දුෂණ හා වංචා සම්බන්ධ පරීක්ෂණ අවසන් කළ ගොනු කීයක් නීතිපතිවරයාට යැවුවද ? අනුර කුමාර දිසානායක

ජනවාරි

28

7:26 පෙ.ව.

admin

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක
ස්ථාවර නියෝග 23/2 යටතේ – 2016.01.27 පාර්ලිමේන්තුවේ දී නගනු ලැබූ ප‍්‍රශ්න –

මෙරට ඉහළම දේශපාලන පවුල්වල සාමාජිකයන්ගේ අතිවිශාල මුදල් සහිත විදෙස් ගිණුම් කිහිපයක තොරතුරු ආණ්ඩුව විසින් සොයාගෙන ඇති බවට පළවූ ප‍්‍රවෘත්ති පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

පසුගිය 14වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේදී ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශකවරයා දේශපාලන ප‍්‍රභූ පවුලක සාමාජිකයෙකු හා එම පවුලේ සමීපතමන් තිදෙනෙකු ඩුබාහි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුම් තුනක ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් පවතින බවට හෙළිදරව් වී ඇතැයි කියා සිටියා. එක් සාමාජිකයෙකුගේ ගිණුමක ඩොලර් බිලියන 1.086ක මුදලක්ද මන්ත‍්‍රීවරයෙකුව සිටි ව්‍යාපාරිකයෙකුගේ ගිණුමක ඩොලර් මිලියන 500ක මුදලක්ද හිටපු ලේකම්වරයෙකු හා ආයතන සභාපතිවරයෙකුගේ බද්ධ ගිණුමක ඩොලර් බිලියන 1.8ක මුදලක්ද තැන්පතු ලෙස පවතින බව එහිදී හෙළිදරව් කරනු ලැබ තිබෙනවා. එසේම ආණ්ඩුවේ තවත් මන්ත‍්‍රීවරයෙක් හිටපු පාලකයින් විසින් විදෙස් බැංකුවල සැඟවූ කෝටි 42,656ක් තමන් දෑසින් දුටුවේ යැයි ජනමාධ්‍ය හමුවේ කියා තිබුණා.

මේ පැහැදිලි කිරීම් අනුව මෙම ගිණුම් සම්බන්ධ සියලූ තොරතුරු මේ වන විට ආණ්ඩුව සතුව ඇති බව හැඟී යනවා. ලංකාවේ මෑත ඉතිහාසය තුළ විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ වංචා හා ¥ෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ යුතු බවටත් ඒ සම්බන්ධයෙන් වරදකරුවන්ට ද`ඩුවම් ලබාදිය යුතු බවටත් ඔවුන් විසින් කොල්ලකන ලද මහජන ධනය නැවත අත්පත් කරගත යුතු බවටත් විශාල සංවාදයක් පසුගිය කාලයේ රට තුළ පැවතුණා. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන සටන්පාඨයක් බවට පත්වී තිබුණේ ¥ෂිතයින්ට ද`ඩුවම් ලබාදෙන බවට වූ පොරොන්දුවයි.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ප‍්‍රකාශයට පත් මෛත‍්‍රී පාලනයක් දින 100කින් අලූත් රටක් මැතිවරණ ප‍්‍රකාශයේද මෙම කරුණ සඳහන් කෙරුණා. දින 100 කාලසටහනට අනුව පෙබරවාරි 05වැනි දිනට නියමිත වී තිබුණේ ”පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ ¥ෂණ සොයා බැලීම සඳහා විශේෂ විනිශ්චය සභා පත්කිරීම” යන්නයි. අනතුරුව අගෝස්තු පැවති මහ මැතිවරණයේදීද ¥ෂිතයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව විශාල සංවාදයක් ගොඩනැගුණා.

වසරකට වැඩි කාලයක් ගතවී ඇති නව පාලනය යටතේ මෙම වංචා හා ¥ෂණවලට එරෙහිව ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග ගෙන නොමැති බවටත් සිදුවෙමින් ඇති විමර්ශන කටයුතු අපේක්ෂා කළ තරම් වේගයකින් ඉදිරියට නොයන බවටත් වර්තමාන ආණ්ඩුව විසින් තමන්ගේ බලය වෙනුවෙන් ¥ෂිතයින් රකිමින් සිටින බවටත් වංචා ¥ෂණ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවෙමින් තිබෙන බවටත් මහජනතාව තුළ බලවත් සැකයක් වර්ධනය වෙමින් තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීද මෙවැනි ප‍්‍රකාශ ආණ්ඩුවේ පාර්ශවයෙන් නිකුත් වුණා. එහෙත් ¥ෂිතයින්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ඉදිරියට යන බවක් දැකගත හැකි වූයේ නැහැ. මෙවැනි පරිසරයක් තුළ ආණ්ඩුවෙන් මෙවැනි ප‍්‍රකාශ සිදුවන්නේ නෛතික කි‍්‍රයාමාර්ග ගැනීමකට නොව තමන් රැුවටීම සඳහා යැයි මහජනතාව අතර අදහස් පළවෙමින් තිබෙනවා.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අග‍්‍රාමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
1. අදාළ ගිණුම් පිළිබඳව කැබිනට් ප‍්‍රකාශවරයා හෝ මන්ත‍්‍රීවරයා විසින් අදාළ ආයතන     වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේද?
2. වෙනත් කවර හෝ අයෙකු විසින් මෙම නිශ්චිත ගිණුම් හා දෑසින් දකින ලද මුදල්     පිළිබඳව පැමිණිලි කරනු ලැබ තිබේද?
3. එම පැමිණිල්ලක් කවුරුන් විසින් කවර හෝ දිනක කවර නීතිමය ආයතනයක් වෙත     කරනු ලැබ තිබේද?
4. ඊට අදාළව පරීක්ෂණ සිදුවී තිබේනම් ඒ කුමන ආයතන මගින්ද?
5. එම ගිණුම්වල හිමිකරුවන් කවුද? ඒවායේ ඇති මුදල් ප‍්‍රමාණ කවරේද?
6. ගිණුම් සම්බන්ධ එම පරීක්ෂණවල ප‍්‍රගතිය කවරේද? නීතිමය පියවර ගැනීමට අදාළ කාලරාමුව කුමක්ද?
7. නිශ්චිතව සඳහන් ගිණුම් පිළිබඳව එවැනි පැමිණිල්ලක් නොතිබේනම් හෝ පරීක්ෂණයක් සිදු නොවන්නේනම් එවන් අසත්‍ය ප‍්‍රකාශ සිදු කිරීම පිළිබඳව ගනු ලබන ක‍්‍රියාමාර්ග කවරේද?
8. මේ වන විට ¥ෂණ හා වංචා සම්බන්ධ පරීක්ෂණ අවසන් කළ ගොනු කොපමණ සංඛ්‍යාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේද? අනුමැතිය ලැබී ඇති හා ලැබී නොමැති ගොනු සංඛ්‍යා වෙන් වෙන් වශයෙන් කොපමණද?
9. වංචා ¥ෂණ සම්බන්ධ පරීක්ෂණ කටයුතු බලපෑම්වලින් තොරව සාධාරණ ලෙස සිදුවිය යුතු බවත් ඒවාට සම්බන්ධ වරදකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවත් ඔවුන් විසින් සොරකම් කරන ලද මහජන ධනය නැවත රටට අත්පත් කර ගත යුතු බවත් පිළිගන්නේද?

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *