නිදහස් ජාතික සංවර්ධනයකට විධායක ජනාධිපතිවරු අවශ්‍ය නැත – මහින්ද රත්නායක

දෙසැම්බර්

28

7:51 පෙ.ව.

admin

හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දැනට අත්සන්කර ඇති අවශ්‍යාංග ගිවිසුමට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් දියත් වී තිබේ. මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකබද්ධ විරුද්ධ විපක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ද  මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් දියත්කර ඇත. නව සංවර්ධන උපාය මාර්ගය  තුළ මහාපරිමාණ දුෂණ හෝ වංචා සිදුවන්නේ නම් ඒ පිළිබඳව කථා කිරීමට රාජපක්ෂලාට සදාචාරමය අයිතියක් නොමැති නමුත් ඒ ගැන ද අවධානය යොමුකිරිම යහපාලන ආණ්ඩුවකට  මදි පුංචිකමක් නොවේ. ඒ අතර ම අර කියන ආකාරයේ වංචාවක් ඇත්නම්  ජනතා විමුක්ති පෙරමුණට පමණක් නොව  මෛත‍්‍රි- රනිල් ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙස වූ සියලූ දෙනාටම එයට එරෙහිවීමේ අයිතියක් තිබේ. ඒ අනුව එම වංචාව නැතිනම් ¥ෂණය හෙළිදරව් කිරීමේ වගකිම මාධ්‍යයට පැවරෙන අතරම එකී ගිවිසුම අහෝසිකර  ¥ෂිතයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වියයුතුව ඇත. එහෙයින් මූලික ගිවිසුමට අමතරව ඇතිකර ගන්නට යන නව ගිවිසුම පිළිබඳ විනිවිද භාවයකින් කටයුතු කිරීම ආණ්ඩුවේ ද වගකීමක් වන්නේ ය.

විදේශ ආයෝජනයන් කිරීමේ දී ඇතිවන ප‍්‍රමාදයන් ඉවත්කර එය කඩිනම් කිරිම සඳහා විශේෂ ඇමතිවරයෙකු පත්කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ද විරෝධතාවයක් දියත් වී ඇත. පලාත් සභාවල පමණක් නොව මධ්‍යම ආණ්ඩුවේ අනිකුත් අමාත්‍යාංශවලට ද අතපෙවිය හැකි බව කියැවෙන මෙම ධූරය සුපිරි අමාත්‍ය ධූරය ලෙස විරුද්ධවාදීන් නම්කර තිබේ. විදේශ ආයෝජකයෙකුට පමණක් නොව දේශිය අයෝජකයෙකුට වූවත් යම් කර්මාන්තයක් ආරම්භ කිරීමට යෑමේ දී එයට අදාළ කටයුතු කරගැනීමට එකම තැනකින් හැකිවන්නේ නැත. එහෙයින් මේ සඳහා ගතවන කාලය ඉතාමත් දීර්ග වන්නට පුළුවන. දේශිය ආයෝජකයෙක් නම්  වෙනත් කළ හැකි දෙයක් නොමැති හෙයින් එම දිර්ග කාලය ගෙවා හෝ අදාල කාර්ය ඉටුකර ගනී. එහෙත් කාලය දිර්ග වන්නේ නම්  විදේශ ආයෝජකයින් එම ආයෝජන අදහස අත්හැර දමා වඩාත් පහසුවෙන් එය කරගතහැකි රටක ආයෝජනය කිරිමට යනු ඇත. වියට්නාමය, බංගලි දේශය වැනි රටවල විදේශ ආයෝජන පටිපාටිය වඩාත් ආකර්ෂණිය වන බව අප දැනගත යුතු ය. අප රටේ කාර්මික සංවර්ධන ක‍්‍රමෝපාය පදනම් වන්නේ විදේශ ආයෝජන මත නම් ආයෝජකයාට ප‍්‍රමාදයන් මගහරවාගත හැකි ක‍්‍රමවේදයක් සකස් කළයුතුව තිබේ. ආයෝජනවලට අදාළ වන අනිකුත් අමාත්‍යාංශ මෙන්ම පලාත් සභා ද එක්කර ගනිමින් මේ ක‍්‍රමවේදය සකස් වන්නේ නම් විදේශ ආයෝජන කඩිනම්කරන අමාත්‍යාංශයක් පිහිටුවීමේ ඇති වරදක් නැත.

කිසිම  දේශපාලන පක්ෂයකට  හෝ  පුද්ගලයෙකුට මේ රටට ආර්ථික සංවර්ධනයක්  අනවශ්‍යයි කියන්නට නොහැකි ය.  නමුත්  ඒ සංවර්ධනය අත්කරගත යුත්තේ කුමන සංවර්ධන ක‍්‍රමෝපායකින් ද යන්න පිලිබඳව නම් එම පක්ෂ හා පුද්ගලයින් අතර  බොහෝ වෙනස්කම් තිබේ. ඒ පිළිබඳව රට තුළ සංවාදයක් තිබිම ද ඉතා යහපත් ය. විශේෂයෙන්ම සංවර්ධනය පිළිබඳව ඇති වැරදි මෙන්ම ආචීර්ණ කල්පිත මතයන් නිවැරදි කරගත හැක්කේ එවැනි සංවාද තුළිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි සංවර්ධන උපායමාර්ගයක තිබිය යුතු මුලික අංග ලක්ෂණයක් වන එයට විරුද්ධවීමට කිසිවෙකුට අයිතියක් නැත. එහෙත් කිසියම් පිරිසක් ව්‍යාජ හේතු දක්වමින් ජනතාව මුලාකොට ආණ්ඩුවක් බිඳ දැමීම අරමුණු කරගෙන සංවර්ධන ක‍්‍රමෝපායකට එරෙහිව ජනතාව උසිගන්වන්නේ නම් එයට එකඟවිය නොහැක. පෙනෙන ආකාරයට ක‍්‍රියාත්මක කළ හැකි විකල්ප සංවර්ධන ක‍්‍රමෝපායක් ඉදිරිපත් කරන්නේ නැතිව දක්වන මේ විරෝධතාවයන් වල ඇත්ත කථාව වන්නේ ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම හැර වෙන යමක් නොවේ.

සංවර්ධනයේ මිණුම් දඬු

මහාචාර්ය ඩඞ්ලි සියර්ස්ට අනුව කුමන සංවර්ධන ක‍්‍රමෝපායක් අනුගමනය කළත්, රටක් සංවර්ධනයවීමේ දී ප‍්‍රධාන කරුණු 4ක් ඉටුවිය යුතු ය. රටේ විරැුකියාව අඩුවීම එයින් එකකි. දෙවැන්න රටක දරිද්‍රතවය අඩුවිය යුතු ය. මෙයින් අදහස් කරන්නේ  කුටුම්භයේ සාමාජිකයින් සියලූම දෙනාට ඒ කුටුම්භය උපයන ආදායමෙන් දිනකට අවශ්‍ය කැළරි ප‍්‍රමාණය ලැබෙන බඩු මල්ලක් ගැනීමට තරම් එම ආදායම ප‍්‍රමාණවත් වියයුතු බව ය.  රටක ජීවත්වන මිනිසුන් අතර ඇති නැති පරතරය අඩුවිම සංවර්ධනයක ඇති ඊ ළඟ ලක්ෂණය වේ.  වෙනත් ආකාරයකට පවසන්නේ නම් රටේ ආදායම්  පුද්ලගයින් අතර බෙදියෑමේ විෂමතාවය අඩුවිය යුතු ය. හතරවැනි ලක්ෂණය වන්නේ  පුද්ගලයින් අතර පමණක් නොව ගම සහ නගරය අතර මෙන්ම රටවල් අතර ද ඇති නැති පරතරය අඩුවිය යුතු ය. කුමන සංවර්ධන ක‍්‍රමෝපායක් අනුගමනය කළත්, අර කී කරුණු 4 සපුරාගැනීමට නොහැකි නම් එම රට සංවර්ධිත රටක් ලෙස සැළකෙන්නේ නැත. එහෙයින්  එම කරුණු හතර සපුරාගත හැකිනම් කුමන  සංවර්ධන ක‍්‍රමෝපායක්  අනුගමනය කළද එහි ඇති වරදක් නොපෙනේ.

ජනාධිපතිතුමා මෑතක දී ප‍්‍රකාශ කළ ආකාරයට අපේ රටේ විරැුකියාව පිළිබඳ ප‍්‍රශ්නයක් නැත. ඇත්තේ මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ආකාරයේ රැුකියා නැතිවීම ය. තරුණ තරුණියන් පමණක් නොව ආකල්පමය වශයෙන් ගතහොත් මේ රටේ කිසිම  දෙමාපියෙක් තම දරුවා දුෂ්කර තත්ත්වයන් යටතේ රැුකියාවල නියුක්තවනවා දකින්නට කැමති වන්නේ  නැත. රැුකියාවේ ඇති දුෂ්කර බව පසෙක තැබුවත්, අව්වට වේලෙන වැස්සට නොතෙමෙන රැුකියාවක් ලැබුණත් දුෂ්කර ප‍්‍රදේශවල රැුකියාව කරන්නට අප රටේ බොහෝ දෙනා කැමති වන්නේ නැති  බව අපගේ අත්දැකීම ය. එසේ නම් සුවපහසු රැුකියා උත්පාදනය වන  සංවර්ධන  ක‍්‍රමෝපායක් තෝරාගත යුතුව තිබේ. ඒ සමඟම සංවර්ධනයේ ප‍්‍රතිලාභ රට පුරා බෙදීයන ව්‍යුහීය වෙනස්කමක් දේශාපාලනය තුළ සිදුවිය යුතු ය. වෙනත් ආකාරයට කියන්නේ නම් පලාත් මට්ටමෙන් පමණක් නොව ප‍්‍රාදේශිය මට්ටමෙන් ද ජනතාව පාලන බලයට හවුල්කරගතයුතච තිබේ. තව ද නව රැුකියා ආශ‍්‍රයෙන් නිපදවන භාණ්ඩ හා සේවා අභ්‍යන්තර පරිභෝජනයට පමණක් නොව විදේශ විනිමය ඉපයීමට ද සමත් ඒවා වියයුතු ය. විදේශ විනිමය උපයා ගන්නට එය හැර වෙනත් මාර්ගයක් නොමැත. රාජපක්ෂ යුගයේ දී  අපගේ අපනයනයන් විශාල ලෙස පහත වැටුණු අතර අපට පිටු පසින් සිටි වියට්නාමය අපිට වඩා අද බොහෝ සේ ඉදිරියෙන් සිටින බව මතක් කළයුතු ය.

මාක්ස් හා එංගල්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ පෙන්වා දී ඇති ආකාරයට අප ලෝකයේ ඉතා ඈත ප‍්‍රදේශ වලින් ගෙන්වන ලද අමු ද්‍රව්‍ය භාවිත කිරීම හා එකී කර්මාන්ත නිපදවන දේ, රටක් තුළ පමණක් නොව ලෝක ගෝලයේ සෑම පෙදෙසකම පරිභෝජනයට ගැනීම අද සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. එමෙන්ම කිසිම පුද්ගලයෙක් තම රටේ නිෂ්පාදනය කරන දෙයින් පමණක්  තම අවශ්‍යතාවයන් සපුරාගැනීමට කැමති වන්නේ ද නැති බව රහසක් නොවේ. එසේ නම් අපි ආනයන කරන භාණ්ඩ සඳහා පෙරලා ගෙවිමට විදේශ විනිමය අවශ්‍ය වේ. ඒ විදේශ විනිමය අපිට උපයා ගන්නට වෙන්නේ අප නයනයන් වැඩිකර ගැනීමෙනි. අවාසනාවකට මෙන් අද අපේ විදේශ විනිමය උපයා ගන්නා ප‍්‍රධානතම මාර්ගයක් වී ඇත්තේ නුපුහුණු කාන්තා ශ‍්‍රමය මැදපෙරදිගට පැටවීම ය. ඇඟලූම් කර්මාන්තය ද ක‍්‍රියාත්මක වන්නේ සේවා සැපයීමක් ලෙසට ය. ඇඟලූම් කර්මාන්තයට අවශ්‍ය බොත්තමක් හෝ අපි නිපදවන්නේ නැත. ඇඟලූම් කර්මාන්තයේ විශාල වශයෙන් රැුකියා පුරප්පාඩු ඇතත් මුල් කාලයේ මෙන් නොව අප රටේ තරුණ තරුණියන් දැන් ඒවාට ආකර්ෂණය වන්නේ නැත. මෙයින් පෙන්නුම් කරන්නේ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නව අදියරකට අප  ප‍්‍රවේශවියයුතු බව නොවේ ද?

අනික් අතට අපගේ කාෂිකර්මාන්තය ගත්ත ද තවමත් පවතින්නේ ඉතාමත්ම නොදියුණු තත්ත්වයක ය. රටේ ජනගහනයෙන් 30%කටත් වඩා කෘෂිකර්මයේ නියැලී සිටින්නේ වී නමුත් දළ ජාතික ආදායමට ඔවුන් එක්කරන ප‍්‍රතිශතය 10%ක් පමණ වේ. මේ සඳහා යොදාගෙන ඇති භූමි ප‍්‍රමාණය ද අති විශාල ය. කෘෂිකර්මය නවීකරණය කළ රටවල එම පලදාව ගැනීමට එතරම් භූමි ප‍්‍රමාණයක් යොදා ගන්නේ නැත. මේ අනුව කෘෂි කාර්මික ප‍්‍රශ්නය, එසේ නැතිනම් ගොවිජන ප‍්‍රශ්නය විසඳිය යුතු බරපතල ප‍්‍රශ්නයක් බව ඉතා පැහැදිළිව පෙනෙන්නට ඇත. මේ සියළු කරුණු ගැන සළකා බැලීමේ දී මේ රටේ ආර්ථිකයේ ව්‍යුහීය පරිවර්තනයක්  ඇති කළයුතු බව  අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

සංවර්ධනය ගැන ඇති ආකල්ප

එංගල්ස් වරෙක ප‍්‍රකාශ කළ පරිදි ආර්ථික සංවර්ධනයක් ඇතිකර ගැනීමට ගන්නා  ඕනෑම ප‍්‍රයත්නයක දී දෙවිධියක සූරා කෑමක් සිදුවේ. සංවර්ධනය අත්කරගැනීම සඳහා එක් පැත්තකින් පරිසරය සූරාකෑමට සිදුවන අතර අනික් පැත්තෙන් ශ‍්‍රමය සූරා කැමට ද සිදුවේ.  සංවර්ධනය යන්නම සූරාකමින් අත්කරගන්නා දෙයක් මිස දෙවියන්ගේ හාස්කමකින් ලැබෙන දෙයක් නොවේ. මෙසේ සූරාකෑමට සිදුවී ඇත්තේ මිනිසා යනු ස්වාභාවික සත්වයෙක් පමණක් නොවන නිසා ය. ට්‍රොට්ස්කි වරෙක පෙන්වා දුන් ආකාරයට  සීසා අස්වද්දන ලද කෙතක් බඳු වූ සංස්කෘතියට ස්වභාව ධර්මයෙන් දෙන ලද දෙයට අමතරව  පවතින  සියලූම දේ අයත් ය. ස්වාභාවික ම නොවන සංස්කෘතිකමය සත්වයෙක් ද වන මිනිසා මුහුණ දී ඇති මේ උභතෝකෝටිකය විසඳා ගැනීමට යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස සංවර්ධන ක‍්‍රමෝපායන් පිළිබඳ විවිධ ආකල්පයන් ගොඩනැගී ඇත. කෙසේ නමුත් සංවර්ධනයේ ඉහළට ගොස් ඇති රටවලට පාරිසරික හේතු මෙන්ම මානව නිදහස ප‍්‍රමුඛ වන හෙයින්  සෘණ සංවර්ධනයක් යෝජනා කළ හැකි නමුත් අප වැනි රටවලට කිසියම් මට්ටමක සංවර්ධනයක් අත්කර ගතයුතුව ඇත. ජාත්‍යාන්තර මට්ටමෙන් ගත් කළ පරිසරයට මුදා හැරෙන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අපගේ කෝටා එක තවම අවසන් නැත. එහෙයින් ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් එකී සංවර්ධනය ඇතිකර ගැනීම අපගේ වගකිමක් වන්නේ ය.

ඇතැමුන්ගේ ආකල්පයන්ට අනුව නැවතත් අප අතීතයට යායුතු ය. අපගේ පැරැුන්නන් ස්වභාව ධර්මයට හානි නොකර කිසියම් සංවර්ධනයක් අත්කරගෙන තිබූ බව ඔවුහු කියති.  එහෙත් සරළ නිෂ්පාදන ක‍්‍රමයක් පැවති එම අවධියට යෑමෙන් නූතන මිනිසා නඩත්තු කළ හැකි නොවේ. එහෙත් කාර්ය බහුල නූතන ලෝකයේ ජීවත් වන ඇතැම් සමාජ කුලකයන්ට මති භ‍්‍රමයක්, නැතිනම් පාර භෞතිකයක් ලෙස තිබුණා යැයි සිතන අතීත සංවර්ධනයක් ගැන සිහින මවති. ජාතිකවාදි දේපාලනඥයින් තම අවස්ථාවාදි දේශපාලන උවමනාවන් සඳහා මෙහෙයේ යොදවා ගන්නේ මේ සමාජ කුලකය වේ. නව ලිබරල් ආර්ථික ක‍්‍රමෝපායට වෙනස් දේශිය ආර්ථික ක‍්‍රමෝපායක් මේ රටේ ජාතිකවාදින්ට ද නොමැති බව ඔවුන්ගේ පාලන කාලය තුළ මොනවට පැහැදිළි විය. රාජපක්ෂගේ පාලනය එකි නව ලිබරල් ආර්ථිකය ක‍්‍රියාවට නැගීමට රාජාණ්ඩුවක සිරිගත් බලයක් අභ්‍යස කළ ආකාරය උත්පාසජනක ය.

ධනවාදි සමාජ වෙළඳපොල ආර්ථික ක‍්‍රමෝපායට අනුව නව ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැගිමට විශාල බලයක් රාජ්‍ය නායකයාට අවශ්‍ය වන්නේ නැත. ජනතාවගේ පැත්තෙන් එන සාධාරණ විරෝධයන් ඇත්නම් ඒවා සාකච්ඡුා මාර්ගයෙන් විසඳාගැනිම ධනවාදි සමාජ වෙළඳපොල ආර්ථික ක‍්‍රමෝපායේ මූලික අංග ලක්ෂණයක් වේ. විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමට යමෙක් එරෙහි වන්නේ නම් සැබවින්ම ඔහු නව ලිබරල් ආර්ථික ක‍්‍රමෝපාය වෙනුවෙන් පෙනි සිටින්නෙකි. මක්නිසා ද යත් ආර්ථිකයේ  ඇතිවන  ව්‍යුහීය වෙනස්කම් හරහා ඇතිවිය හැකි ජනතා විරෝධයන් මර්ධනය කිරීමට ඔහුට අර කී බලතල අවශ්‍ය වේ. එහෙයින් නව ලිබරල්වාදය පරාජය කිරීමට නම් විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුවේ. නව ලිබරල්වාදයේ දේශපාලන ගතිකය වන්නේ  පූර්ණ බල ඇති දේශපාලන  අධිකාරියකි.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *