්’’ යන අයුරින් ඔහු හැමටම තුති පුදමින් ගායනා කර ප‍්‍රශංගය නිමා කරයි.
එදා ප‍්‍රබලම මාධ්‍යය ගුවන් විදුලි මාධ්‍යයයි. එයිනුත් ශිල්පියෙකුට ගී ගැයීමට අවස්ථාවක් ලැබෙනුයේ ඉතාමත් කලාතුරකිනි. සිනමා පටයක ගීත ගැයීමට ලැබීම ගායකයෙකුට අමිල අවස්ථාවකි. මුදල් පසුපස හඹා නොගිය ඒ ශ්‍රේෂ්ඨ ශිල්පීන්ට රජ මැදුරත්, දුගී පැල්පතත් එක හා සමාන විය.
අද මෙන් රූපවාහිනී – ගුවන් විදුලි ඇතුළු විද්‍යුත් මාධ්‍ය බහුල නැති, ගීත වලට විෂුවල් නැති, අන්තර් ජාල නැති යුගයක එදා ගායක ගායිකාවන් ජනතාවගේ ආකර්ශනය ලබා ගත්තේ සිය දක්‍ෂතාවය නිසාමය. එදා අද මෙන් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට ගීත ජනප‍්‍රිය කරවීමේ ව්‍යාපාර නොතිබුණි. ඔවුන්ගේ සහජ දක්‍ෂතාවයක්, අවංක කැපවීමත් නිසා ඔවුන් ජනතා හදවත් තුළ සදා ලැගුම් ගත් බව සත්‍යයකි. ඇන්ටන් ජොන්ස් කලා කරුවාණෙනි. හෙළ ගී අඹර තුළ ඔබ සදා දිදුලන තරුවකි.

ඇන්ටන් ජෝන්ස්ගේ ජනප‍්‍රිය ගීතයක් – මරුසිරා

බැලූවම අහිංසකයි මේ මිනිහ හරි වසයි
කෙරුවෙ වැරදිමයි දාමරික වැඩ තමයි
හොඳ මිනිහෙක් වෙන්නයි හිතුවෙ ඉරණම මේකයි
උනෙ එල්ලූම් ගස් යන්නයි…..
අනුරපුරේ හිරගෙය ඔහු කඩාගෙන ගිය
සිරාව අල්ලන්න ලෙහෙසියෙන් බැරිවිය
රජරට සිටිය සමහරු උනානෙ බය
මරුසිරා ඒවි කිය කිය…
මිනිමැරුම් චෝදනා ඔහුට අනත්ත තිබුණා
කොහොම උනත් සිරා පොලිසියට අහුවුනා
නිතර කල්පනා කර සිර ගෙදරින් පැන්නා
ඇතුලෙ අය කිසිත් නොදන්නා…..
නිර්භීත මරුසිරා කියන්නෙ කව්ද සිමිතුරා
මිනී මරමරා හැං`ගි සිටියෙ රට පුරා
සිරිපාල නම් එයා මරු සිරායයි කියා
ඉතිහාසෙට නමක් එක්කලා

රන්මැණිකෙ ආදර – මගෙ බිරිඳපෙම්බර
රන්වන් මගේ දරු සුරතල් පැටිය පෙම්බර
ඇස් වැහෙන්නට පෙර හුස්ම යන්න ඉස්සර
ආසයි දකින්න මූණ එඩිතර
ඇත්තෙන් ඔහු නම් දැරුවේ – මේ සිරිලංකාවේ
දාමරික වැඩ කරලා නේද යාළුවෙ
එල්ලලාද මැරුවෙ – මරලාද එල්ලූවේ
මේ ප්‍රෙහෙළිකාව කවුද විසඳුවේ
නිර්භීත මරුසිරා කියන්නෙ කවුද සුමිතුරා
මිනී මරමරා හැං`ගි හිටියා රට පුරා
සිරිපාල නම් එයා මරුසිරා යයි කියා
ඉතිහාසෙට නමක් එක්කලා

මනෝජ් රූපසිංහ.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *