රජය ඇ.ඩො.මිලියන 125 ක් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කර තියෙනවා – මහාචාර්ය රොහාන් සමරජීව දෙවන කොටස

නොවැම්බර්

22

11:41 පෙ.ව.

admin

dr-rohan-samarajiva-makes-a-point-photo-by-tve-asia-pacificදෙවන කොටස
ලංකාවේ 30% විතර වන ගොවියන් පිරිස ඉන්නෙ සතුටින් නොවේ. පාරිභෝගිකයන් ඉන්නෙත් සතුටින් නෙවේ. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප‍්‍රකාශනයේ සදහන් කරල තිබුණා මේ සම්බන්ධව. නිෂ්පාදන වලට වැඩි මිලක් ලබා ගන්නේ කොහොමද ,ඒවා අපනයනය කරන්නේ කොහොමද වගේ කරුණු. නියම වෙළදපොලකට ගොවීන් සම්බන්ධ කරන්නේ කොහොමද ,ඒ තුළින් ආදායම වැඩි කරන්නේ කොහොමද වගේ කරුණුත් දක්වලා තිබුණා. එයට එක් පියවරක් ලෙස සහනදායී පදනම යටතේ ශීතකරණ ලබා දීමට කටයුතු යොදලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ කෘෂි නිෂ්පාදන වලින් 40% පමණ නාස්ති වෙනවා. ප‍්‍රවාහනයේ දී. නිසිලෙස ඇසුරුම් නොකිරීම නිසා විනාශ විය හැකියි. එහෙම උනාම ඒවා විකුණන්න අමාරුයි. ඒවා අපතේ යාමක් සිද්ධවෙනවා.
ශීතකරණ හදුන්වා දීම තුළින් කෘෂි නිශ්පාදන ආරක්ෂා කරන්නේ කොහොමද කියලා අපි හොයලා බලනවා. වැඩි නම්‍යශීලී බවක් තියෙනව මේක වෙළදපොලට දැමීම සම්බන්ධයෙන්. මේකෙන් අපි බලාපොරොත්තු වන්නේ නාස්තිය අවම කිරීමයි. එයින් ගොවියාට හොද මිලක් ලබා ගන්න හැකියාව පවතිනවා. මේ තුළින් වෙළදපොල මිල උච්චාවචනය පාලනය කිරීමෙ හැකියාවක් පවතිනවා. එවැනි දේවල් ආර්ථික ප‍්‍රතිපත්තියේ සදහන් කර තිබුණත් වැඩි විස්තර දක්වා නෑ. මේක අයවැයේ සදහන් නොවීම ලොකු ප‍්‍රශ්නයක්. එසේ සදහන් නොකිරීම තුළ ලොකු කුතුහලයක් පවතිනවා.
ආණ්ඩුව මේ ශීතකරණ ක‍්‍රමය හදුන්වා දීම සදහා ඇ.ඩො.මිලියන 125 ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා ලෝක බැංකුවත් එක්ක. මේක ලොකු ව්‍යාපෘතියක් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය ලෙස එය නම් කරලා තියෙනවා ඇ.ඩො මිලියන එකසිය විසිපහක් මේ සදහා යොදවලා තියෙනවා. ඒ වගේ ලොකු ගාණක් වියදම් කරන්නේ කොහොමද කියලා ඒ අය දක්වලා තියෙනවා. මෙහි සදහන් කරලා තියෙනවා ආදායම, අපනයන වගේ ඒවා සම්බන්ධව . එහි ක‍්‍රියාශීලීත්වය සදහා ඒ අය කොටස් දෙකක් සම්බන්ධව අවධානය යොමු කරනවා. එකක් තමයි සුලූ ගොවියා සමූපකාර මගින් වෙනයම් ක‍්‍රම මගින් සංවිධානය වු ගොවි රාශි.
ඇ.ඩො මිලියන එකසිය විසිපහක් මේ සදහා යොදවලා තියෙනවා. ඒ වගේ ලොකු ගාණක් වියදම් කරන්නේ කොහොමද කියලා ඒ අය දක්වලා තියෙනවා. එහි සදහන් කරලා තියෙනවා ආදායම, අපනයන වගේ ඒවා සම්බන්ධව . එහි කියාශීලීත්වය සදහා ඒ අය කොටස් දෙකක් සම්බන්ධව අවධානය යොමු කරනවා. එකක් තමයි සුලූ ගොවියා සමූපකාර මගින් වෙනයක් ක‍්‍රම මගින් සංවිධානය වු ගොවි රාශි. දෙවැනි එක තමා අතරමැද යම්කිසි අගය එකතු කිරීමක් මත පදනම් වු ව්‍යාපාරික ප‍්‍රජාව. මේ අයට ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම සදහා ශීතකරණ ලබා දිමට රජය කටයුතු යොදලා තියෙනවා.. මෙහිදී 50% ක ගැලපුම් අරමුදලක් යටතේ ක‍්‍රියාත්මක වෙනවා. ගොවියා 50% ක් යොදවන විට ඉතිරි 50% රජය මගින් යෙදවීමට කටයුතු යොදලා තියෙනවා.
මේ සියල්ලම නොමිලේ කර දුන්නොත් කිසිම වගකීමක් නැතිවෙනවා. තමන් මුදලක් යොදවන නිසා එහි කිසියම් වගමක් දැරීමට මිනිසුන් යුහුසුලූ වෙනවා. ගැලපුම් අරමුදල් යටතේ ශීත කාමර පහසුකම් ලබා දීමේදී සමූපාකාර වලට අරමුදල් සොයා ගැනීමේ අපහසුවක් පවතිනවා. ඒ සඳහා බැංකු වලින් ණය ලබාදීමේ ක‍්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. එහිදී ඇපකරුවන් ලෙස ආණ්ඩුව කටයුතු කරනවා. මේවගේ හොද ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අයවැයේ සදහන් කර නෑ. මෙහිදී ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය මූලිකත්වය අරන් කටයුතු කරනවා. මෙයින් අපට පේනවා කෘෂිකර්මයට යහපතක් වෙන දෙයකට අඩිතාලම දැමීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සදහා අවශ්‍ය සියලූ පහසුකම් සම්පාදනය කර හමාරයි .
විදුලි සංදේශ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් යම්කිසි ඇතුළත් කිරීම් සිද්ධ කොට තියෙනවා. සියලූම සැපයුම් කරුවන්ට 3G සම්බන්ධතාවය ලබාදීම අනිවාර්ය කර තිබීමක් දක්නට ලැබෙනවා. මේවා ක‍්‍රියාත්මක කිරීමේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. මේ සංඛ්‍යාන මිලදී ගන්නේ ඉතාම වැඩිපුර මුදලක් වියදම් කරල ගන්නා විට එහි කිසියම් වගකීමක් තියෙනවා. ඒ වගේම කොන්දේසි ක‍්‍රියාත්මක වෙනවා. ලොකු මුදලක් දීලා ලබාගත් මේ විදුලි සංදේශ සංක්‍යාත වලට මේ අයවැය මගින් ඉතා විශාල කොන්දෙසි දැමීමක් කරලා තියෙනවා. එහෙම බදු පැනවිමක් කරන්න බෑ. මේ ගැන මගේ අවධානය යොමු කරන විට මෙතුමාට රටේ නීතිය සම්බන්ධයෙන් නොදැනුවත් කමක් තිබේ දැයි සැකයක් ඇති වෙනවා. එම නීතිය ක‍්‍රියාත්මක කරන්නෙ මුදල් අමාත්‍යාංශය නෙවෙයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින්. කොමිසමක් පිහිටුවා තිබෙන්නේ මෙවැනි ඇගිලිගැසීම් වලින් ආයෝජකයාව ආරක්ෂා කර ගැනීම සදහායි.
පණත් වල ස`දහන් වෙනවා මෙවැනි ආයතන කටයුතු කරන්නේ එම අයතන නියාමනය කරන ආයතන වලින් කියලා. ඒ ගාස්තු අය වන්නේ ආණ්ඩුවේ ඒකාබද්ධ අරමුදල් වලින් නොවේ. මේ අයවැය මගින් තනි තනි වශයෙන් පවතින අරමුදල් ඒකාබද්ධ අරමුදලට ලබාගැනීමක් වශයෙන් දක්වා තියෙනවා. ඒක දැක්කාම කරුණු දෙකක් පැහැදිලි වෙනවා. පළවෙනි එක තමා මේ සම්බන්ධයෙන් තියෙන නීති අහෝසි කරල ඒක මගින් ඒකාබද්ධ අරමුදලට ලබා ගැනීමේ නීති සම්පාදනය වීමක් සිද්ධ වෙනවා. මේකෙන් ආයෝජකයාගේ විශ්වාසය බිදී යාමක් සිද්ධ වෙනවා.
අනවශ්‍ය බදු පැනවීම මගින් .මේකට අලූතින් නීතිමය තත්ත්්වයන් ඇතිකිරීමට උත්සහ දරණ බවක් තමා අපට පෙනෙන්නට තිබෙන්නේ. ඒක දැක්කාම කරුණු දෙකක් පැහැදිලි වෙනවා. පළවෙනි එක තමා මේ සම්බන්ධයෙන් තියෙන නීති අහෝසි කරල ඒක මගින් ඒකාබද්ධ අරමුදලට ලබා ගැනීමේ නීති සම්පාදනය වීමක් සිද්ධ වෙනවා. මේකෙන් ආයෝජකයාගේ විශ්වාසය බි`දී යාමක් සිද්ධ වෙනවා. අනවශ්‍ය බදු පැනවීම මගින් .මේකට අලූතින් නීතිමය තත්ත්වයන් ඇතිකිරීමට උත්සහ දරණ බවක් තමා අපට පෙනෙන්නට තිබෙන්නේ. මේකෙන් ආයෝජකයා සම්බන්ධ විශ්වාසය නැතිවී යාමක් සිද්ධ වෙනවා. මෙවැනි තීන්දුවක් ගැනීමෙන් රැුකියා දස ලක්ෂයක් ඇතිකිරීම, විදේශ ආයෝජන දියුණු කිරීම වගේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වලට පටහැනි බවක් පේනවා.
ජනාධිපතිගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිිවෙලට ආධාර ලබා දීමට ලංකා දුම්කොල සමාගමට යෝජනා කරලා තියෙනවා. ඒක අවනීතික කතාවක්. ඒ අය මොකටද මේ වගේ දෙයකට මුදල් යොදවන්නෙ.ඒ අය කරන්නෙ ව්‍යාපාරයක් එහෙම අතපෙවීම් සිදු කිරීමක් කරන්න බෑ .ඒක සදාචාරාත්මක නෑ. ඒකට කිසියම් නීතියක් තියෙන්න ඕනි. එක එක්කෙනාගෙන් පොකට් ගැසීම යහපත් දෙයක් නෙවෙයි. මේ අයවැය යන දිශානතිය එතරම් පැහැදිලි ස්වභාවයක් නෑ. එවන් අරමුණක් සදහා යන මාවත මෙය නෙවෙයි.
උසස් අධ්‍යාපනය ගත්තාම සියලූම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, තමන්ගේ අධ්‍යාපනය සදහා වියදම් වූ මුදල හදල බාර දෙනවා. තමන් වෙනුවෙන් මහජන මුදල් කොපමන වියදම් කරලා තියෙනවාද කියලා මේකෙන් පැහැදිලි වෙනවා. ඒ ගණනය කිිරීම් කර අවසානයි. මේක සෑහෙන දුරට ප‍්‍රගතිශීලි කටයුත්තක්. මොකද පෙළපාලි යනකොට කෑකෝ ගහනකොට ඒ අයට අවබෝධයක් නෑ තමන් වෙනුවෙන් කොපමන මුදලක් වියදම් කරලා තියෙනවාද කියලා. මගේ මතයක් තියෙනවා.
හැම ශිෂ්‍යයාටම ගිණුමක් හදලා ඔහුගේ අධ්‍යාපනය සදහා වියදම් වු මුදල නැවත අය කර ගැනීමේ ක‍්‍රමයක්. ඔහු දුෂ්කර පලාතක ගිහින් සේවය කලොත් ඒ ණය මුදල ඔහු කරන සේවාවට හිලව් වීමක් වෙනවා. ඔහු පිටරටක වගේ ගියොත් ඒ මුදල අය කර ගැනීමක් සිදු වෙනවා. ඒකෙන් තමන් නොමිලයේ ගන්නා අධ්‍යාපනයට යන වියදම් සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඒ පුද්ගලයාට ඇතිවෙනවා. උසස් අධ්‍යාපනයට ණය යෝජණා ක‍්‍රමයක් යෝජනා කරලා තියෙනවා.
ඒක ඇත්තෙන්ම ඉතා හොද දෙයක්. විශ්වවිද්‍යාල වලට එන්න නොහැකි නමුත් ඊලගට සුදුසුකම් තිබෙන අයට මෙම ණය ක‍්‍රමය ම`ගින් උසස් අධ්‍යාපනය සදහා වියදම් කිරීමේ හැකියාවක් පවතිනවා. නමුත් මේ අයවය මගින් ණය ක‍්‍රමයක් හදලා තියෙනවා. මේක ගැන වපරැුහින් බලන අය හිතයි , අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න යනවා කියලා. එහෙම නෙවෙයි නිදහස් අධ්‍යාපනය ලබන්න හිමිකම තියෙන්නෙ 4%වගේ පිරිසකට .ඉතිරි අය හතුරෝ නෙවෙයි. ඒ අයටත් කුමක් හෝ ක‍්‍රමයක් තිබිය යුතුයි අධ්‍යාපනය ලබන්නට. ඒකට විරුද්ධ වෙන්න හොද නැ. එයත් අධ්‍යාපනය සම්බන්ධ ප‍්‍රගතිශීලී පියවරක්.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *