2/10 මහින්ද රාජපක්ෂට තීරණාත්මක දිනයක් – භාතිය බරුකන්ද

පෙබරවාරි

7

7:55 පෙ.ව.

admin

‘‘ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා’’ කියලා කතාවක් තිබෙනවා. ඒත් අපි කවුරුත් මල්ල ලිහනකම් බලාගෙන ඉන්න කැමැති නැහැ. ඔබලා හරි බලලා ඇතුළේ තියෙන්නේ මොකක්ද කියලා දැන ගන්න ඕනෑ. ඒකට කියන්නේ ‘‘කුතුහලය’’ එහෙම නැතිනම් ‘‘කුහුල’’ කියලා. මේක සියලූ සතුන්ට ඇතැයි කියලා කිවුවත් මානවා/ මිනිසා කෙරෙහි සුවිශේෂයි කියලා මානව විද්‍යාඥයෝ කියනවා. මේ කුහුල නිසයි වානරයා දෙපයින් සිට ගත්තේ, ගින්දර සොයා ගත්තේ… එතැන් සිට මානව පරිණාමයේ සියලූම විජයග‍්‍රහණ ලබා ගත්තේ මිනිසා තුළ තිබෙන නොසන්සිඳෙන කුතුහලය නිසයි.
‘‘මේ ඡුන්දෙන් කවුරු දිනයිද ?’’ ‘‘මොකක් වෙයිද ?’’ කියලා අද යන යන තැන කතාවෙන ප‍්‍රධාන මාතෘකාම වෙලා තිබෙන්නෙත් ඉහතින් සඳහන් කළ කිසිදා නොසන්සිඳෙන කුතුහලය නිසයි.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ලංකාවේ මීට පෙර නොතිබුණු, නොදැකිය හැකි වුණු දැවැන්ත කුතුහලයක් වගේම උනන්දුවක් මෙවර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තිබෙනවා. ඒ සඳහා හේතු කිහිපයක් තිබෙන බවයි අපට පෙනී යන්නේ. ඒ අතර ප‍්‍රධාන වන්නේ ගමේ ආණ්ඩුවට නියෝජිතයින් පත්කර යවන පුංචි ඡුන්දය මහ ආණ්ඩුව පෙරළන ඡුන්දයක් බවට පත්කර ගැනීමට මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන කල්ලිය පසුගිය කාලය පුරාම ගනිමින් සිටින ඊනියා ප‍්‍රයත්නයයි. ඉතා පැහැදිලි පුද්ගලික හා ව්‍යාපාරික න්‍යාය පත‍්‍ර මත පරාජිත රෙජිමය යළි බලයට ගෙන ඒම සඳහා අඛණ්ඩ උත්සාහයක් ගන්නා ජනමාධ්‍ය ආයතන කිහිපයක අධි ප‍්‍රචාරණයත් ඊනියා බුද්ධිමතුන් කල්ලියක් විසින් ගන්නා මතවාදී උත්සාහයත් නිසා රාජපක්ෂ කල්ලියේ මේ අවස්ථාවාදී න්‍යාය පත‍්‍රය ජාතික න්‍යාය පත‍්‍රයක් බවට ඔසවා තැබීමක් මේ වන දැකිය හැකි වෙනවා. මේ තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණයකට කිසිදා නොතිබූ වටිනාකමක් හා බලයක් මේ මැතිවරණයට හිමිව තිබෙනවා.
ඒ වගේම මේ මැතිවරණයෙන් පසු වත්මන් දේශපාලන බලතුලනය තුළ පැහැදිලි වෙනස්වීම් සිදුවන බව ඉතාම පැහැදිලියි. එය ආණ්ඩුව නියෝජනය කරන මෛත‍්‍රී – රනිල් නායකත්වය ඉක්මවා ශ‍්‍රීලනිප – එජාප බල අරගලයක් දක්වා ගමන් කළ හැකි බවට මේ වන විටත් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ඉඟි පළවෙලා තිබෙනවා. ඒ වගේම මේ මැතිවරණයේ ජයග‍්‍රාහකයා සහ දෙවැනි තැන හිමිකර ගන්නා පක්ෂ දෙක සියල්ල අත්පත් කර ගනු ඇති අතර තෙවැනි තැන ලබා ගන්නා කුමන පක්ෂයක් වුව දේශපාලන වශයෙන් අනාථභාවයට පත්වන බව ඉතාම පැහැදිලියි. එනිසා පුංචි ඡුන්දය තමන්ගේ පුංචිකම ඉක්මවා ගිය මාරාන්තික සටනක් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්ව පළාත් පාලන මැතිවරණයක් සම්බන්ධයෙන් මීට පෙර දැකිය හැකි වුණේ නැහැ.
පළාත් පාලන මැතිවරණය ගැන මෙතරම් උනන්දුවක් දක්වන්න තවත් ප‍්‍රබල හේතුවක් වන්නේ රාජපක්ෂ යුගය තුළ මෙන් මැතිවරණ රැුල්ලක ආශ්වාදය විඳීමකට කාලයකින් නොහැකි වීමයි. 2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් පසු ආසන්න වශයෙන් වසර 2 2/1කින් කිසිදු මැතිවරණයකට ලංකාවේ ජනතාව මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා කාලයකට පසු එන ඡුන්දේ පුංචි ඡුන්දේ වුණත් ලොකුවට සලකන්න දැන් ජනතාව සූදානමින් සිටිනවා.
ඒ අතර පරම්පරා කිහිපයට පසු තමන්ගේ ගමට ගමේ ම නියෝජිතයෙක් තෝරා පත්කර ගැනීමට ලැබෙන මුල්ම මැතිවරණය වීමත් මේ මැතිවරණය ගැන ජනතාවගේ උනන්දුව වැඩිවීමට හේතු වෙලා තිබෙන බවක් පේනවා.
මෙතැනින් කොතැනටද ?
ඉහත සඳහන් කළ පොදුජන කුතුහලය වඩාත් වැඩියෙන් යොමුවන ක්ෂේත‍්‍රය වන්නේ ‘‘මේ මැතිවරණයේ ප‍්‍රතිඵලය කුමක් වෙයිද ?’’ යන්නයි. ඒ ගැන හරියටම දැන ගන්න තව තවස් හතරකින් පුළුවන් වුණත් මේ මොහොතේ ‘‘සිදුවිය හැකි දේ’’ ගැන ඉතාමත් තාර්කික පුරෝකථනයන් ජනතාව අපේක්ෂා කරනවා.
මේ මැතිවරණයයේ ප‍්‍රතිඵල කුමක්වේද යන්න විමසීමට ප‍්‍රථමයෙන් මේ වන විට සිදුවෙමින් පවතින දේශපාලන ප‍්‍රවණතා කෙරෙහි වඩාත් වැඩි අවධානයක් යොමුවිය යුතුයි. ඊට හේතුව වන්නේ සිදුවෙමින් පවතින දේශපාලන ප‍්‍රවණතා මැතිවරණයේදී ඉතාමත් තීරණාත්මක යැයි සැලකෙන ‘පාවෙන ඡුන්ද ’’ කෙරෙහි අති සංවේදීභාවයක් දක්වන නිසයි.
ශ‍්‍රීලනිපය හා ජනපති භූමිකාව
පළාත් පාලන මැතිවරණය මෙතරම් කල් ඇදීයාමට ප‍්‍රධාන හේතුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති වූ බෙදීම යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රී පාර්ශ්වය ගත් උත්සාහය බව ඉතාම පැහැදිලියි. මෙහිදී ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රී පාර්ශ්වය මුහුණ දුන් අභියෝගය වුණේ ඉතාම පැහැදිලිවම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් සේම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රීවරුන්ගෙන් අති බහුතරයක් මහින්ද රාජපක්ෂ සමග කොන්දේසි විරහිතව සිටගෙන සිටීමයි. පාර්ලිමේන්තුව තුළ පවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්ව සිටි මන්ත‍්‍රීවරුන් 96 දෙනාගෙන් බහුතර සහාය හිමි වුණේ මහින්ද රාජපක්ෂ මහතාටයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සිටින පිරිස අතර ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත‍්‍රීවරු 12 දෙනකු සිටිනවා. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 84 දෙනාගෙන් අවම වශයෙන් 30 දෙනකුගේ පමණ සහායක් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලැබුණු බවයි. මෙහිදී අපට පැහැදිලිව පෙනී යන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නියෝජනයේ අති බහුතර බලය මහින්ද රාජපක්ෂ මහතා සතුව තව දුරටත් පවතින බවයි.
මේ තත්ත්වය පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මට්ටමේදී තවත් පළල්ව ප‍්‍රකාශයට පත්ව තිබෙනවා. අන්ත ¥ෂිත ප‍්‍රාදේශීය දේශපාලනඥයින් අති බහුතරයකගේ පූර්ණ සහාය මේ දක්වා ම හිමිව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි. එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බුද්ධිමය හා මතවාදී නායකත්වය ලබා දුන් බුද්ධිමතුන්, කලාකරුවන් ඇතුළු ජනමත ප‍්‍රධානීන් සේම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද වෘත්තීය සමිති නායකයින්ගෙන් බහුතරයක් ද පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ වෙනුවෙන්, රාජපක්ෂ රෙජිමය යළි ඔසවා තැබීම වෙනුවෙන් අඛණ්ඩව, නොබියව පෙනී සිටි බව රහසක් නොවෙයි.
මේ උභතෝකෝටික තත්්ත්වය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය භාරගත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ශ්වය මනාව දැනසිටි තත්ත්වය තුළ පක්ෂ අර්බුදය නිසි පරිදි කළමනාකරණය කරගෙන, තනි පක්ෂයක් ලෙස පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රීලනිපයේ අපේක්ෂව වූ බව ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ වුණා. ඒ සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව තුළ කැබිනට් අමාත්‍ය පදවි, රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය පදවි දරමින් සිටි බහුතරයක් ශ‍්‍රීලනිප ඇමැතිවරුන් ද ඇපකැපව ක‍්‍රියා කළ බව නොරහසක්. මේ සියලූ දෙනාගේ පොදු හා ජනප‍්‍රිය තර්කය වුණේ ‘‘බෙදුණු ශ‍්‍රීලනිපයක් එජාපයට වාසිදායක බවයි.
හාස්‍ය ජනක ආකාරයෙන් මේ තර්කයම පෙරළා මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන කණ්ඩායම විසින් ද පෙරළා මෛත‍්‍රී පාර්ශ්වය වෙත එල්ල කරනු අපිට දකින්න ලැබුණා. ඔවුන් පෙරළා චෝදනා කළේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්්ඩායම එජාපය ශක්තිමත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවයි.
මේ තර්ක හා ප‍්‍රතිතර්ක හමුවේ පක්ෂය නොබෙදී පවත්වා ගැනීමේ අභියෝගය ජය ගන්නා තෙක් විවිධ තාක්ෂණික හේතු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. එහෙත් සිදුවිය යුතු පරිදිම පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන විටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී කණ්ඩායම සමග එක් නොවී ස්වාධීනව තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ කණ්ඩායම පැහැදිලි තීන්දුවක සිටි බව දැකිය හැකි වුණා. ඒ සඳහා උපාය මාර්ගික හේතු මෙන්ම පුද්ගලික හේතු රැුසක් ද මහින්ද රාජපක්ෂ කණ්ඩායමට, විශේෂයෙන් මහින්ද රාජපක් ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලට සේම විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ගම්මන්පිල වැනි ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රමුඛයින්ට තිබුණා. ඒ අතර ප‍්‍රමුඛම කාරණය වුණේ පළාත් පාලන මැතිවරණය තවත් දකුණු පළාත් මැතිවරණයක් (1993දී* කර ගැනීමට මහින්ද රාජපක්ෂ කණ්ඩායමට තිබූ නොහැකියාව සහ 2020 නොව 2025 ගැන රාජපක්ෂ පවුල තුළ පවතින දීර්ඝ කාලීන සැලසුමයි.
මේ තත්ත්වය සරල පැහැදිලි කරන්නේ නම් මහින්ද රාජපක්ෂ පවුලේ අපේක්ෂාව වන්නේ 2020 ජනාධිපතිවරණයේදී කෙටි කාලීනව පරීක්ෂාවට හෝ අභියෝගයට ලක් නොවී 2025 ජනාධිපතිවරණයේදී සමස්ත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ද අතැතිව එජාපයට මුහුණදීමයි. නාමල් රාජපක්ෂගේ රාජාභිෂේකය සිදු කළ හැකි වන්නේ ඉතා පැහැදිලිව 2020 දී නොව 2025දී බව රාජපක්ෂ පවුල ගණන් බලා ඇති බව ඉතාම පැහැදිලියි. ඒ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වය දුර්වල කිරීමත් (මෙය පළිගැනීමක් වශයෙන් අර්ථකථනය කළ හැකියි* මහින්ද රාජපක්ෂ කණ්ඩාමේ අපේක්ෂාව බව පැහැදිලියි.
මෙබඳු පැහැදිලි තත්ත්වයක් තුළ පවා ශ‍්‍රීලනිපය වෙතින් දිගින් දිගටම සිදු වූ ‘‘එක්ව තරඟ කිරීමේ ඉල්ලීම’’ මහින්ද පාර්ශ්වය විසින් ප‍්‍රතික්ෂේප කිරීම ආරම්භක වටයේම, එසේ නැතහොත් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීම සමග ම සිදුවීම ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායමට ලැබුණු පරාජයක් වශයෙන් සැලකිය හැකියි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නොබිඳී එක්ව මැතිවරණයට තරඟ කළා නම් සිදුවිය හැකිව තිබූ තත්ත්වය ගැන ද අප මෙහිදී අවධානය යොමු කළ යුතුයි. එහිදී ඉතාම පහසුවෙන් 2015 අගෝස්තු මහ මැතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අනුග‍්‍රහය දැක්වූ අපේක්ෂකයින්ට උරුම වූ ඉරණම ඊටත් වඩා දරුණු ආකාරයෙන් ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රී පාර්ශ්වයේ අපේක්ෂකයින්ට උරුම වීමට තිබුණා. කොටින් ගමේ ඡුන්දයෙන් ඉතාම සංවිධානාත්මකව මෙන්ම පහසුවෙන් මෛත‍්‍රී පාර්ශ්වයේ අපේක්ෂකයින් දඬයමට ලක් වීමට තිබුුණා.
මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී අවාසි සහගත තත්ත්වයක සිටි ශ‍්‍රීලනිපය තම තත්ත්වය ක‍්‍රමයෙන් වර්ධනය කර ගැනීමට ගත් පියවර මෙහිදී අපගේ අවධානයට යොමුවිය යුතුයි. එහිදී අපට පහසුවෙන් පෙනී යන කරුණ වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධාන කතිකයා බවට පත්වීමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ තීරණාත්මක සාධකය බවට ජනාධිපතිවරයා පත්වීමත් සිදු වූ බවයි. ශ‍්‍රීලනිපයේ මැතිවරණ වේදිකාව තුළ සෙසු ශ‍්‍රීලනිප ප‍්‍රබලයින්ගේ හැසිරීම නිරීක්ෂණය කරන විට අපට ඉතාම පහසුවෙන් අවබෝධ වන්නේ ඔවුන් පොහොට්ටුවේ කතිකයින් විසින් ඉදිරිපත් කරන චෝදනා හෝ විවේචන සඳහා අවම ප‍්‍රතිවිරෝධයක් පවා දැක්වීමට අසමත්භාවයක් දක්වන බවයි. මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ජයග‍්‍රහණය සම්පූර්ණයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දැක්ම හා පෞරුෂය මත කේන්ද්‍රගතව තිබෙනවා.
මේ තත්ත්වය මේ වන විට ආරම්භයේ දී ශ‍්‍රීලනිපය පැවැති තත්ත්වයට වඩා ශක්තිමත් තැනකට ශ‍්‍රීලනිපය ඔසවා තැබීමට හේතු වී තිබෙනවා. විශේෂයෙන් පාවෙන ඡුන්ද, සුළුජන ඡුන්ද සහ ¥ෂණ විරෝධී ඡුන්ද පදනමට ඉතාම පහසුවෙන් ආමන්ත‍්‍රණය කරමින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී නොපැවැති ආකර්ෂණීය හා ශක්තිමත්භාවයක් අත්පත් කර ගැනීමට ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම මත මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිව තිබෙන බවක් නිරීක්ෂණය කළ හැකියි.
මේ තත්ත්වය ඍජුව මහින්ද රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන පොහොට්ටු පක්ෂයේ ඡුන්ද පදනමට දැඩි බලපෑමක් කරන අතර මැතිවරණයේදී ජය පරාජය කෙරෙහි සාධනීය බලපෑමක් කරන සුළුජන හා පාවෙන ඡුන්ද ආකර්ෂණය වීම ශ‍්‍රීලනිපයට මහින්ද රාජපක්ෂ මහතා විසින් කඩා ගනු ඇතැයි සැලකිය හැකි සාම්ප‍්‍රදායික ශ‍්‍රීලනිප ඡුන්දවල අඩුව යම් පමණකින් පියවා ගැනීමට ද පහසු අවස්ථාවක් නිර්මාණය කරනු ඇති බව කිව හැකියි.
ශ‍්‍රීලනිපයේ මේ ක‍්‍රමික වර්ධනය ගැන ලියුම්කරු සමග අදහස් දැක්වූ බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වඳින ප‍්‍රබලයෙකු පවසා සිටියේ බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ සමස්ත ඡුන්දවලින් සියයට 18 -20 ත් අතර ප‍්‍රමාණයක් දිනා ගැනීම පිළිබඳ වූ තමන්ගේ ඉලක්කය මේ වන සම්පූර්ණයෙන් ඉටුවන බවක් දැකිය හැකි බවයි.
මේ තත්ත්වය ලංකාව පුරාම අඩුවැඩි වශයෙන් දැකිය හැකි තත්ත්වයක් බව අපට පැහැදිලියි. ආසන්න වශයෙන් 2015 අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණයේදී මෛත‍්‍රී – මහින්ද යන දෙදෙනා විසින්ම දිනාගත් ඡුන්ද පදනමෙන් බලපෑම් සහගත කොටසක් මෙවර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නායකත්වය දෙන ශ‍්‍රීලනිපය විසින් දිනා ගැනීම මහින්ද රාජපක්ෂ කෙරෙහි ඉතාම ඍජුව බලපාන බව කිව හැකියි. යළි කලූතර දිස්තත‍්‍රික්කයේ බණ්ඩාගරම ආසනය ම උපුටා දක්වන්නේ නම් 2015 මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපය විසින් දිනාගත් සියයට 51. 91ක් වන ඡුන්ද ප‍්‍රතිශතයෙන් (එජාපය සියයට 40.96 ස්ථාවරව පවතී යැයැ පදනම මත * ශ‍්‍රීලනිපය විසින් සියයට 20ක් ලබා ගතහොත් ඉතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහතාගේ ඡුන්ද ප‍්‍රතිශතය සියයට 30ට අඩු අගයක් ගැනීම නියතයි.
මේ තත්ත්වය ඉතාම පැහැදිලිව 2015 මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජයග‍්‍රහණය කළ දකුණු පළාත (ගාල්ල, මාතර, හම්බන්තොට* බස්නාහිර පළාතේ කලූතර, සබරගමුව පළාතේ රත්නපුර, ඌව පළාතේ මොණරාගල, උතුරු මැද පළාතේ අනුරාධපුරය සේම වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළත් දැකිය හැකියි.
ඒ අනුව අපට ඉතාම පහසුවෙන් නිගමනය කළ හැකි වන්නේ මෙම මැතිවරණයේදී සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඡුන්ද ශ‍්‍රීලනිපය – පොහොට්ටුව අතර 3/1 අනුපාතයෙන් බෙදී ගියත් සමස්ත මැතිවරණ ක‍්‍රියාවලියේ ජයග‍්‍රහණය පොහොට්ටුවට හිමි නොවනු ඇති බවයි. (2010දී මෙන් දැවැන්ත රැුල්ලක් හෝ ආකර්ෂණයක් මහින්ද රාජපක්ෂ මහතාට මෙම මැතිවරණයේ කිසිසේත් නොමැති තත්ත්වයක් බව අවධානයට ගන්න*
¥ෂණ විරෝධය ශ‍්‍රීලනිපය අතට
2015 ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දුන් ‘‘¥ෂණ විරෝධයේ ධජය’’ මෙම මැතිවරණයේදී යළි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතට පත්වීම දෛවෝපගත සිදුවීමක් වශයෙන් සැලකිය හැකියි. ඒ සඳහා ප‍්‍රධාන මෙන්ම එකම හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික‍්‍රමසිංහ, රවි කරුණානායක ඇතුළු එජාප ප‍්‍රබලයින් සම්බන්ධ බවට ඒකාබද්ධ විපක්ෂය සහ ඇතැම් ජනමාධ්‍ය විසින් අඛණ්ඩව ප‍්‍රචාරය කළ මහ බැංකු බැඳුම්කර සිදුවීම බව පැහැදිලියි.
මෙම සිදුවීමට සමගාමීව බරපතළ වංචා සහ ¥ෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂමේ අවසන් වාර්තා 34ක් ප‍්‍රකාශයට පත් වූ නමුත් එහිදී වැඩි අවධානය දිනාගත්තේ බැඳුම්කර සිදුවීම නිසා එජාපයට තමන් විසින් ඔසවනු ලැබූ ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ වංචා හා ¥ෂණ සම්බන්ධ ධජය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හිමිකර ගැනීම ඉවසා සිටීමට සිදු වුණා. එමෙන්ම ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් එජාපය පසුගිය වසර තුන තුළ අනුගමනය කළ නිහඬ පිළිවෙත මගින් එම ධජයත් ක‍්‍රමයෙන් එජාපයට අහිමි වෙමින් එය ජනාධිපතිවරයා අතට පත් වෙමින් තිබෙනවා.
අද ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයම ඔසවා තබන්නේ එජාපයට ශක්තියක් හා ආකර්ෂණයක් වූ ¥ෂණ විරෝධී හා සංහිඳියාව පිළිබඳ වර්ණවත් ධජ මගින් බව අපට පැහැදිලිව පෙනෙවා. මෙමගින් ජනාධිපතිවරයාට මහින්ද රාජපක්ෂ කණ්ඩායම වෙත ප‍්‍රබල ආකාරයෙනුත් එජාපය වෙත අනියම් ආකාරයෙනුත් තරඟයක් දීමට පහසු අවස්ථාවක් නිර්මාණය කර තිබෙනවා. අද ශ‍්‍රීලනිපය ක‍්‍රමිකව නමුත් අඛණ්ව පොහොට්ටුවට එරෙහිව සේම සීතල ආකාරයෙන් එජාපයේ ඡුන්ද පදනම දුර්වල කරමින් සිටින්නේ මේ තත්ත්වය තුළයි. මේ තත්ත්වය ශ‍්‍රීලනිපයේ ආනාගත පැවැත්ම සේම ආණ්ඩුවේ පැවැත්ම ද තීරණය කිරීම කෙරෙහි ප‍්‍රබල බලපෑමක් කළ හැකියි.
පොහොට්ටුව – රාජපක්ෂ යුගයක අවසානය
රාජපක්ෂ පවුල් පාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින පොහොට්ටු පක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථවර ඡුන්ද පදනම මත පරාරෝපිත පරපුටු පක්ෂයක් බව ආරම්භයේ සිටම පැහැදිලි වූ දෙයක්. මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කල්ලිය පොහොට්ටු පක්ෂය ආරම්භ කළේ පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලය අල්ලා ගත නොහැකි බව ඉතාම පැහැදිලිව වටහා ගෙන සිටි තත්්ත්වයක බව අප පිළිගත යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ පවුල කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදු නොවූ වාතාවරණයක් තුළ (යුධ අධිකරණය, විදුලි පුටුව වැනි* මෙම මැතිවරණය සඳහා පොහොට්ටුවේ එකම ඡුන්ද තුරුම්පුව වන්නේ මහින්ද රාජපක්ෂ සාධකය පමණයි. ඉන් එහා ගිය තීරණාත්මක සටන් පාඨයක් සොයා ගැනීමට පොහොට්ටු කල්ලිය මේ දක්වා අසමාර්ථව තිබෙන්නේ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සමග බරපතළ වංචා හා ¥ෂණ පිළිබඳ සොයා බලන ලද කොමිෂන් සභා වාර්තා පිටවීම සමගයි. මේ තත්ත්වය තුළ එජාපයේ කිල්ලොටේ හුණු සොයනවාට වඩා තමන්ගේ කුණු කන්ද වසා ගන්න රාජපක්ෂ කල්ලියට සිදුව තිබෙනවා. ඒ වගේම අන්ත රාජපක්ෂවාදියෙක්ට හැරෙන්න මේ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතා යළි ඔසවා තැබීමේ වුවමනාවක් ඇත්තේ නැහැ.
මේ තත්ත්වය තුළ ක‍්‍රමිකව සිදුවන්නේ 2015 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් භාවිත වූ ඡුන්ද පමණක් පොහොට්ටුවට විතැන්වීම පමණයි. ඒ තුළ කිසිසේත්ම 2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ ධූරයෙන් පළවා හැරීම සඳහා භාවිත වූ 62 ලක්ෂයක් ඡුන්දවලින් එක් ඡුන්දයක්වත් යළි මහින්ද රාජපක්ෂ වෙත විතැන්වීමක් සිදුවන්නේ නැහැ. සිදුවනු ඇත්තේ 2015 අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනාගත් ඡුන්දවලින් අන්තවාදී (මහින්දවාදී* ඡුන්ද පමණක් පොහොට්ටුවේ ගිනුමට බැරවීම පමණයි. එය කිසිසේත් බහුතර ඡුන්දයක් වීමට අවස්ථාවක් නැහැ.
උදාහරණයක් ලෙස මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපය විසින් (මහින්දට දුන් ඡුන්ද බව* දිනාගත් දිස්ත‍්‍රික්කවල පවා ශ‍්‍රීලනිපය විසින් ලබා දෙන දැඩි තරඟය හමුවේ සාම්ප‍්‍රදායික ශ‍්‍රීලනිප ඡුන්ද පදනම බෙදී යන තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුවට ප‍්‍රාදේශීය අති බහුතරයක් ප‍්‍රාදේශීය සභාවල බහුතර බලය දිනා ගැනීම තබා සියයට 30ක ඡුන්ද පදනමක් හෝ දිනා ගැනීම ඉතා අසීරු විය හැකියි. උදාහරණයක් ලෙස රාජපක්ෂ පවුලේ නින්දගමක් වශයෙන් සැලකිය හැකි බෙලිඅත්ත ආසනයෙන් ශ‍්‍රීලනිපය 2015 දී ලබාගත් සියයට 53.85ක ඡුන්ද ප‍්‍රතිශතය (එජාපය සියයට 36.31* මෙම මැතිවරණයේදී ශ‍්‍රීලනිපය හමුවේ බෙදී යාමට නියමිතව තිබෙනවා. ඒ අනුව එජාපයට පොහොට්ටුව සමග රාජපක්ෂ නින්දගමේදී පවා කරට කර තරඟයක් ලබාදිය හැකියි. මේ තත්ත්වය තුළ ඉතාම පැහැදිලිව පෙනී යන්නේ මෙම පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව තමන්ගේ අපකීර්තිමත් තෙවැනි පරාජය ද තීරණාත්මකව අත්පත් කර ගන්නා බවයි.
එජාපය – තනි අලියාගේ සටනක
බැඳුම්කර කොමිෂම හමුවේ යම් ආකාරයක අපකීර්තියකට පත් නොවුණා නම් මෙම පළාත් පාලන මැතිවරණය එජාපයේ තනි අලියාගේ තරඟයක් බවට පත්වීමට තිබූ අවස්ථාව කිසිවකුට බැහැර කළ නොහැකියි. ඒ ඉතාම පහසුවෙන් එජාපය 1947 සිට සින්නක්කරව ලියා ගෙන තිබෙන ලංකාවේ තනි පක්ෂයක් සතු දැවැන්තම ඡුන්ද පදනම ද සහිතව නොබිඳී, නොබියව මෙම මැතිවරණයට ඉදිරිපත්ව සිටින නිසයි.
එනිසා 1994 සිට 2001 දෙසැම්බර් 05 වැනිදා දක්වාත් 2005 ජනාධිපතිවරණයේ සිට 2015 ජනාධිපතිවරණය දක්වාත් ඡුන්දපොළට යාමට අදිමදි කළ එජාප ඡුන්ද දායකයා මෙම මැතිවරණයේදී වඩාත් උනන්දුවෙන් ඡුන් පොළට යන බව පැහැදිලියි. ඒ බැඳුම්කර සිදුවීම වැනි හුදකලා තනි සිදුවීමක් හැරෙන්නට එජාපයට එල්ල කළ හැකි අපකීර්තිමත්, අපහසකාරී මෙන්ම ජනතාව තුළ භීතිය ඇති කරන කිසිදු චෝදනාවක් මෙම මැතිවරණයේදී එජාපට එල්ල කිරීමට කිසිදු පාර්ශ්වයක් සමත් නොවන නිසයි.
උදාහරණයක් ලෙස 1994 තීරණාත්මක පරාජයෙන් පසු (වයඹ පළාත් සභා මැතිවරණයෙන්* 2015 වසර දක්වා අඛණ්ඩව දශක දෙකක් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය දැවැන්ත පරිහාණියට ලක් කළ දැවැන්ත රාජ්‍ය මර්ධනය, රාජ්‍ය මාධ්‍ය හා සම්පත් අවභාවිත කිරීම, අසත්‍ය හා ද්වේෂසහගත ප‍්‍රචාර (අලි – කොටි ගිවිසුම, රට බෙදීම* එජාපයට එරෙහිව යොදා ගැනීමට අවස්ථාවක් විරුද්ධ පාර්ශ්වවලට මේ අවස්ථාවේ නැහැ. එමෙන්ම ආණ්ඩු බලය වෙනස් කළ නොහැකි යැයි සිතමින් එජාප ඡුන්ද දායකයා ඡුන්ද පොළට යාම දුර්මුඛ කරන වාතාවරණයක් ද මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ නැහැ. ඒ නිසා ‘‘2020 දී අපේම ආණ්ඩුවක් ’’ බිහිකර ගැනීම එජාප පාක්ෂිකයින්ගේ පරමාභිලාෂය බවට පත්ව තිබෙන බවක් දැකිය හැකියි.
මේ තත්ත්වය තව දුරටත් ප‍්‍රබල කිරීමට මහින්ද රාජපක්ෂ වෙතින් සේම ශ‍්‍රීලනිපයෙන් එල්ල වන බලපෑමත් ප‍්‍රබල හේතුවක් වී තිබෙනවා. ඒ අනුව ශ‍්‍රීලනි ඡුන්ද පොහොට්ටුව – ශ‍්‍රීලනිපය අතර බෙදී යන විට එජාප ඡුන්ද සමස්තයම අලියාට වැටීම මගින් එජාපයේ ජයග‍්‍රහණය වැළැක්වීමට අවස්ථාවක් විරුද්ධ පක්ෂවලට ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ එජාපය ‘‘සංවර්ධනය’’ තේමා කරගත් තනි ගමන් යාම එජාපයේ ජයග‍්‍රහණය සඳහා ශක්තිමත් පදනමක් සකස් කරනු ඇති අතර බෙදී වෙන් වී ගිය ශ‍්‍රීලනිපය ඡුන්දවලින් ලබා දෙන පහසු අවකාශය වඩා වැඩි පළාත් පාලන ආයතන ගණනක කොළ කොඩිය එසවීමට අවස්ථාව නිර්මාණය කරනු ඇති.
එජාපයේ ජයග‍්‍රහණය තීරණාත්මක කාටද ?
පළාත් පාලන මැතිවරණයෙන් එජාපය ලබන ජයග‍්‍රහණය ඉදිරි සියලූම මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට සේම වත්මන් ආණ්ඩුව තුළ එජාපයේ ශක්තිය සේම ගරුත්වය ද සුරක්ෂිත කර ගැනීමට මහත් පිටුවහලවක් වන බව සහතිකයි. ඊට හේතුව වන්නේ ‘‘ජයග‍්‍රාහකයා සියල්ල අත්පත් කර ගැනීම’’ යන සදාතනික දේශපාලන භාවිතයයි.
එහෙත් එජාපය ලබන තීරණාත්මක ජයග‍්‍රහණය වඩාත් වැඩි ආශිර්වාදයක් වනු ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බව පැහැදිලිය. භූමියේ දේශපාලන යථාර්ථය අනුව ශ‍්‍රීලනිපයට එජාපය සතු ඡුන්ද පදනම අතික‍්‍රමණය කළ නොහැකි වුවත් ඉදිරි මැතිවරණ සඳහා වඩාත් ශක්තිමත් පදනමක් මෙන්ම ආරක්ෂාවක් ද ලබාගත හැකි වනු ඇත. ඒ 2020 දක්වා ජනාධිපති ධූරය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දරන දේශපාලන යථාර්ථය තුළ පමණක් නොව මහින්ද රාජපක්ෂගේ තෙවැනි ඇද වැටීම සමග පක්ෂය තුළ සේම දේශපාලන භූමිය තුළ ද වඩාත් ස්ථාවර වීමට සහ අවකාශයක් නිර්මාණය කර ගැනීමට ආරක්ෂිත සේම පහසු අවස්ථාවක් ජනාධිපතිවරයාට හිමි වන හෙයිනි.
මේ තත්ත්වය තුළ මෛත‍්‍රී – රනිල් හවුල් ආණ්ඩුව විසින් පෙබරවාරි 10 වැනිදායින් පසු ගන්නා සියලූම ධනාත්මක පියවරවල කේවල ගරුත්වය සේම හවුල් ගරුත්වය ද එජාපයට සේම ශ‍්‍රීලනිපයට ද භුක්ති විඳීමට හැකිවනු ඇත. එහිදී ශ‍්‍රීලනිපය සේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි තීරණාත්මක වනු ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයා විසින් අත්පත් කොට ගෙන සිටින ¥ෂණ විරෝධී ධජය තීරණාත්මක අවසානයක් කරා ගෙන යාමය. එවිට ඉතාම පහසුවෙන් තම දේශපාලන ප‍්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ සේම බැසිල්, ගෝඨාභය, නාමල් සේම විමල් වීරවංශ ඇතුළු ¥ෂිණ චෝදනා ලබා සිටින ¥ෂිතයින්ට එරෙහි පරීක්ෂණ සේම ලසන්ත වික‍්‍රමතුංග, වාසීම් තාජුඞීන්, වැලිකඩ බන්ධනාගාර ඝාතන, මිග් 28 ගනුදෙනුව වැනි සිදුවීම් තීරණාත්මක අවසානයක් කරා රැුගෙන ගොස් යුක්තිය ඉටු කළහොත් 2020 ජනාධිපතිවරණය ‘‘සමානයන් අතර සටනක්’’ බවට පත්වනු ඇති අතර එමගින් 2025 දි සිදු කිරීමට සැලසුම්කර ඇති නිමල් රාජපක්ෂගේ රාජාභිෂේකය ද සදාතනික සිහිනයක් වේවි.
මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සඳහා මෛත‍්‍රී – රනිල් දෙපක්ෂයේ ජයග‍්‍රහණය සේම මැතිවරණයෙන් පසු යළි මෛත‍්‍රී – රනිල් සහයෝගී ආණ්ඩුව ද ජනතා ජයග‍්‍රහණය කෙරෙහි අත්‍යශ්‍ය සාධකයක් වන බව පැහැදිලියි. එනිසා තමන්ගේ ඡුන්ද මල්ල පුරවා ගැනීම සඳහා දේශපාලන වේදිකාවේ කළ කතා, පුරසාරම් පෙබරවාරි 10 වැනිදාට පසු අමතක කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ජාතික සංහිඳියාවේ පොදු හතුරා සදාකාලිකව පරාජය කිරීම සඳහා මෛත‍්‍රී – රනිල් අත්වැල් බැඳගනු ඇති බව අප සියලූ දෙනාගේ අපේක්ෂාවයි.

සටහන
භාතිය බරුකන්ද

අදහස්


ප්‍රතිචාර 4

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *