හෝ ගානා පොකුණ දින සියයට ආදායම ලක්‍ෂ 1319 යි ඉහළම ප්‍රතිචාර ලබමින් තවමත් ප්‍රදර්ශනයේ

මාර්තු

24

8:46 පෙ.ව.

admin

Ho gana Pokunaනිර්මාණශීලී නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු ලෙස වේදිකාවේ දස්කම් පෑ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ප‍්‍රථම සිනමා නිර්මාණය වන හෝ ගානා පොකුණ දින 100 ක් ඉක්මවා ප‍්‍රදර්ශනය වුවත් තවමත් ප්‍රේක්‍ෂක ඉල්ලූම මත සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය වේ.
සිනමා ශාලා වැසීගෙන යන, ඇතැම් චිත‍්‍රපට සතියෙන් දෙකෙන් ගැලවෙන වකවානුවක චිත‍්‍රපටයක් දින 100 ක් ඉක්මවා ප‍්‍රදර්ශනය වීම එහි නිර්මාපකයාගේ ජයග‍්‍රහණයක් මෙන්ම සමස්ථ සිනමා කර්මාන්තයේ ද ජයග‍්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
දින සියය පිරීම නිමිත්තෙන් පසුගිය 19 වැනි දින පැවතී පුවත්පත් සාකච්ඡුාවේ දී අදහස් දක්වමින් ඉන්දික ප‍්‍රනාන්දු සඳහන් කළේ සිය ප‍්‍රථම නිර්මාණය සාර්ථක වීම පිළිබඳව බෙහෙවින්ම සතුටුවන බවත්, ඉදිරියේ දී තවත් නිර්මාණ කිහිපයක් කිරීමට අදහස් කරන බවත්ය. ඊට පෙර තමාගේ ආචාර්ය උපාධියේ කටයුතු අවසන් කිරීමට සිතාගෙන සිටින බවද ඔහු පැවසීය.
චිත‍්‍රපටයේ සම නිෂ්පාදකවරුන්වන කෞෂල්‍යා ප‍්‍රනාන්දු, කුසුම්සිරි ජයවර්ධන, සුනිල් ටී. ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් හා චිත‍්‍රපයට ප‍්‍රදර්ශනය කළ ඊ.ඒ.පී. මණ්ඩලයේ විධායක අධ්‍යක්‍ෂ තුසිත ද සිල්වා මහතා ද සහ අදහස් දැක් වූහ. එහිදී අදහස් දක්වමින් සිනමා ශාලා හිමිකරුවකු හා වැඩිම චිත‍්‍රපට ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ චිත‍්‍රපට නිෂ්පාදකවරයකු වන සුනිල් ටී. ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කර සිටියේ, රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාව නමට පමණක් තිබෙන බවත්, එයින් සේවයක් වන බව නොපෙනෙන බවත්, සංස්ථාව කුමන තීන්දු තීරණ ගත්තත් තමන් තමන්ගේ වැඩකටයුතු දිගටම පවත්වාගෙන යන බවත් ය. හෝ ගානා පොකුණ නිෂ්පාදනයට තමා දායක වූයේ චිත‍්‍රපටයේ වැඩකටයුතු බොහෝ දුරට අවසාන වූ පසුව බවත්, තමාගේ මැදිහත්වීම මත මෙය දින 100 ක් ඉක්මවා ප‍්‍රදර්ශනය කිරීමට හැකි වූ බවත්, එය තමා පෞද්ගලිකව ලද ජයග‍්‍රහණයක් නොව සමස්ථ සිනමා කර්මාන්තයම ලත් ජයග‍්‍රහණයක් ලෙස තමා සලකන බවත් ය.
‘‘ඉන්දික ෆර්ඩිනැන්ඩුට තවත් සාර්ථක නිර්මාණ කිරීමට වාසනාව ලැබේවා! ’’යි යුක්තිය සිනමා කලා පිටුවෙන් සුභපැතුම් එක්කරමු.

අදහස්


එක් ප්‍රතිචාරයක්

  • Sandu Abeysekere says:

    I would like to find out who wrote this. Kaushalya Fernando is Somalatha Subasinghe’s daughter. She was in no way involved in this film. It was Yashodhara Sarachchandra (Dr Ediriweera Sarachchandra’s daughter) who produced the film with her husband Kusumsiri Liyanaarachchi (not Jayawardane). The director is Indika Ferdinando (not Fernando). This just goes to show the tragic state of journalism in Sri Lanka. You should be ashamed of yourself for not being able to get something as simple as a name right. Utter incompetence and ignorance!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *