රාජපක්ෂ පවුලේ සහ හවුලේ අපරාධ නඩු විසඳීමට විශේෂ අධිකරණයක් – ඇමැති රාජිත

අගෝස්තු

16

12:54 ප.ව.

admin

දැනට මහාධිකරණයක නඩු කටයුත්තක් අවසන්වීමට වසර දහයකුත් මාස දෙකක කාලයක් ගතවන තත්ත්වයක් පවතින බැවින් මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සහ රාජපක්ෂ රෙජීමයේ සෙසු දූෂිතයන්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන අපරාධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක් පිහිටුවන ලෙස ඊයේ ( 15) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවැති ‘‘දෙලක්ෂය සීරුවෙන්’ මහා සත්‍යග‍්‍රහයට සහභාගි වූ දහස් සංඛ්‍යාත ජනතාව අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. සත්‍යග‍්‍රහය අවසානයේ අදහස් දැක්වූ දඹර අමිල හිමියෝ පැවසුවේ එය අත්‍යාවශ්‍ය කටයුත්තක් වන බවය.

මෙම කාරණය සම්බන්ධයෙන් ජනතාව එම අවස්ථාවට පැමිණ සිටි මැති ඇමැතිවරුන්ගෙන්ද ප‍්‍රශ්න කළහ. ඊට ප‍්‍රතිචාර දක්වමින් විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා ප‍්‍රකාශ කළේ් එලෙස වෙනම අධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, දැනට පවතින අධිකරණ පද්ධතියේ කිසියම් මහාධිකරණයක් තෝරාගෙන අදාළ නඩු සියල්ල එයට යොමු කිරීමෙන් පවතින ක‍්‍රමය තුළම නඩු කටයුතු ඉක්මන් කරගැනීමට දැනටත් ප‍්‍රතිපාදන ඇති බවය. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිදුවීමට අදාළ නඩුව විභාග කළ ආකාරය ඊට නිදසුනක් ලෙස ඔහු ඉදිරිපත් කළේය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නද අදහස් දක්වමින් එම අදහස අනුමත කළේය. පවතින මහාධිකරණයකට ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කොට එකදිගට නඩු අසන ක‍්‍රමයක් ඇති කිරීමට ඇති හැකියාව ඔහුද අවධාරණය කළේය. සේනාරත්න ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ එම කාරණය පිළිබඳ ඉකුත් කැබිනට් රැුස්වීමේදී සාකච්ඡුා වූ බවත්, ළගදීම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කෙරෙනු ඇති බවත්ය.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *