ශ්‍රී ල නි ප ය අල්ලාගැනීම අපේ අරමුනයි – වාසුදේව යෝසිත අත්අඩංගුවට ගැනීම විරුද්ධවාදින් දඩයම් කිරීමක්

පෙබරවාරි

3

7:06 පෙ.ව.

admin

ඒකාබද්ධ විපක්ෂ සන්ධානයේ ඉදිරි ක්‍රියා මාර්ගය හා රාජපක්ෂ පවුලේ දූෂණ සම්බන්ධයෙන් යුක්තිය කළ විමසීමකට, පාර්ලිමේන්තු මංත්‍රී වාසුදේව නානායක්කාර මහතා දුන් පිළිතුරු මෙසේ ය.

ඒකාබද්ධ විපක්ෂය ක්‍රමානුකූලව පසුගිය වසර තුළ ගොඩනැගී බීජ අවස්ථාවේ සිට අද වෙනකොට එය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ දේශපාලන ක්‍රියාකාරිත්වයක් බවට පත්වී තිබේ. මහින්ද මහතා මෙහි නායකයා ලෙස ක්‍රියාකාරීව මැදිහත් නොවුනත්, එතුමාගේ ජාතික නායකත්වයේ ආශීර්වාදය ඇතිවයි මේ ඒකාබද්ධ විපක්ෂය ගොනුවී තිබෙන්නේ. නමුත් එතුමාගේ මැදිහත්වීමක් නෑ මේක මෙහෙයවන්නට. මේක එදිනේ දා මෙහෙයවීමේ නායකත්වය ගන්නේ දිනේශ් ගුණවර්ධන මැතිතුමා. ඒ අතර අපි පත්කරගෙන තියෙනවා භාණ්ඩාගාරික ලෙස අළුත්ගමගේ මැතිතුමා. සංවිධායක ලෙස ඩලස් මංත්‍රිතුමා, හැරුනහ ම කැඳවුම්කරු ලෙස ප්‍රසන්න රණතුංග මැතිතුමා ඒ කටයුත්ත කරනවා.

මේ ව්‍යුහය දැනට තාවකාලිකව පවත්වාගෙන යන ව්‍යුහයකි. ඒකාබද්ධ විපක්ෂය පසුකලෙක මීට වඩා පරිපූර්ණ ව්‍යුහයක් හදාගත යුතු ය. නමුත් ඒක හදාගන්නට බලාපොරොත්තු වෙන්නේ නිදහස් සන්ධානයේ අයිතිය පරිපූර්ණ ලෙස මේ ඒකාබද්ධ විපක්ෂය විසින් අත්පත්කර ගැනීමෙන් පසුව ය. අපේ ඉදිරි කාලයේ බාහිර දේශපාලනයට අමතරව අපේ අරමුණ වෙන්නේ ශ්්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඇතුළුව සන්ධානයේ අයිතිය නැවතත් ඒකාබද්ධ විපක්ෂය මුල් වූ දේශපාලන බලවේගයට අත්පත්කර ගැනීමට ය. ඒ සමග ඉදිරි කාලයේ දේශපාලනය වෙන්නේ පක්ෂ අතර තිබෙන්නා වූ අරගලයක් හැටියට ය. ඒ අවස්ථාව අපිට ලැබුණොත් අපි බලාපොරොත්තු වෙනවා පලාත් පාලන මැතිවරණය තුළ, ඉක්මනටම අපිට අපේම බලයක් පෙන්නන්න. ඒ බලය පෙන්නීමත් සමග මේ අරගලයේ භාගයකට වඩා අපිට සම්පූර්ණ කරගන්නට පුළුවන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයිති කාට ද? එක්සත් සන්ධානයේ බලය කාට ද? කියන එක ජනතලයේ අපිට ඔප්පුකර පෙන්වන්නට වෙලාවයි. එවැනි අවස්ථාවක සිට ඊ ළග පියවරට අපිට යන එකට පහසු ය. අපේ අයිතිය ඊට පසුව අහිමි කරන්නට හෝ අපිට අයිති නෑ කියලා කියන්නට කිසිවෙකුට නොහැක. මේක තමයි අපේ අදහස වී තිබෙන්නේ. මේ අතර තුර විවිධාකාර හැඩගැසීම් අපි පවත්වාගෙන යනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම නේ විශාලම කණ්ඩායම. යම් අතුරු කාලසීමාවකට උවමනා යම් ව්‍යුහයක් ඔවුන් අය හදාගනු ඇත.

විපක්ෂයේ අවත් කොටසක් වෙනම පක්ෂයක් හදාගැනීමේ උත්සහායක ඉන්නවා නේද?

එහෙම එකක් නෑ. සමහරු අදහසක් ගෙනෙනවා වෙනම අළුත් පක්ෂයක් හදමු කියලා. හදලා ලියාපදිංචි කරලා ලකුණක් ගමු කියලා. ඒ අදහසට එතරම් පිළිගැනීමක් නෑ. අපේම අයිතිය අපි අත්හැරීමක් ලෙස වැඩි මංත්‍රිවරු සංඛ්‍යාවක් එක දකිති. සන්ධානය ඒ අයට භාරදී අපි වෙනම එකක් හදාගන්නවාය කියන්නේ ඔවුන්ගේ උවමනාව ඉටු කිරිමකි.
අයිතිය ලබාගැණිම සඳහා ගෙනයන ඒ සටන අසාර්ථක වූවොත් මොකද්ද කරන්නට බලාපොරොත්තු වෙන්නේ ?
ඒකේ ප්‍රතිපඵයක් හැටියට තමයි ඊ ළග එක බිහිවෙන්නේ. ජනතලයේ මිසක් නිලතලයේ නොව ඒක තීන්දු වෙන්නේ.
ජනාධිපතිවරයා දැන් ජනාධිපති බලතලත් සහිතව සිටින්නේ, එතකොට නිලබලයෙන්ම ඔහු සභාපතිනේ ද?
ඔව් නිලබලය හා ජනබලය අතර ගැටුමක් ඇත.

අපි හිතනවා අන්තිමට ජනබලය ජයගනියි කියලා. එතකන් තමයි මේ අතුරු පියවරේ අපි රෑදී සිටින්නේ.
මහින්ද මහත්තයා ජාතික නායකයා. අපි ජනතා නායකයා ලෙස ඉදිරියට දාගෙන ඉන්නේ දිනේෂ් ගුණවර්ධන ය.

පසුගිය ආණ්ඩු කාලයේ කළ දූෂණ වංචා දැන් එළිවෙමින් පවතිනවා. ඒක ඔය දේශපාලන ගමනට කෙසේ බලපානු ඇත් ද?

දූෂණ වංචා පිළිබඳව ආණ්ඩුවක් ක්‍රියාත්මක විය යුතුයි.
ඒක නීතිය ක්‍රියාවට නැගීමකි. අපේ ඒකාබද්ධ විපක්ෂයේ සියල්ල එකට එකග ය. එහෙත් ඒක නීතිය ක්‍රියාත්මකවීමක් විනා විරුද්ධවාදීන් දඩයම් කිරීමක් ලෙස නොවිය යුතුයි.

ඇයි දැන් එහෙම පෙනෙන්නෙ නැත් ද?

නැහැනේ, හැන්දෑවේ නේ යෝසිත රාජපක්ෂ උසාවියට ඉදිරිපත් කළේ. නිවාඩු දිනයේ.

ඒක නීතිවිරෝධි නැහැ නේ, ඔබ ඔහොම කිව්වාට දැන් පසුගිය ආණ්ඩු කාලයේ දී ශිරානි බණ්ඩාරනායක හා සරත් ෆොන්සේකාට එරෙහිව ක්‍රියා කළේ ඔබ කියන ආකාරයට ද?
ඔව් ඒ ගැන විවාදයක් හැමදාම තියෙනවා නේ. ඒ ආණ්ඩුව බලයේ ඉන්නකොට ඒ ආණ්ඩුව ගැනත්, මේ ආණ්ඩුව බලයේ ඉන්නකොට මේ ආණ්ඩුව ගැනත්. මතුවන විවිධ පියවරයන් ගැන විවාද සම්පන්න භාවයක් තියෙනවා. අද අපිට තියෙන්නේ අද තියෙන ආණ්ඩුව කිසියම් ආකාරයකට යටි චේතනාව වියයුතු නෑ දේශපාලන විරුද්ධවාදින් දඩයම් කිර්ීමට. විය යුත්තේ නීතිය ක්‍රිියාවට නැගිමය. නීතිය ක්‍රියාවට නැගීමේ දී සාමාන්‍ය විනිවිධ භාවයකින් කරගෙන යන්නට ඕනේ.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *