ශිරන්ති වෙනුවෙන් කුලියට අඬන්න බස් පුරවලා සෙනග ගෙනත්

අගෝස්තු

16

1:49 ප.ව.

admin

රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරත්නි රාජපක්ෂ 2017/8/15 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියාය . ඒ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මීට පෙර කළ දැනුම් දිමකට අනුවයි. ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයන්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් භාවිත කර ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

එම රථය රතු කුරුස සංවිධානය විසින් සිරිලිය පදනමට ලබා දී ඇති එකක් බවයි හෙළි වී ඇත්තේ. කෙසේ වෙතත් සිදු පැහැති මෙම ඩිෆෙන්ඩර් රථය තාජුඞීන් ඝාතන සිද්ධියෙන් පසු කළු පැහැ ගන්වා  ඇති බවද විමර්ශනවලදී අනාවරණ වුණා.  ශිරාන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  (15) පැය දෙක හමාරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

කෙසේ වෙතත් මෙම සිදුවීමේ හාස්‍ය ජනක ජවනිකාව වනුයේ රාජපක්ෂ වරුන්ගේ වියැකී යන ජන බලය පෙන්වීමට බොරු පුහු මවා පෑමක් කරන්නට සිදුකල ඔවුන්ගේ සැලසුමයි…එනම් කුලියට අඬන කුලීකරුවන් ගෙන්වා නීතියට බාධා කිරීමට දරන ප්‍රයත්නයයි. මෙය කිහිප විටකදී අප මිට පෙරත් දැක තිබේ…

කුරුණෑගල වැනි ඈත දුර ප්‍රදේශවලින් පවා සෙනග ගෙනවිත් මොවුන් සිදුකරන මෙම විහිළුවේ අරමුණ කුමක්ද? තමන්ට විරුද්ධව චෝදනාවක් ඇත්නම් ඕනෑම කෙනෙක් සිදුකල යුත්තේ ඒ පිළිබඳව කටඋත්තරයක් ලබා දී තමන් නිවැරදිනම් නිතිය ඉදිරියේ එය ඔප්පු කිරීමයි. බොරුවට මුදල් දී බස් පුරවමින් ජනතාව ගෙන්වා තමන්ගේ ගෝත්‍රික හෙන්චයියන් ලවා බොරු මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ සහ ඔවුන් සමග ජනතාව සිටින බව පෙන්වමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉදිරිපිට ෂෝ දමන්නේ ඔවුන්ට තමන්ගේ නිවැරදිබව පෙන්වීමට නොහැකි බව නිසා දැයි අපට ජනතාව ලෙස සැක මතුවීම අසාධාරණද???

ශිරන්තිට කුලියට අඬන්න බස් පුරෝලා සෙනග ගෙනත් – බස් පෙළක වීඩියෝව එලියට!

Posted by CT Videos on Tuesday, August 15, 2017

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *