‘සොච්චම් විශ්‍රාම වැටුපක් එපා’ – වෘත්තීය සමිති අගමැතිට කියයි. කම්කරු නියෝජිතයන් සමග එක්ව තීරණ ගන්න ආණ්ඩුව එකග වෙයි .

නොවැම්බර්

18

8:07 පෙ.ව.

admin

රනිල් වික්‍රමසිංහ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘතත්තිය සමිති නායකයන්ට උදේ ආහාරය සඳහා පසුගියදා අරළියගහ මැදුරට පසුගියදා අගමැතිවරයා ආරාධනා කළේ ය. මේ ආරාධනයේ අරමුණවූයේ  ඊ. පී එෆ් සහ ඊ. ටී. එෆ්  අරමුදල් සම්බන්ධයෙන් පසුගියදා 6වෙනිදා අගමැතිවරයා කළ යෝජනාව පිළිබඳ වෘත්තිය සමිති නියෝජතයින් සමග සුහද පිළිසඳරක යෙදීම ය.  ජාතික කම්කරු උපදේශක සභාවේ සියලූම වෘත්තිය සමිති නායකයින් පැමිණ සිටි නමුත් බැංකු සේවක සංගමයේ නියෝජිතයෙක් පැමිණ සිටියේ නැත. එය සන්නිවේදනයේ වරදක් බව  පැවසූ අග‍්‍රාමාත්‍ය වික‍්‍රමසිංහ මහතා ඊ ළග රැුස්වීමට අනිවාර්යයෙන්ම බැංකු සේවක සංගමයට දැනුම් දෙන බව සභාවට දැනුම් දුන්නේ ය.

පැමිණි  සියළුම දෙනා පිළිගත් අගමැතිවරයා  6වෙනිදා ඔහු කළ කථාවේ සම්පිණ්ඩනයක්  කළේ ය. එහි එක කොටසක සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විශ‍්‍රාම වැටුපකට පරිවර්ථනය කරන යෝජනාව එහි සඳහන්ව තිබුණි. තව ද ඒ මගින් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් සකස් කරන බව එහි සඳහන් විය. එම අරමුදල් දෙක ඒකාබද්ධකර නව අරමුදලක් පිහිටුවා ඒ අරමුදල පරිපාලනය කිරීමේ මණ්ඩලයට වෘත්තිය සමිති නියෝජතයින් ද පත්කර ගැනීමට අදහස් කරගෙන සිටින බව අගමැතිවරයා පැවසී ය. සාකච්ඡුාවට හවුල් වූ වෘත්තිය සමිති නායකයින් අතිමහත් බහුතරය මූලික වශයෙන් එකි අරමුදල් මහබැංකුවෙන් ඉවත්කරනවාට තමන් විරුද්ධ බව ප‍්‍රකාශ කළහ. වෘත්තීය සමිති කිහිපයකට පමණක් එය එතරම් ප‍්‍රශ්නයක් වූයේ නැත. කෙසේ නමුත් විශ‍්‍රාම යන පෞද්ගලික අංශයේ ශ‍්‍රමිකයින්ට අර්ථ සාධක අරමුදල වෙනුවට  ඵලදායි විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්  ඇතිකිරීම පිළිබඳව කිසිවෙක් අකැමැතිවූයේ නැත. ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෘත්තිය සමිති නායකයෙකු වූ ලෙස්ලි දේවේන්ද්‍ර කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ක‍්‍රියාකළ ආකාරයට හිතුවක්කාරි ලෙස මෙය නොකරන ලෙස පමණි.

පෞද්ගලික අංශයට ද විශ‍්‍රාම වැටුපක් ලබාදෙන බව පෙන්වමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද උක්ත අරමුදල් නිදහස් කරගැනීමේ උත්සාහයක නිරත විය. එදා එම යෝජනාවට කම්කරුවෝ දැඩි ලෙස විරුද්ධ වූ හ. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සෙවකයෙකු වූ පොලිස් වෙඩි පහරකින් මිය ගියේ ද ඒ කම්කරු සටනේ ප‍්‍රතිඵලයක් ලෙසට ය. එපමණක් නොව රාජපක්ෂගේ ආණ්ඩුවේ උවමනාව පරාජය කිරීමට ද කම්කරුවෝ සමත් වූ හ. කම්කරුවන් එදා එයට විරුද්ධ වූයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයකට අකැමැති නිසා නොව එය ගණනය කරන ආකාරයට එරෙහිව ය. අරමුදලට කම්කරුවා ලබාදෙන දායකත්වයේ ප‍්‍රමාණය මත ගණනය වූ ඒ ක‍්‍රමය තුළ වසර 10 පමණ සේවය කළ ඇතැම් කම්කරුවන්ට ලැබෙන්නේ රුපියක් 2000- 3000 ක පමණ විශ‍්‍රාම වැටුපකි. එවැනි සොච්චම් විශ‍්‍රාම වැටුපකට කම්කරුවන් කිසිසේම එකග නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ පිළිබඳව ද කම්කරු නායකයෝ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාව දැනුවත් කළේ ය. කම්කරුවෙකු විශ‍්‍රාම වනවිට ඔහු අවසාන වරට ලබාගත් මාසික වැටුපෙන් 75%ක විශ‍්‍රාම වැටුපක් වත් ලැබෙන්නේ නම් අගමැතිවරයාගේ යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට වෘත්තිය සමිති නායකයින් මනාප බවක් පෙනෙන්නට තිබුණි. ඔවුන් පවසන්නේ රාජ්‍ය අංශයට ලැබෙන ආකාරයේ විශ‍්‍රාම වැටුපක් ඔවුන්ට ලැබිය යුතු බව ය. ජනතා විමුක්ති පෙරමුණෙ වෘත්තිය සමිති නියෝජනය කරන වසන්ත සමරසිංහ ද මෙයට කැමති ය. ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමතිවරයා ද පැමිණ සිටි  නමුත් එකි විශ‍්‍රම වැටුප් ගණනය කරන ආකාරය පිළිබඳව ඒ අවස්ථාවේ පැහැදිළි කිරීමක් කර නැත.

මෙම හමුවේ දී තවත් වෘත්තිය සමිති නායකයෙකු පෙන්වා දී ඇත්තේ  උක්ත අරමුදල් දෙක පොදු අරමුදල් නොවන බව ය. මේ අරමුදලේ සාමාජිකයින් 25 ලක්ෂයක් සිටින අතර ඒ  එක් එක් සාමාජිකයාගේ ගිණුම් තිබෙන්නේ පෞද්ගලික ගිණුම් හැටියට බව ඔහු පෙන්වා දී තිබේ. කරන දෙයක් ඔවුන්ගේ අනුමැතිය ඇතිව කළයුතු බව ඔහු අගමැතිවරයාට සැළකර සිටියේ ය. ඒ අනුව ආණ්ඩුව මේ මුදල් වලින් කරන්නට යන්නේ කුමක් ද යන්න ඇතුලත් වන පරිදි සවිස්තරාත්මක ධවල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළයුතු බව ඔහු යෝජනා කර තිබේ. තව ද එම ධවල පත‍්‍රිකාව වෘත්තිය සමිතිවල සාකච්ඡුාකර පසුව තම සාමාජිකයින් ද ඒ සාකච්ඡුාවට හවුල්කරගතහැකි බව ඔහු පෙන්වා දී තිබේ. මෙයට හිස සැලූ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා කිසිවක් ප‍්‍රකාශ කළේ නැත.

 කෙසේ නමුත් සාකච්ඡුා මගින් එකගතාවයක් ඇතිකර ගැනීමට නොහැකිනම් මේ යෝජනාව ක‍්‍රියාත්මක නොකරන බව අගමැතවරයා අවසානයේ වෘත්තිය සමිති නායකයින්ට පැවසී ය. වෙනත් දිනයක් නැවත රැුස්වීමේ බලාපොරොත්ව ඇතිව ඉතාමත් සුහදව සාකච්ඡුාව අවසන් විය.

මහින්ද රත්නායක

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *