මැතිවරණයකට මුහුණ දෙන්න ආත්ම විශ්වාසයක් මහින්දගෙ ඒකාබද්ධ විපක්‍ෂයටත් නෑ. ජනතා විමුක්ති පෙරමුණටත් නෑ. – පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් පුබුදු ජාගොඩ.

ජනවාරි

7

8:48 පෙ.ව.

admin

විල්පත්තු වනාන්තරය හෙළිකිරීම් සම්බන්ධ ගැටළුව තවම නිරාකරණය වෙලා නැහැ නේද? දැන් කියනව එහෙම වනාන්තර හෙළිකිරීමක් සිදු වෙලා නැහැ කියලා?

දැන් ගැටළුව නිරාකරණය කිරීම වෙනුවට වෙන පැත්තකට හරවන බවක් පේනව. ඊයෙ පෙරේදා අපි දැක්කා වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙ ප‍්‍රධානියා ප‍්‍රකාශයක් කරනව, ‘විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කිසිම පදිංචි කිරීමක් කෙරල නැහැ’ කියල. ඔහු කියනව විල්පත්තු වනෝද්‍යානයට මෙහා තියන අක්කර 800ක භූමි ප‍්‍රමාණයක තමයි අර්භූදයකට තුඩු දී ඇති පදිංචි කිරීම්, රිෂාඞ් බද්ද්‍යදීන් ඇමතිවරයාගෙ මැදිහත් වීමෙන් කරල තියෙන්නෙ කියල. මේක හතරබීරි කතාවක්. විල්පත්තු අභයභූමිය ඇතුළෙ පදිංචි කිරීම් කරල කියල කවුරුත් කිව්වෙ නෑ. දැන් උත්තර බඳිමින් ඉන්නව විල්පත්තු අභයභූමියෙ නෙමෙයි වෙලා තියෙන්නෙ කියල. කවුද එහෙම වෙලා තියෙනව කියල කිව්වේ? කවුරුවත් එහෙම කිව්වෙ නැහැ.
හෙළිකරල තියෙන්නෙ විලත්තෙයි කුලම් කැලෑව. විල්පත්තු රක්‍ෂිතය තියෙනව, රක්‍ෂිතයට මෙහා විල්පත්තු අභය භූමිය තියෙනව, ඊට මෙහා තියෙනව විලත්තෙයිකුලම් වනාන්තරය. විල්ත්තෙයිකුලම් වනාන්තරය තමයි හෙළිකිරීම් කරල, පදිංචි කිරීම් කරල තියෙන්නෙ. දැන් ඒක නෙමේ කියල හරියන්නෙ නැහැ. විල්පත්තු ජාතික වනෝද්‍යානයයි, විල්පත්තු රක්‍ෂිතයයි, විලත්තෙයිකුලම් රක්‍ෂිතයයි තුනම එකතු වෙච්ච ප‍්‍රදේශට කියන්නෙ කල්ලාරු ජල පෝෂක ප‍්‍රදේශය කියල. ඒ ජලමූලාශ‍්‍ර පෝෂණය වන ප‍්‍රදේශ්‍ය පිහිටල තියෙන්නෙ එතන. විලත්තෙයිකුලම් කැලෑව එළිකරල ඒකෙ පදිංචි කිරීම් නිසා ඒ ප‍්‍රදේශයටම අදාලව විශාල ජල අර්භූදයක් ඇති වෙනව. වයඹ පළාතෙ කොටස්වලටත්, උතුරුමැද පළාතෙ කොටස්වලටත් අදාලව විශාල බලපෑමක් එනව. ඉරට්ටෙයිකුලම් ඉඳලා විල්පත්තු දෙසට අලි මාරුවෙන අලිමංකඩ තියෙන්නෙ විලත්තෙයිකුලම් හරහා. ඒක හෙළකිරීම අනාගත බරපතල ව්‍යවසන වලට මග පාදනව. ප‍්‍රාග්ධන උවමනාවන් මත, දේශපාලන උවමනාවන් මත විල්පත්තු වනාන්තරය විනාශකරව කියන එක හරිම පැහැදිලි කාරණයක්. විල්පත්තු වනාන්තරය කියන්නෙ රක්‍ෂිතයෙ කොටසක් හෝ එහෙමත් නැත්නම් වනෝද්‍යානෙ කොටසක් විතරක් නෙමෙයි, විල්පත්තු වනාන්තරය කියන්නෙ දැනට කල්ලාරු ජලපෝෂිත ප‍්‍රදේශයට. සමස්ථ වනාන්තරයට ම. ඒක විනාශ කරමින් තියෙනව. ඒක වහාම නතර කළ යුතුයි. දැන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙ විවිධ නිලධාරීන් යොදවල ආණ්ඩුව මේ ගෙන යන ක‍්‍රියාමාර්ග දැඩි විදිහට හෙළා දකිනව. පසුගිය ආණ්ඩුව කාලෙ තමයි රිෂාඞ් බද්‍යුදීන් මේක හෙළි කරන්නට පටන්ගත්තෙ. මේ ආණ්ඩුවෙ ප‍්‍රධාන පොරොන්දුවලින් එකක් විල්පත්තුව සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරනව කියන එක. විල්පත්තුව විතරක් නෙමෙයි රටේ වනාන්තර ගණනාවකට මේ ප‍්‍රශ්නය ඇවිල්ල තියෙනව. අපි බලාපොරොත්තු වෙනව ඉදිරියේ දී පරිසර වේදීන් සහ මේ සම්බන්ධව උනන්දුවක් දක්වන කොටස් සමග එකතුවෙලා මේ විනාශයට විරුද්ධව වැඩ කරනන. ක‍්‍රියාකරන්න.

ඔවුන් කියනව, නැවත පදිංචි කරන්නෙ පාරම්පරික ගම්මානවල කියල.

විල්පත්තු වනාන්තරය අසල පාරම්පරික ගම්මාන දෙකක් තිබුණා. එකක් තමයි මොල්ලිකුලම්, අනිත් එක තමයි මරිච්චිකට්ටු. මොල්ලිකුලම්වල හිටියා දෙමළ පවුල් 300ක විතර ප‍්‍රමාණයක්, මරිච්චිකට්ටුවල හිටියා මුස්ලිම් පවුල් 150ක විතර ප‍්‍රමාණයක්. ඒ පාරම්පරික ගම්මාන දෙකේම හිටපු අය යුද්ධයත් එක්ක ඉවත් වුණා. ඒ අයින්වෙච්ච අයගෙ, මරිච්චිකට්ටු ගම්මානය ගැන තමයි ඒ ගොල්ල ඔය කියන්නෙ. ඒ මරිච්චිකට්ටු ගම්මානයෙ හිටපු කට්ටියට ඉඩම් දෙනව කියන සටන් පාඨය යටතෙ තමයි ඔය කැලෑ හෙළිකරන්නෙ. ඔය කැලෑව ඇතුළෙ නෙමෙයි වරිච්චිකට්ටු ගම්මානය තිබුණෙ. ජනතාවට ඉඩම් දීම කියන එක නම් මේකෙ සටන් පාඨය වෙලා තියෙන්නෙ, අපිට බොහොම පැහැදිලිව ආණ්ඩුවෙන් අහන්න තියෙන්නෙ, මොල්ලිකුලම්වල ජනතාවට මොකද වෙන්නෙ කියලා. මොල්ලිකුලම්වල පවුල් 300ක් විතර හිටියා. ඒකෙන් 100ක් විතර ඉන්දියාවට ගිහිල්ලා කියලා වාර්ථා වෙනව. තව පවුල් 70ක් විතර තලෙයි මන්නාරමේ සරණාගත කඳවුරුවල ජීවත් වෙනව. ඉතිරි අයට මොකද වුනේ කියල තොරතුරක් අපි දන්නෙ නැහැ. යුදදෙ ඉවරවුණාම ජනතාවට ඉඩම් දෙන එක නෙමෙයි සිද්ධ වුනේ. හමුදාව ඇවිල්ලා ඒ ප‍්‍රදේශ අල්ලා ගැනීමයි සිද්ධ වුනේ. මොල්ලිකුලම් ගම තිබුණ තැන දැන් තියෙන්නෙ නාවික හමුදාවෙ කඳවුරක්. ඒක ඇතුළෙ වැව් 6ක්් තිබුණා. ඒ වැව් 6න් එක වැවක් පමණක් ජනතාවගේ පරිහරණයට කියල නිදහස් කෙරුව. තව වැව් 5ක් තියෙන්නෙ නාවික හමුදාව විසින් අල්ලාගත් භූමියෙ. මේක හෙළිදරව් කළ යුතුයි. ආණ්ඩුව මේ ප‍්‍රශ්නයට පැහැදිලි විසඳුමක් දිය යුතුයි.
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පළාත් සභාවලින් පරාජය වෙනවා නේද?
සංවර්ධන විශේෂ විධිවිධාන පනත ආවට පස්සෙ, රටේ ඒ පිළිබඳව සාකච්ඡුාවක් ඇති වුණා. බොහෝ පිරිස් ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. 2015 ජනවාරි 8 මැතිවරණයෙ දි ගොඩක් කතා කියපු ලිබරල් මහත්තුරු දැන් ඉරිදා පත්තරවල කඳුළු හෙළන්න පටන් අරගෙන තියෙනව ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ වෙනව කියල. ගිය ඉරිදා පත්තර බැලූවොත් විවිධ කට්ටිය පත්තර පෙෙ`ගන තරමට කඳුළු හෙළලා තියෙනවා  කියලා පේනවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ වෙන්න යනව කියල. පලාත්සභාවල බලතල උදුර ගන්න යනවා කියලා. ඒකාධිපතිත්වයක් ඇතිවෙන්න යනව කියල. දැන් මේ ලිබරල් මහත්තුරු කවුරුත් කතා කරන්නෙ නැති කතාව තමයි මේක ඒකාධිපතිත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් විතරක් නෙමෙයි, එහෙම එකකුත් තියෙනව. සියලූ බලතල තනි ඇමතිවරයෙක් යටතට අරගෙන සුපිරි අමාත්‍යාංශයක් හදනව. පළාත් සභාවල බලය පවා කේවල් කිරීමේ බලයක් අමාත්‍යාංශයට දීල තියෙනව. දේශපාලන ප‍්‍රශ්නයක් විතරක් නෙමෙයි මෙතන තියෙන්නෙ. එතනින් එහා ගිය බරපතල ප‍්‍රශ්න ප‍්‍රමාණයක් මෙතන තියෙනව. ඒක නිශ්චිතවම ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. නව ලිබරල්වාදය ක‍්‍රියාත්මක වෙද්දි විශේෂයෙන් අග්නිදිග ආසියාතික රටවල්වල මෙවැනි අමාත්‍යාංශ හදලා තමයි වැඬේ පටන් ගත්තෙ. මෙහෙම පටන් ගත්ත පළවෙනි එක තමයි 1970 දශකයෙ අග භාගයේ
ජපානයේ පටන් ගත්තා එම්.අයි.ටී.අයි. කියල ආයතනයක්. මිනිස්ටර් ඔෆ් ඉන්ටනල් ටෙ‍්‍රඞ් ඇන්ඞ් ඉන්වෙස්මන්ට් ඵසබසිඑරහ ධෙ ෂබඑැරබ්ක ඔර්ාැ ්බා ෂබඩැිඑපැබඑ කියල. අභ්‍යන්තර වෙළඳාම හා ආයෝජනය කියල අමාත්‍යාංශයක්. ඒක අනෙකුත් සියලූ අමාත්‍යාංශ අභිබවා කටයුතු කළ හැකි, දේශපාලන තන්ත‍්‍රයේ නියෝග පවා නොසලකා ආර්ථිකය සම්බන්ධව එකට කටයුතු කළ හැකි එකක්. ජපානයේ හදපු ඒ අත්තනෝමතික ආයතනය ජපන් පාර්ලිමේන්තුවට පවා යටත් නැති අමාත්‍යාංශයක් ඒක. එම ආදර්ශය පාවිච්චි කරමින් ඊට පස්සෙ මැලේසියාවෙ, සංගප්පූරුවෙ, තායිවානයෙ, හොංකොංවල හැමතැනම ඒ ජාතියෙ අමාත්‍යාංශ හැදුව.  ඕකෙ ජනප‍්‍රියම එක, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කළ රට තමයි සංගප්පූරුව. සංගප්පූරුවෙ හැදුවා ඊ.පී.බී. කියල එකක්. ආර්ථික සැලසුම් මණ්ඩලය ඉකොනිමික් ප්ලෑනින් බෝඞ් කියල ෑජදබදපසජ ඡුක්බසබට ඊද්රා එකක්. ඒවා අතිවිශාල බලතල තිබුණ ආයතන.

ලංකාවට නව ලිබරල් ධනවාදය එන්නෙ, දැන් ඉන්න රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගෙ මාමාගෙ කාලේ,

ජේ.ආර්. ජයවර්ධනගෙ කාලෙ ඉඳලම කිව්වෙ ලංකාව සිංගප්පූරුව වගේ කරනව කියල. ඔය වගේ ජපානය, සිංගප්පූරුව, තායිවානය, දකුණු කොරියාව ආදර්ශයට ගනිමින් ඒ ජාතියේ නව ලිබරල් ධනවාදයක් තමයි ලංකාවෙ හදනව කියල කිව්වේ. නිල් වික‍්‍රමසිංහ තීරණය කරල තියෙනව, මීට අවුරුදු 40කට කලින් අර රටවල්වල ක‍්‍රියාත්මක කරපු ක‍්‍රමය ලංකාවට ගේනව කියල. අපේ වගේ රටවල්වල නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරන්න බැහැ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ. එය අතිශය අත්තනෝමතිකව තනි පුද්ගලයෙක් අතට බලය කේන්ද්‍ර කරල තමයි කරන්න වෙන්නෙ. ජපානය වගේ දියුණු ධනේශ්වර, ලිබරල් දේශපාලනයක් තියෙනව කියලා විශ්වාස කරන රටවල්වලත් ඒ විදිහට නම් වුනේ, ලංකාව වගේ රටක එයට වඩා වෙනස් විදිහට වෙන්නෙ නෑ.
ඒ නිසා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශවෙනෝ….’ කියලා කෑ මොර දෙන මහත්තුරුන් ට කියන්න තියෙන්නෙ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි වෙන්නෙ මේ ආර්ථික ප‍්‍රතිපත්තියත් සමග. ඒක අපි දිගටම කිව්වා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කිව්වට මේකෙ නම මොකක්ද? මේකෙ නම සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත. මේ ආර්ථිකය සම්බන්ධ සැලැස්මක් එන්නෙ. මේ ආර්ථික සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන බලය මධ්‍යගත කිරීමක් කරන්නෙ. මේක හානිකර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විතරක් නෙමේ. මේක ආර්ථිකය වෙනුවෙන් ශ‍්‍රමය වැය කරන ජනතාවගේ අයිතීන් සියල්ලටම හානිකරයි.
මේ ආර්ථික ක‍්‍රමයම පිළිගන්න ඒකාබද්ධ විපක්‍ෂය කෑගහන කෑගැහිල්ලයි, අපි පේනී ඉන්න තැනයි සම්පූර්ණයෙන් වෙනස්. අපි හිතනවා මෙවැනි පනතක් ගෙන ඒමට හේතුව. ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහි ජනතා පෙළගැස්මක් අවශ්‍යයි කියල අපි හිතනව. ඒ නිසා මේ පනතයි, මේ පනත ගේන්න බලපාපු ආර්ථික ප‍්‍රතිපත්තියයි දෙකම එකට තියලා පරද්දන ජනතා බලයක් සෑදිය යුතුයි.
ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමට සීමා නීර්ණයේ පැන නැගී ඇති ගැටළු බලපාලා තියෙනව නේද?
‘ජන්ද ක‍්‍රමය වෙනස් කළයුතුයි. ජන්ද ක‍්‍රමය වෙනස් කරන්න අලූත් සීමා නීර්ණයක් අවශ්‍යයි’ කියලනෙ කිව්වෙ. බාලගිරි දෝෂය වගේ සීමා නීර්ණය අද නෙමෙයි හෙට, මැතිවරණය අද නෙමෙයි හෙට කියමින් කල් යනවා.  අවසානයට ම කියපු එක තමයි සීමා නීර්ණය කිරීම් අවසන් කරලා නැහැ. එක ආවට පස්සෙ මැතිවරණය තියෙනව කියල. මැතිවරණය කල් දැමීමේ ඇත්ත අරමුණ සීමා නීර්ණය නෙමෙයි. මැතිවරණය කල්දැමීමේ ඇත්ත අරමුණ තියෙන්නේ, දැනට ආණ්ඩුවේ සිටින එ.ජා.ප. යට යි, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයටයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රීපාල සිරිසේන පාර්ශවයටයි. ඒ මේ මැතිවරණය සම්බන්ධ ආත්ම විශ්වාවයක් නැතිකම. ඒක මහින්ද රාජපක්‍ෂ මහත්තය ගේ ඒකාබද්ධ විපක්‍ෂයටත් නැහැ. ඒක ජනතා විමුක්ති පෙරමුණටත් නැහැ. තියෙනව නම් ඇත්තෙ දෙමළ ජාතික සංධානයට විතරයි. එයාලට උතුරෙ පළාත් පාළන ආයතන දිනන්න පුලූවන් කියන විශ්වාසයත් එක්ක. ඒ හැර වෙන ආණ්ඩු පක්‍ෂය, විපක්‍ෂය නියෝජනය කරන කාටවත් ඒක නැහැ. ඒකට හේතුව ලෙස පෙන්වමින් හිටියා සීමා නීර්ණ ප‍්‍රමාදය. දැන් අන්තිමට සීමා නීර්ණය කිරීම අවසන් කරල තියෙනව. දැන් සීමා නීර්ණය කිරීම සඳහා ශ‍්‍රී.ලං.නි.ප. යයි එ.ජා.ප. අත්සන් කරන්නෙනෑ. නැවත පළාත් පාලන ඡුන්දය කල්යයි. මේ කරන්නෙ පළාත් පාලන ඡුන්දය කල්දාන කරන හේතු සෙවීමක්. ඇත්තම තත්ත්වය ගත්තොත් බල ව්‍යාපෘතියක් තියෙන්නෙ. බල අරගලයක් තියෙන්නෙ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් ස්ථාපිත කරන ඡුන්ද ක‍්‍රමයක් ස්ථාපිත කිරීමට වඩා අවධානය යොමු වෙලා තියෙන්නෙ. බලය කොහොමද ඩැහැ ගන්නෙ කියල. බලය ඩැහැ ගන්න කල් බැලීමකුයි කරන්නෙ.
සීමා නීර්ණ අවශ්‍යයි කියපු පිරිසම නේද මෙයට අත්සන් නොතියා ඉන්නෙ.
ඔව්. ඒක තමයි ප‍්‍රශ්නය. එයාලා හේතු දක්වන්න  ඕනෙ, මේකට අත්සන් නොතැබුවේ ඇයි කියල. මේ මැතිවරණ ක‍්‍රමය ගැන විවාද තිබුණා. ‘බහුතරය විසින් සුළුතරය යටපත් කරනවා. මේ මගින් සුළුතරයට ඇති කුඩා ඉඩත් නැතිවෙනවා කියලා’ විශාල විවේචනයක් තිබුණා. ඒ සංවාදය වෙලාවෙ ශ‍්‍රී.ලං.නි.ප. යයි, එ.ජ.ප.යයි කිව්වේ මේක තමයි එන්න  ඕන ඡුන්ද ක‍්‍රමය කියලා. සීමා නීර්ණය අවසන් වුන වෙලාවෙ මේ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ මේකට අත්සන් කරන්නේ නැහැ. ඒ පක්‍ෂ දෙකෙන් අහන්න  ඕනෙ මේ කතාවේ තේරුම මොකක්ද කියලා. එක කාලෙකට එකක් කියනවා. තව කාලෙකට තව එකක් කියනවා. ඒ ගොල්ල කියන්න  ඕනෙ ඇයි අත්සන් නොතබන්නෙ කියලා.
අලූත් ව්‍යවස්ථාවක් හැදීමත් එක තැන පල්වෙනවා වගේ නේද?
2015 ජනාධිපතිවරණය වෙලාවෙදිත් අපි ඔය අදහස ගැන ප‍්‍රකාශ කළා. මේ ගොල්ල කිව්වා අලූත් ව්‍යවස්ථාවක් හදනවා කියලා. ඒ වෙලාවෙදි අපි කිව්වා අලූත් ව්‍යවස්ථාවක් හදනවා නම් ප‍්‍රජා සහභාගී ක‍්‍රමවේදයකින් කරන්න  ඕනැ කියල. මොකක්ද ක‍්‍රමවේදය ජනතාව මෙයට සම්බන්ධ කරගත්ත. ජනතාව සම්බන්ධ කරගත්තා කියලා විකාරයක් කෙරුවා. පත්තරේ අඞ්වටීස්මන්ට් දානවා අද අහවල් ලිපිනයේ කොමිසමේ කට්ටිය ඇවිල්ලා ඉන්නවා කැමති කෙනෙක් ඇවිල්ල සාක්‍ෂි දෙන්න කියලා. එතකොට ඒ ගොල්ල උපකල්පනය කරන විදිහට රස්සාවල්වල නිවාඩු දාලා ඔය කියන ඔෆිස් එකට ගිහිල්ලා කොමිසමට සාක්‍ෂි දෙන්න  ඕනෙ ව්‍යවස්ථාව ගැන. එහෙම කිව්වට සැලකියයුතු ජනතා සහභාගීත්වයක් තිබුණෙ නැහැ. උනන්දුවක් තියෙන කිහිප දෙනෙක් විතරක් ගියා. ඊට අමතරව ඒ ගොල්ල සැලසුම් කරලා එන්න කියපු අය ආවා. ඔය ජනතාව කිව්ව කරුණු වලින් නෙමෙයි ව්‍යවස්ථාව හැදෙන්නේ. එයට ප‍්‍රභූ දේශපාලනයෙ ඉන්න පාළකයොත් සම්බන්ධයි. අධිරාජ්‍යවාදීනුත් සම්බන්ධයි, උපදෙස් ගන්න සමාගමක් සම්බන්ධ වුණා. එකෙන් තේරෙන්නේ, ඔවුන්ට  ඕන විදිහටයි මේක කෙරෙන්නෙ කියල. එහෙම සමාගමකින් උපදෙස් ගන්න අවශ්‍ය නම් ජනතාවගෙන් උපදෙස් ගන්න වියදම් කෙරුවෙ මොකටද කියලා අහන්න වෙනවා.
පාර්ලිමේන්තුවෙන් ආර්ථික සංවර්ධන සභා පනත සම්මත වෙන්න ඉඩ තියෙනවද? එය ප‍්‍රතික්‍ෂේප වෙන්න බැරිද?
කලින් පනතුත් සම්මත වුණා. මේක තීරණය වෙන්නෙ බල අරගලයත් එක්ක. මේ ආණ්ඩුව සම්මුති සම්මුති කියලා කිව්වට ඒ දෙක අතර තියෙන බල ගැටුම පැහැදිලිව පේනවා. පළාත්සභාවල පේන්නෙත් ඔය බල ගැටුම තමයි. පාර්ලිමේන්තුව ඇතුළෙ මේක සම්මත වෙන්නත් ඉඩ තියෙනව. සම්මත නොවෙන්නත් ඉඩ තියෙනව. පළාත් සභාවලත් එහෙමයි. ඒක තීරණය වන්නෙ බල අරගලය මතයි. ඒක පරාජය වීම විශාල ජයග‍්‍රහණයක් කියලා අපි හිතන්නෙත් නැහැ. රටතුළ සංවාදයක් ඇතිවීමට එසේ පරාජය වුන එක හොඳයි කියලා අපි හිතනවා.
ඔබගේ පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාගේ පුරවැසිභාවය පිළිබඳ අලූත්ම තත්ත්වය කුමක් ද?
ඔහු සිරගත වෙන්න පෙර අවස්ථා දෙකකදි අයදුම් පත‍්‍ර බාරදීලා තිබුණා පුරවැසිභාවය සඳහා. 2015 පෙරබරවාරි 18 වෙනිදා සහ 2015 නොවැම්බර් 2 වෙනිදා. විධිමත් ලෙස ම එම අයදුම්පත‍්‍ර භාරදීලා තිබියදීත්, ඔහුගේ සිරගතවන කාලය අවසන් වීමට දින දෙකකට විතර කලින් පාර්ලිමේන්තුවෙදි ප‍්‍රකාශයක් කරලා, එස්.බි. නාවින්න අමාත්‍යවරයා කිව්වා, විධිමත් ලෙස නැවත ඉල්ලීමක් කළ යුතුයි කියලා. ඒ නිසා දෙසැම්බර් 2 වෙනිදා ඔහුගේ සිරගත කාලය අවසන් වෙලා, ඔහු අනුරාධපුර බන්ධනාගාරයෙන් එළියට ආවට පස්සෙ දෙසැම්බර් 3 වෙනිදා අපි නැවත අයදුම්පතක් බාර දුන්නා. ඒ 3 වෙනි විධිමත් අයදුම් පත. ඒ බාර දුන්න අයදුම් පත සඳහා දැන් මාසයකට අධික කාලයක් ගිහින් තියෙනවා. අයදුම්පත අවසානයට බාරගෙන පුරවැසිභාවය ලබා දීම ගැන ප‍්‍රකාශක් කරලා නැහැ. ඒ පිළිබඳව තොරතුරු ලැබිලත් නැහැ දැනට විමසීම්වලදි කියලා තියෙන්නෙ මේ පිළිබඳ කටයුතු සිද්ධ වෙමින් තියෙනවා කියලා. ආණ්ඩුව මේ පිළිබඳ ලොකු හදිස්සියකින් කතා කෙරුවත්, තවම ඒ පිළිබඳව අවම කොන්දේසිවත් ඉටු වෙලා නැහැ.

මනෝජ් රූපසිංහ.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *