නැවු නොඑන වරාය නැවු හදන්න යොදාගනියි චීන සමාගමක් එන්න ලෑස්තියි

සැප්තැම්බර්

8

10:05 ප.ව.

admin

ප්‍රකෝටි ගණනක් වියදම් කරමින් ඉදිකලද නැවු නොපැමිණීම නිසා පාළුවී ඇති හම්බන්තොට වරාය අශ්‍රිතව නැවු නිෂ්පාදනය හා අලුත්වැඩියාව ආරම්භ කිරීමට රජය කටයුතු කොට ඇති බව වාර්තාවෙයි . මේ සදහා මුල් අදියරේදී රුපියල් කෝටි දෙසීයක් වියදම් කිරීමට ඇස්තමේන්තු කොට තිබේ .

අර්ජුන රණතුංග ඇමැතිවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක මෙම වැඩ පිළිවෙළට අනුව නැවු නිෂ්පාදනය සදහා මෙරටට පැමිණීමට චීන සමාගමක් කැමැත්ත පළකොට ඇති බවද වාර්තා වෙයි .

මේ වනවිට කොළඹ  වාරයේ නැවු නිෂ්පාදන හා අලුත්වැඩියා කටයුතු සිදුකරණ අතර එමගින් ඉන්දියාවට ,සිංගප්පුරුවට, යුරෝපා රටවලට මෙන්ම තවත් බොහෝ රටවලට සේවා සපයා ඇත . කෙසේ වෙතත් නීතිමය හා වෙනත් අවහිරතා නිසා එම කර්මාන්තයේ වර්ධනය සීමා වී ඇති බවද කියති . පසුගිය සමයේ එතරම් අවධානයට ලක් නොවූ මෙම ක්ෂේත්‍රය නගා  සිටුවීමට වත්මන් රජයේ ප්‍රමුකත්වයක් හිමිවන බව කියති .

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *