දිනේෂ් ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය අරගත්තේ දෙවියන් විසින්මයි – වජිර අබේවර්ධන . හොරෙන් කැඩූ පොල්වලට මුදල රැගෙන නැවත පසුම්බිය ලැබෙන්න සලස්වලා !

පෙබරවාරි

8

4:30 ප.ව.

admin

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එන්.සී.අයි.ඞී.) විසුරුවා හරින්නැයි දෙවියන්ට පොල් ගසන්න සීනිගම දේවාලයට ගිය ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය අරගත්තේ දෙවියන් විසින්ම බව තම විශ්වාසය යැයි වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂය සීනිගම දේවාලයට ගෙන ආවේ හොර පොල් බව දැනගත් දෙවියන් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයාගේම මුදල් පසුම්බිය රැුගෙන හොරෙන් කැඩූ පොල්වලට අදාළ මුදල රැුගෙන නැවත පසුම්බිය ලැබෙන්න සලස්වා ඇතැයි ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කීය.

හොර පොල් රැුගෙන හොරුන් වෙනුවෙන් පෙනී සිටීමට දේවාලයට ආව ඒකාබද්ධ විපක්‍ෂයට දෙයියන් කදිම පාඩමක් උගන්වා ඇතැයි කී අමාත්‍යවරයා දෙවියන් රවටන්නට උත්සාහ නොගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන්නැයි ද එවිට දෙවියන් ඒකාබද්ධ විපක්‍ෂයේ මුහුණු බළනු ඇතැයි සඳහන් කළේය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ කොළඹ දී ඊයේ (7) විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *