හැටේ දශකයේ සංචාරක නාට්‍ය කණ්ඩායම්, ප්‍රේක්‍ෂකයන්, සමාජ වටාපිටාව සහ අද. – මනෝජ් රූපසිංහ

ජනවාරි

5

8:03 පෙ.ව.

admin

රූපවාහිනියත්, අන්තර්ජාල භාවිතයත් අපේ රස මනස ගිල නොගත් හැටේ දශකය තෙක් පැවති  ඉහළම විනෝද මාධ්‍යය සිනමාවය. එය හැත්තෑව දශකයේ අවසානය තෙක්ම පැවතුනි. එකල සිනමා පටයක් ප‍්‍රක්‍ෂේපනය කිරීම හැඳින් වූයේ බයිස්කෝප් එකක් පෙන්වනවා යනුවෙනි. පේ‍්‍රක්‍ෂකයන්ට චිත‍්‍රපට නැරඹීමට සිනමා ශාලා තිබුණේ අල්ප වශයෙනි. ඒ ප‍්‍රධාන නගරයකට එකක් හෝ දෙකක් බැගිනි. මා මෙම ලිපියට පදනම් කරගන්නේ මා හැදුණු වැඩුණු ගම වන පොළොන්නරු දිස්ත‍්‍රික්කය ය. එවක  එනම්්++   හැටෙ  දශකයේ  පොළොන්නරු දිස්ත‍්‍රික්කයට  ම තිබුණේ සිනමා ශාලා හතරකි.
පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ ඡුන්ද කොට්ඨාශ තුනකි. ඒ මින්නේරිය, පොළොන්නරුව, මැදිරිගිරිය යනුවෙනි. (ඡුන්ද කොට්ඨාශ ක‍්‍රමයට ඡුන්දය පැවැත් වූ එකල ප‍්‍රදේශ සඳහන් කෙරුණේ ද ඡුන්ද කොට්ඨාශ මට්ටමෙනි* එයින් මැදිරිගිරිය ඡුන්ද කොට්ඨාශයට එකදු සිනමාහලක්වත් එකල නොතිබූ අතර පොළොන්නරුව ට ජයන්ති හා දීපානි නමින් සිනමා හල් දෙකක් තිබුණු අතර, මින්නේරිය ට ‘ජෙමිනි සර්කිට්’ යනුවෙන් මින්නේරිය හන්දිය අසල, ටකරන්වලින් වට වූ සිනමාහලක් පිහිටා තිබූ අතර, ‘මින්නේරි සිනමා’ නමින් හි`ගුරක්ගොඩ නගරය අසල සිනමා ශාලාවක් ද විය. පසු කලෙක හි`ගුරක්ගොඩ සමූපකාර සමිතිය මගින් ‘සමූපකාර සිනමා’ නමින් තරමක් නවීන පහසුකම් වලින් යුත් සිනමාහලක් ආරම්භ කරන ලදී. මින්නේරිය අසල තාවකාලිකව ඉදිකර තිබූ සිනමා ශාලාව ඉවත්කර ගන්නා ලදී. එය පසුව ‘අනුර’ නමින් මැදිරිගිරිය නගරයේ ස්ථාපිත කළ බව මගේ මතකයයි.
කොලූගැටව් වන අපි පා පැදි වලින් හෝ පා ගමනින් ගොස් ශත 55 ක් ගෙවා ගැලරියේ බංකුවල වාඩි වී සිනමාපට (බයිස්කෝප්* නැරඹූ හැටි අද ද මතකය. අපේ ප‍්‍රියතම තරුවන ගාමිණි, ජෝ, වොලි, ඔස්වල්ඞ්, ෂේන්, බන්දු, රොබින්, ඇලෙක්ස්, සේනාධීර, ආනන්ද ජයරත්න  ආදී ජනප‍්‍රිය ශිල්පීන්ගේ සිනමා පට ආශාවෙන් බැලීමට අපි පුරුදු වී සිටියෙමු. පසුකලෙක විජය කුමාරතුංගයන්ගේ හා මාලනී ෆොන්සේකාගේ සිනමා සම්ප‍්‍රාප්තිය සමග තරුණයන් අභිබවා යමින් තරුණියන්ගෙන් හා කාන්තාවන්ගෙන් සිනමා ශාලා පිරෙන්නට විය. ඔවුන් වැඩිපුරම නැරඹුවේ දිවා කාලයේ පවත්වන දර්ශනයි. ඒ ගමනාගමන අපහසුව නිසාවෙනි. දිවා දර්ශන පෙරවරු 10.30 ට සහ පස්වරු 2.30 ට පැවැත් විය. ඒවා හැඳින් වූයේ ‘මැටිනි ෂෝ’ නමිනි. ඒ එකල තිබූ ප‍්‍රධානතම විනෝද මාධ්‍යයේ හැඩතලයි. වත්මන් ජනාධිපතිතුමා ද එකල පොළොන්නරුවේ ජයන්ති හා දීපානි යන සිනමා ශාලාවලට ගොස් චිත‍්‍රපට නැරඹීමට පුරුදුව සිටි සිනමා රසිකයෙක් බව එතුමා පසුගිය දා සිනමා ශිල්පීන් හමුවූ අවස්ථාවක පවසා තිබුණි. මේ බව මට පැවසුවේ චිත‍්‍රපට නිෂ්පාදක පද්මසිරි කොඩිකාර මහතාය.
සිනමාවට අමතරව ග‍්‍රාමීය පළාත්වල ජනතාවට විනෝදාස්වාදය සැපයූයේ ගම්වලට එන සංචාරක නාට්‍ය හා නැටුම් කණ්ඩායම් ය. ඒ අතරින් පන්සලේ වැඩිදියුණුවට ආධාර උපයාගනු පිණිස ගෙන්වන ‘සූවිසි විවරණ නැටුම් කණ්ඩායම’  සුවිශේෂ විය. ඊට අමතරව පන්තේරු නැටුම් කණ්ඩායම් ද ගෙන්වති. ඔවුන් එන්නේ පහතරටිනි. උඩරට නැටුම් කණ්ඩායම් එන්නේ කන්දඋඩරට මැණික්හින්න පලාතෙනි. අම්බලන්ගොඩින් රූකඩ සංදර්ශන ගෙන්වන අවස්ථාවන් ද ඇත.
පන්සලේ බණ මඩුව හෝ මිදුල ඔහුන්ගේ රංග භූමිය වූ අතර විදුලි ආලෝකය නොතිබූ එකල ආලෝකය සැපවූයේ පෙට්ට‍්‍රල් මැක්ස් ලාම්පු වලිනි. ආලෝකය වඩාත් තීවෘර කිරීම සඳහා පෙට්ට‍්‍රල් මැක්ස් ලාම්පු පිටුපස මූණ බලන කණ්ණාඩි (තලදර්පන* තබා එයින් පරාවර්තිත ආලෝකය රංග භූමිය වෙත එල්ල කරන ලදී. කිසිදු මුදල් අයකිරීමක් නොකර පෙන්වන ලද මෙම ප‍්‍රසංග නැරඹීමට ගැමියන් හුලූ අතු එළි උපයෝගි කරගෙන, පන්සල් වෙත ආවේ නැටුම් නැරඹීමට මෙන්ම, පන්සලේ වැඩිදියුණුව සඳහා පවත්වනු ලබන මල්වට්ටි වේන්දේසියට හැකිිපමණින් හරි දායක වීමටත්,  භාණ්ඩ සල්පිලෙන් තමන්ට මිලදී ගත හැකි මුදලකට වෙන්දෙසියෙන් ඈවර වෙන භාණ්ඩයක් මිලදී ගැනීමටත්ය.
මෙම වෙන්දේසි ද රසවත් ලෙස ඉදිරිපත් කිරීමට සංවිධායකයෝ යුහුසුලූ වෙති. වෙන්දේසි භාණ්ඩ අතර ‘සිංහල කෑමක් හා ඉංග‍්‍රීසි බීමක්’ යනුවෙන් බුලත් විටක් හා සිගරැුට්ටුවක් වෙන්දෙසිවන අවස්ථා මෙන්ම, කජු මුලක් යනුවෙන් කජු ගහක මුලක් වෙන්දේසියට තබන අවස්ථාද ඇත. එය වෙන්දේසිපොළේ පිරිසට රසයක් ගෙනෙන නිර්මාණාත්මක රැුවටීමක් විනා වංචාසහගත හැ`ගීමෙන් කරන්නක් නොවීය. භාණ්ඩ වෙන්දේසි කරනු ලබන්නේ හොඳ මුඛරිකමක් ඇති නිවේදකයෙක් විසිනි. ඔහුට සහයට සභාව පිනවීම පිණිස හිටිවනම කවි කියන කවිකාරයෙක් උදව්වෙන අවස්ථාද ඇත. නැත්නම් ඒ කටයුතු දෙකම එකම පුද්ගලයා විසින්ම කරන අවස්ථාද ඇත. පහළ ලන්සුවකින් පටන් ගන්නා භාණ්ඩයේ අගය (ලන්සුව* ක‍්‍රමයෙන් ඉහළ යයි. තර`ගයට වෙන්දේසි භාණ්ඩ ඉල්ලන පිරිස් ද ඇත. ගමේ පෙම්වතියගේ අත ගැනීමට පිටින් ආ පෙම්වතෙක්් හා ගමේ මුදලාලිකෙනෙක් අතර මෙවැනි තර`ග ඇතිවේ. තර`ගය තියුණු වූ තරමට වෙන්දේසිපොලට වාසිය. ඇතැම් විට එකම ලන්සුව දෙපැත්තකින් එකවර වැඩිකරති. එවිට වෙන්දේසිකරුවා එම මුදල දෙදෙනෙක් ඉල්ලූ බව පවසයි. උදාහරණ:- ‘‘පනස් පහ දෙපොලේ. පනස් පහ දෙපොලේ. ආ… වීරගහ යටින් හැටයි. පන්සලේ තාප්පෙ අයිනෙන් හැටපහයි. ලොකු බණ්ඩා මුදලාලි හැත්තෑවයි. හැත්තෑවයි ඈවරයි, හැත්තෑවයි දෑවරයි. කැවුම් කන්න වෙන කාටවත් පිනක් නැද්ද එහෙනම් හැත්තෑවයි තුන් ඈවරයි’’ කියමින් එම භාණ්ඩය අන්තිමට ලන්සුව තැබූ පුද්ගලයාවෙත පිරිනැමේ. ඉන් පසු එම භාණ්ඩය වෙන්දේසියෙන් ඉවත්වේ. ඇතැම් තරුණයෝ ලන්සුව ඔසවා තබා තුන්ඈවර වෙන්න ආසන්නව තර`ගයෙන් ඉවත්වෙති. එවිට වෙන්දේසි කරු ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි කියා අවසානයට ලන්සුව  ඉස්සූ තැනැත්තාට එම භාණ්ඩය දෙයි. ඔහු එවලේම මුදල් දී එය අරගනී. එහි ඇත්තේ කෑමක් වැනි දෙයක් නම්, සබයේ සියලූ දෙනා අතර බෙදා හදාගෙන බුක්තිවිඳිති.
පන්සල්වල ආධාර පිණිස පැමිණෙන ආරාධිත නාට්‍ය කණ්ඩායම්වලට අමතරව ගම්මානවල ඇති යම්කිසි මධ්‍යස්ථාන කරා අනාරාධිතව ස්වේච්ඡුාවෙන් එන නාට්‍ය සංචාරක කණ්ඩායම් ද ඇත. බොහෝවිට ඔවුන් එන්නේ ගොයම් කපා අස්වනු නෙලා ගත් පසුවය. ඔවුන් එන්නේ එක් එක් පළාත්වල ඇති තේ කඩයක්, සිල්ලර කඩයක් වැනි ස්ථානයක් සොයාගෙනය. මෙවැනි ප‍්‍රසංගයක ප‍්‍රධාන අනුග‍්‍රායකයා ගමේ කඬේ මුදලාලිය. එය අදමෙන් වෙළඳ ප‍්‍රවර්ධන (බිස්නස් ප්‍රොමෝෂන්* මාදිලියේ වැඩක්වත් විවිධ නාලිකා මගින් කරන රෝඞ් ෂෝ වැනි ප‍්‍රසංගයක්වත් නොවේ. බස්රථයකින් ආසන්නම තැනට එන ඔවුන් පා ගමනින් ගම තුළට එති. ඔවුන්ගේ පැමිණීම ම ප‍්‍රචාරක මාධ්‍යයකි. එයින් කියැවෙන්නේ, අද හවස ළ`ගම තැනක ප‍්‍රසංගයක් පැවැත්වෙන බවය. ප‍්‍රසංගය යන වචනය එකළ භාවිතා නොවූ අතර ගැමියන් එම ප‍්‍රසංග හැඳින්වූයේ ‘නාඩගමක්’ ‘සාජ්ජයක්’ යන වචන වලිනි. ඔන්න බොලල්ලා අද ‘සඳකිඳුරු නාඩගම්’ කණ්ඩායම ඇවිත් පීටර් මුදලාලිගෙ කඬේ ඉස්සරහ නටවලූ’ ආදී වශයෙන් ඔවුන් එම සංචාරක නැටුම් කණ්ඩායම් ගැන කතාකරති.
වෙහෙස මහන්සි වී දුරකතර ගෙවා පැමිණෙන ඔවුන්හට කඩයක මුදලාලි කෙනෙකුගෙන් දිවා ආහාරය හෝ තේපැන් සංග‍්‍රහයක් ලැබෙන්නේ නොමිලේම ය. කඬේ මුදලාලි කඬේට එන ගණුදෙනු කරුවන්හට ‘අද හවස තමන්ගේ කඩය ඉදිරිපිට නාඩගමක් ර`ගදැක්වෙන බව’ කියන්නේ ආඩම්බරයෙනි. ඒ ‘ඔන්න උඹලට අද හවහට සඳකිඳුරු නාඩගම පෙන්නන්න සූජානම් කොරල තියෙනව. කට්ටියත් එක්ක හවස්භාගේ මේ පැත්තෙ වරෙල්ලා’ යනුවෙනි. ඔහු ගේ පණිවිඩයෙන්, රසිකයෝ සවස් වන විට කඩය අසලට රැුස්වෙති. නාඩගම අවසානයේ නාඩගම් බලන්න එන අය හැකි පමණ මුදලකින් ඔවුන්ට ආධර කරති. එකල නාට්‍ය කණ්ඩායමට රුපියල් සියයක් දෙසීයක් එකතුවුවද එය සැලකියයුතු ආදායමකි.
මම මෙම නාඩගම් දැක ඇත්තේ හි`ගුරක්ගොඩ කොතලාවල හන්දියේ පීතර් මුදලාලිගේ කඩය ඉදිරිපිටදීය. වේදිකාවක් නැත. කඬේ ඉදිරිපිට මැද කොටස නාට්‍ය කණ්ඩායමට රංගනයට ඉඩ තබා වටේට පැදුරු එලාගත් වැඩිහිටි ගැහැණු උදවිය හා ළමෝ වාඩි වී සිටිති. පිරිමි අය ඔවුන්ට පිටුපසින් සිටගෙන සිටිති. නාට්‍ය කණ්ඩායම එම කවය මැද සිය රංග කාර්යයේ යෙදෙති. (එය බ‍්‍රර්ටොල් බ්‍රෙෂ් සඳහන් කරන ‘තදාත්මී විගටන’ රීතිය අනුව කෙරෙන රංගනයකි. එය ඔවුන් බ්‍රෙෂ් ගැන හදාරා කරන කාර්යයක් නොව, ඔවුන්ගේ සම්ප‍්‍රදාය ය*
වර්ෂයක් පාසා පීටර් මුදලාලිගේ කඩය ඉදිරිපිටට එන සඳකිඳුරු නාට්‍ය කණ්ඩායම මට අද වගේ මතකය. පළමු ජවනිකාව කිඳුරු යුවලගේ් වර්ණනාව ගැයෙන අතර කෙරෙන ඔවුන්ගේ රැු`ගුම්ය. කිඳුරාගේ හා කිඳුරියගේ දෑතේ ලේන්සු දෙකකි. පහත රට බෙරයෙන් (දෙවොල් බෙරයෙන්* වැයෙන්නේ එකම පදයය. එම පදයට අනුව කිඳුරා හා කිඳුරිය රවුමට කැරකෙමින් නටයි. ඔවුන්ගේ නැටුම එකාකාරිය. නමුත් අපූරුය. එක අතක් ඉනට තබා එක අතක් ඔසවා ලේන්සුව කරකවමින් තාලයකට පාදයක් තබයි.  පාදය මාරුවන විට ඔසවාගෙන සිටි ලේන්සුව ඉණට තබාගන්නා අතර ඉනට තබාගෙන සිටි ලේන්සුව ඔසවා කරකවයි. මෙසේ බෙර තාලයට ඔවුන් වටේ කැරකෙමින් රංගනයේ යෙදෙති. ඔවුන් මෙසේ රංගනයේ යෙදෙන අතර කණ්ඩායමේ සෙසු පිරිස කිඳුරාගේ හා කිඳුරියගේ සැබැඳියාව පිළිබඳ වර්ණනා කරති. කිඳුරා බ‍්‍රහ්මදත්ත රජතුමා විිසින්  විිදිින  හී පහරක් කා ඇද වැටීම රංගනයේ උච්චතම අවස්ථාවයි. ඒ දෙවන ජවනිකාවය. එවිට ලොකු කුඩා හො වෙනත් කිසිදු භේදයකින් තොරව පේ‍්‍රක්‍ෂක දෑසින් කඳුළු ගලයි. ‘‘පපුව හොස් ගා යයි’’ එම රංගනයේ කූටප‍්‍රාප්තිය වන්නේ සක්දෙවිඳුන් පැමිණ කිඳුරා සුවපත් කිරීමයි. ප්‍රෙක්‍ෂකයන් සැනසුම් සුසුමක් හෙළන්නේ එවිටය. ජවනිකා තුනකින් රංගනය නිමවේ. වේදිකා නැත. තිර නැත. වෙස් ගැන්වීම (අංග රචනය* සබාව ඉදිරියේ දී ම ය. බ්‍රෙෂ් ජනගත කළ තදාත්මීය විඝඨන රංග ක‍්‍රමවේදයත් අපගේ මෙම ගැමි ර`ගමඬලේත් වෙනසක් නැත.
ලිපිය තරමක් දීඝ_ වුවත් මේ ආශ‍්‍රීත රසවත් සිදුවීමකින් මෙම ලිපිය නිමා කරන්නම්. වරක් අපේ පන්සලට එනම්, රජඇල බෝධිරුක්කාරාම පන්සලට ආධාර පිණිස ප‍්‍රසංගයක් පැවැත්වීමට ආරාධිත නැටුම් කණ්ඩායමක් පැමිණියහ. ගමේ සෙසු අයට වඩා උනන්දුවෙන් කොලූ ගැටව් වන අපි එම කණ්ඩායමේ නැටුම් බැලීමට දිනපතාම වසස්යාමයේ පන්සලට ගියෙමු. එම නැටුම් කණ්ඩායම ඉදිරිපත් කළේ දහඅට වන්නම හා එකල ජනප‍්‍රිය බෞද්ධ සිංදු අනුව කරන රංගනයන්ය. (මා දන්නා තරමින් ගීතයකට රංගනයක් ඉදිරිපත් කළ පළමු කණ්ඩායම ඔවුන් විය යුතුය* ඔවුන් දිනපාම රංගනය ඉදිරිපත් කළ ගීතයක් වූයේ සුජාතා අත්තනායකයන් ගයන ‘දාතු දාන්ත දා වඳි සාර සාන්තිනී පතා දාතු දන්තදා. දන්ත දාතු ප‍්‍රාතිහාර්ය….. සෝභමාන…. ඇසල පෙරහැරේ  (එම ගීතයේ වචන මතක නැත.* ගීතයයි. අපි කොලූගැටව් කණ්ඩායම දිනපතාම පන්සලේ තාප්පයට එපිටින් සිටගෙන මෙම නැටුම නැරඹුවෙමු. එම කණ්ඩායමේ ප‍්‍රධාන ශීල්පිනිය මද සිනහවකින් යුතුව එක එල්ලේම මා දෙස බලමින් රංගනයේ යෙදීම මගේ තුරුණු සිතේ නැවුම් සිතුවිලි ඇති කරන්නට සමත්විය.
අබේරත්න, පොඩිඅප්පුහාමි, පේ‍්‍රමරත්න, තිලක්, ආරියවංශ, ගුණරත්න යන කණ්ඩායම (එම ප‍්‍රදේශයේ ගොවි මහතුන්ගේ තරුණ පුතුන් කණ්ඩායම* දිය නෑමට යන්නේ ‘‘ඔය’’ නමින් හඳුන්ව මින්නේරි වැවේ සිට හතමුණ දක්වා ගලන දිය පහරකටයි. කුඹුක් ගස්, තිඹිරි ආදී තුරු සෙවන යටින් ගලා යන ඉතාම පිරිසිඳු සිසිල් දියදහර අපේ ගතට මෙන්ම සිතටද ගෙන ආවේ සිසිලකි. දිනක් ඔය අයිනේ වැලිතලාවේ වාඩිවී අපි කණ්ඩායම කතා කරමින් සිටියෙමු. නැටුම් කණ්ඩායමේ සිටින රූමත් තරුණිය මා පිළිබඳ යම්කිසි හැ`ගීමක් ඇති කරගෙන සිටින බව මිතුරන්ට කීමට මම මෙම අවස්ථාව යොදා ගතිමි.
‘‘මචං, මට උඹලට බඩුවක් කියන්න තියෙනවා.’’
කියා මම කීවෙමි. සෙසු මිතුරන් සියලූ දෙනාද ඔවුන්ට ද රහසක් කීමට අති බව පැවසූහ. පළමුව මම මගේ හිත විවර කළෙමි.
‘‘අර නැටුම් කණ්ඩායමේ මැද නටන ලස්සන කෙල්ලට මගෙ හිත ඇදිලා ගියා. ඒ කෙල්ලත් මට කැමතියි වගේ. මා දිහා බලාගෙනමයි නටන්නෙ. යන්න ඉස්සරවෙලා ලිපිනය ඉල්ල ගන්න  ඕනෑ’’
කියා මම කීවෙමි. සියලූ දෙනාම මගේ කීමෙන් සලිත වූ බවක් පෙනුනි. එක්වරම පොඩි අප්පුහාමි කීවේ.
‘‘උඹට පිස්සු. ඒකෙල්ල මා දිහා බලාගෙනමයි නටන්නේ’’
කියාය. සෙසු සියලූ දෙනාගේම අදහස ද වූයේ ඒ සියලූදෙනා පිළිබඳවම එම රූමත් තරුණිය උනන්දුවක් දක්වන බවත්, ඇය ඔවුන් දෙසම බලාගෙන නටන බවත්ය. ඒම සිනහව, බැල්ම එම නැටුමේ අංගයක් (අභීනයක්* බව අපට පසුව වැටහුනි. අපි අපේ සියුම් ලජ්ජාව රහසේම යටපත් කරගතිමු. ඉන්පසු නැටුම් ප‍්‍රසංගය බැලීමට යාමට කිසිවෙකුත් වෙනදා තරම් උනන්දුවක් නොවීය. ඔවුන් ආපසු ගමරට බලා යාමට පෙර මම එම තරුණියගේ නම, ගම අසාගත්තෙමි. අගේ නම නාලනී රණසිංහ ය. ගම මැණික්හින්න ය. පසුකලෙක ඇගේ නැටුම් හා ගැයුම් අගය කරමින් මම ඇයට ලිපියක් ලියූවෙමි. බොහෝ කලක් පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටියත් පිළිතුරක් නොලදිමි.
ඊට ටික කළකට පසුව ගුවන් විදුලියේ දක්ෂ ජන ගී ගායිකාවක් වූ නාලනී රණසිංහ ඇය විය හැකියයි පසු කලෙක මට සිතුණි. ඒ ගෙවිගිය සුන්දර අතීතයෙන් බිඳකි. ඔවුන් අද කොහේ සිටිනවාද, කුමක් කරනවාදැයි නොදනිමි. එම සුන්දර කලාවන් අද නූතන විද්‍යුත් මෙවලම් හරහා ගලා ආ කාම කලා රැුල්ලක් විසින් ගිලගෙන හමාරය.
ගමනාගමන පහසුකම් නොමැති එකල මහනුවර, මැණික්හින්න, අම්බලන්ගොඩ, දෙනියාය, මාතර වැනි පලාත්වල සිට දුරකතර ගෙවා රජරට ට පැමිණ ගොවි ජනතාවගේ සිත් සතන් සැනසූ ඔබලාට බොහොම පින්. අදත් ඔබ සැම මතක් කරන්නේ ආදරයෙනි. වරින්වර අප පිනවීමට පැමිණි ශිල්පීන්ට සමස්ථ පොළොන්නරු ගොවි ජනතාව වෙනුවෙන්ම මගේ ආදරය, ගෞරවය පුදකරමි.
මේ ලිපිය සඳහන් සිදුවීම් සිදුවන වකවානුව වන්නේ 60 දශකයයි. 70 දශකයේ ආරම්භයේ දී ම ඇති වූ ‘‘1971 අපේ‍්‍රල් කැරැුල්ල’’ මේ සමාජ වාතාවරණය සුනු විසුනු කිරීමට සමත් විය. ඔවුන් විසින් හිතාමතා එය විනාශ කළා නොව, ඔවුන්ගේ අරමුණ වෙනත් උදාර අරමුණක් වුවත්, එය එතෙක් පැවති සමාජ පැවැත්ම බිඳ හෙලූ හෙණ පහරක් මෙන් විය. බියෙන් ත‍්‍රස්ත වූ ජනතාව නිවෙස් තුළටම කොටු වූහ. සිනමා ශාලා වල පැවතී 9.30 දර්ශනය එදා සිට අද දක්වාම අහෝසි වී ගොසිනි. එසේනම් සංචාරක නාට්‍ය කණ්ඩායම් ගැන කුමන කතාද?

මනෝජ් රූපසිංහ

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *