දරුවන් කෙරෙහි අවධානය නොමැති වීමත්, සමාජ සම්බන්ධාතාවලින් ඈත් විමත් සියදිවි නසා ගැනීමට හේතුවක්. – මනෝවිද්‍යාඥ අරුන්දතී අබේපාල

ජූනි

19

8:16 පෙ.ව.

admin

තරුණ පරපුරේ සාමාජිකයින් සියදිවි නාසාගැනීමේ ප‍්‍රවනතාවක් පෙන්නුම් කරනවා. ඒකට බලපාන යම් විශේෂ සාමාජික හා මානසික ගැටළුවක් තියෙනවද?
සමාජ හා මානසික ගැටළු කියපුවම ඉතාම පුළුල් සන්දර්භයක් ගන්නවා. සාමාජ කියන කොටස තිබියදී මානසික කියන කොටස අපි මුලින්ම සාකච්ඡුා කරමු.
මානසික තත්ත්වයන් කියපුවම අපි ජීවිතයේ නොයෙකුත් උස් පහත් වීම් හරහා ගමන් කරනවා. හැමෝටම එකම විදිහට, හැම තිස්සෙම ප‍්‍රශ්නවලට මුහුණ දීමේ ශක්තියක් නැති වෙන්නට පුලූවන්. මානසික වශයෙන් අපි දුර්වල වෙන අවස්ථාවල දී යම් කිසි සහයෝගයක් සහනයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේ අවස්ථාවන් හඳුනා නොගැනීම පුද්ගලයන්ට සියදිවි නසාගැනීමට හේතු වෙන්න පුලූවන්.
එතකොට එයාලා හිතන්නෙ සරණක් නැහැ, පිහිටක් නෑ, මගෙ ගැටළු අනෙක් අයට තේරෙන්නේ නෑ. මට විතරයි මේ ලෝකේ ප‍්‍රශ්න තියෙන්නේ. මට දිවිනසා ගැනීම හැර වෙන විසඳුමක් නැහැ. කියන තත්ත්වයට කෙනෙක් පත්වෙන්නට පුළුවන්. මානසික ගැටළු හඳුනා නොගැනීම හා ඒවාට නිසි අවධානයක් නොලැබීම එකට හේතුවක් වශයෙන් සලකන්නට පුලූවන්.
පාසැලේදී උනත් දරුවන්ගේ තියන මානසික ගැටළු මොනවද කියලා හඳුනගන්නෙ නැහැ. මොනවද අපේ දරුවන්ට තියෙන ගැටළු. මොනවද අපෙන් අවශ්‍යවෙන උදව් කියලා, දෙමාපියන් විසින් හඳුනා ගන්නේ නැහැ. පසුගිය කාලේ ඉස්කොලෙ ළමයි සිය දිවි නසාගැනීමේ රැුල්ලක් ආපු වෙලාවෙ, ගුරුවරු කියනවා, ‘අවවාද කරන්නත් බයයි. මොකක්හරි දෙයකට අවවාද කෙරුවොත්, අවවාද රුස්සන්නෙ නැතුව දිවි නසාගනියි කියලා බයයි’ කියලා. ඒ හින්දා මොනවා කෙරුවත් ඔහේ ඉන්නවා කියලා කියන්න තැනට ගුරුවරු පත්වෙලා තිබුණා.
සමාජීය වශයෙන් ගත්තහම එකිනෙකාට තියෙන සම්බන්ධතා, සමාජ ජාල හරහා වැඩිවෙලා තියෙනව. අපිට මුහුණු පොතේ යාළුවො ගණනාවක් ඉන්නව. සිය දහස් ගණනක් ඉන්නව. ඇත්තටම මනුෂ්‍ය සම්බන්ධතාවලට ආවාම, එහෙම ලොකු මනුෂ්‍ය සම්බන්ධතාවයන් අපේ නැහැ. දෙමව්පියො දරුවන් අතර කතා කරන්න වෙලාවක් නැහැ.
ෆේස් බුක් එකේ යහළුවො දහස් ගණනක් හිටියට තමන්ට දෙයක් බෙදා ගන්න, උදව්වක් ඉල්ලගන්න, ගුරුහරුකමක් ගන්න, අවවාදයක් ගන්න කෙනෙක් නැති වෙන්නට පුළුවන්.  ඒක ඉතාම දුක්ඛදායක තත්ත්වයක්. මට මගේ යාළුවො දාහක් ෆේස් බුක් එකේ ඉන්නවා වුණාට ප‍්‍රශ්නයක් වුන වෙලාවට කතා කරන්න එක්කෙනෙක්වත්, දෙන්නෙක් වත් ඉන්නවද කියන එක ගැටළුවක්.
ඒ වගේම ඉස්කොලෙ ගුරුවරුන්ගෙ ශිෂ්‍යන්ගෙ සම්බන්ධය පලූදු වෙලා. ගුරුවරු වුණත් බයයි දරුවන්ට දැනමුතුකමක් දෙන්න පස්සෙ ගැටළුවකට මුහුණපාන්න සිද්ධ වෙයි කියල. නොදැනුවත්කම හා සමාජ සම්බන්ධාතාවලින් ඈත් විමත් සියදිවි නසා ගැනීමට හේතුවක් වශයෙන් පෙන්වන්න පුළුවන්.
සියදිවි නසාගැනීම් වැඩි වශයෙන්ම වාර්තාවුනේ තරුණ ගැහැණු ළමයින්. එයට හේතුව පිරිමි ළමයින් වඩා දරා ගැනීමේ ශක්තිය ගැහැණු ළමයින්ට අඩුකමක්ද?
ගැහැණු ළමයින්ගේ දරාගැනීමේ අඩුපාඩුවක් කියලා කියන්න මම කැමති නැහැ ඇත්තටම. ගැහැනුන් කියන්නේ සමාජයේ වැඩිම බරක් අදින පිරිස. ඒගොල්ලන්ගෙ දරාගැනීමේ ශක්තිය ඉතාම වැඩියි. ඒ අවස්ථානුකූලව ගෑනු ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් දිවිනසා ගත්ත පලියට අපිට කියන්න බැහැ පොදුවේ  ගැහුණු ළමයි බොහෝම බොළඳයි, බරපතල කමක් නැහැ, දරා ගන්න බැහැ කියල.
සමහර විට මුහුණපාන්නවෙන සිද්ධීන්වල අමිහිරි ප‍්‍රතිඵලවලට මුහුණ පාන්න වෙන්නේ ගැහැණු ළමයින්ට. සමහර වෙලාවට මට සරණක් නෑ. පිළිසරණක් නෑ. මේ ප‍්‍රශ්නයට විසඳුමක් නෑ කියලා  කියලා හිතෙන තැන ඒඅය අතරමං වෙන්න පුළුවන්. ඒ හින්දා එහෙම තීරණයකට යනව වෙන්න පුලූවන්. ඒ හින්දා පොදුවේ ගැහැණු ළමයින්ගේ දරාගැනීමේ ශකිත්ය අවම මට්ටමක තියනව කියල නිගමනයකට එන්න අපිට බැහැ.
මීට කලකට පෙර සියදිවි නසා ගැනීම් වාර්තාවුනේ කෘෂිකාර්මික ජනපද ඇති රජරට පාළාතෙන්. ඒ ඇරුණුකොට වතුකරයේ ලැයින් ආශ‍්‍රිතව වෙසෙන දරිද්‍රතාවයෙන් පෙළෙන, අවම අධ්‍යාපනයක්වත් නැති ිපිරිස අතරින්. දැන් එය නගරයට සංක‍්‍රමණය වෙලා තියෙනව.
මානසික රෝග කියන දේ කාටද හැදෙන්නේ කියලා කියන්න බැහැ. දුප්පත්කම පෝසත්කම, උගත්කම නූගත්කම, නාගරිකබව පිටිසරකම මේ විදිහට වර්ග කරන්න බැහැ.  මම මනෝවිද්‍යඥවරියක් වුනාට මටත් සමහර විට මානසික රෝගයක් හැදෙන්න පුළුවන්කම තියනව. අපි ඉස්සරවෙලා කිව්ව වගේ ඒක ජීවිතයේ උස් පහත් වීම් හරහා ගමන් කරනවා. අපේ ජීවිත කවදාවත් සරල රේඛාවක් වගේ ගමන් කරන්නේ නැහැ. උස්පහත් වීම් ඇතිවෙනකොට අපිට ඒවට මුහුණ දීමේ හැකියාව නැති වෙනව. ඒක මානුසික ස්වභාවය. මිනිස්සුන්ට මානසික රෝග කියන්නේ උණ හෙම්බිරිස්සාව වගේ බොහොම සුලබ දෙයක්. මානසික රෝග හැදුනා කියලා විශේෂයෙන් කතා කරන්න  ඕනැ ඒවා නෙමේ. සුදුසු විදිහට එයට අවශ්‍ය ප‍්‍රතිකාර, අවශ්‍ය උපදේශනය ලබා දීමයි ප‍්‍රධාන වශයෙන් වැදගත් වෙන්නෙ.
මේ තත්ත්වය ගමටද නගරයටද නැත්නම් වෙනත් පරාශයන්ට අයත් අයටද කියලා නැහැ. තමන් ජීවිතයේ අසරණ වුනාම යම් දේකට ඇලිලා ඉඳලා ඒක නැතිවෙලා අපේක්‍ෂා භංගත්වයන් ඇති වුණාම, විශාද තත්ත්වයන් ඇති වුණාම, මම කොච්චර උගත්ද? මට කොච්චර සල්ලි තියෙනවද? මම කොච්චර සමාජයේ පිළිගැනීමකට ලක්වෙලා තියෙනවාද යන කරුණු වැදගත්වෙන්නෙ නැති වෙන්නට පුළුවන්.
සියදිවි නසා ගැනීමට පෙළඹීම මානසික රෝගී තත්ත්වයක්ද? එහෙමත් නැත්නම් ක්‍ෂණික ආවේග තුළින් ගන්නා ලද තීරණ මත සිදුවන දෙයක්ද?
ඒක ක්‍ෂණික ආවේගයකින් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒ රෝග තත්ත්වයන් නිසා ඇති වෙන්නත් පුළුවන්. උණ, හෙම්බිරිස්සාව, කැස්ස වැනි අසනීප ඉක්මනින් හඳුනගන්න පුළුවන්. මානසික රෝග හොඳ නිරීක්‍ෂණයකින් නැත්නම් හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. හොඳට කතාකරලා, හොඳට හිනාවෙලා ඉන්න පුද්ගලයෙක්ගෙ හැසිරීමේ වෙනස්කම් තියනව නම් අපිට යම් මානසික රෝග තත්ත්වයකින් ඔහු පෙළෙවද කියලා හිතාගන්න පුළුවන්. ඔහු ඒ බවක් පෙන්නුම් නොකළහොත් අපිට එහෙම හිතාගන්න බැහැ. කාලයක් තිස්සෙ කෙනෙක්ගෙ හිතේ ඔඩු දුවන ප‍්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. නැත්නම් මේ උදේ හොඳට වැඩට හෝ පන්ති ගිහිල්ලා හෝ වෙනයම් ගමනක් ගිහිල්ලා හවස සියදිවි නසාගන්නා තත්ත්වයන් දකින්න ලැබෙන්නේ නැහැ. මෙතනින් එහාට මගෙ ජීවිතේ වැඩක් නැහැ. මේකට මට උත්තරයක් හොයා ගන්න බැරි ප‍්‍රශ්නයක්. කියලා හිතෙන අවස්ථාවක තමයි ඔය වගේ දේවල් වලට යොමු වෙන්නේ.
පේරාදෙනියෙදි දුම්රියට පැන්න උපාධිධාරී තරුණියගෙ හා කොට්ටාවෙදි දුම්රියට ගෙල තැබූ තරුණිගෙ මරණ වල ස්වභාවය දිහා බලපුවම පෙනීයන්නේ ක්‍ෂණික තීරණ මත දිවියෙන් සමුගත් බවයි.
මම කියන්න දන්නෙ නැහැ ඒවා ඒගොල්ල ගත්ත ක්‍ෂණික තීරණද කියල. ඒගොල්ලන්ගේ පවුලේ අයගෙන් හා හිතමිතුරන්ගෙන් තමයි අහලා දැනගන්න වෙන්නේ ක්‍ෂණික තීරණයක් ද කියලා. ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. මේ ළමයා ටියුෂන් ගිහිල්ලා එන ගමන් මැරිලා තියෙන්නෙ කියලා අපි හිතනව වුනත්, ක්‍ෂණික තීරණයක් නොවෙන්න පුළුවන්. එයා ඒක කල්පනා කරලා, කොයි වෙලාවෙද යන්නේ, කොහොමද යන්නෙ කියලා පැලෑන් කරල කරපු දෙයක් වෙන්න පුළුවන්. ආවේගාත්මක වෙලා සියදිවි නසා ගත්තයි කියලා අපිට කියන්න බැහැ.         සියදිවි නසාගන්න කෙනෙක්ගෙ ලක්‍ෂණ මුලින්ම පහල වෙනව. මේක තේරුම් ගන්න සමාජයක් වශයෙන් අපිත් දැනුම්වත් වෙලා ඉන්න  ඕනැ. හොඳට ගෙදර හිනාවෙලා කතාකර කර හිටිය කෙනෙක්, එහෙම නැතුව එයාගෙ හැසිරීමේ වෙනසක් තියනව නම්, එයා හිතනපතන දේවල්වල, කතාකරන දේවල්වල වෙනසක් තියනව නම් ඒ දේට අපි සංවේදි වෙන්න  ඕනැ. ඒ ගැන හොයලා බලන්න  ඕනැ. එයාට ඇහුකම් දෙන්න  ඕනැ. එහෙම නැතුව යම් දෙයක් වුණාට පසුව ‘අයියෝ එයා එකපාරටනි මෙහෙම කරගත්තෙ’ කියලා හිතන්න පුළුවන්. ඒත් මාස කීපයක තිස්සේ ඔය ලක්‍ෂණ දකින්න පුළුවන්. මේ ළමයා පහුගිය මාස කීපයෙ හරියට කෑවෙ බිව්වෙ නැහැනෙ. නිදි නැතුව ඇහැරලානෙ හිටියෙ. කිසිම දේකට ඉදිරිපත් වුනේ නෑනේ. හැම තිස්සෙම කොන් වෙලානෙ හිටියෙ. කියලා පස්සේ පසුතැවිලි වෙන්න පුලූවන්. ඒ නිසා හොඳම දේ අවධානයෙන් සිටීමයි. හොඳ සමාජ සම්බන්ධතා තමයි ප‍්‍රධාන දේ. අපි එකිනෙකාට සංවේදි වෙන එකත් අත්‍යාවශයයි.  අනෙක  ඕනෑම ගැටලූවකට අපි සංස්කෘතිමය වශයෙන් සමාජමය වශයෙන් හිතනවා, මේක තමයි ජීවිතේ අවසානය කියලා. මේ දේ වුනේ මට විතරයි. මේ දේ තමයි මිනිහෙකුට වෙන්න පුලූවන් ලොකුම ප‍්‍රශ්නෙ. ආදි වශයෙන් නොයෙක් දේවල් හිතෙන්න පුළුවන්. එහෙම නැතුව අපි විවෘත මනසකින්  බලන්න  ඕනැ. සියලූ දේ වෙන්නෙ මිනිස්සුන්ට. හු`ගක් සාර්ථක මිනිස්සුන්ට වුණත් ජීවිතේ විවිධ ප‍්‍රශ්නවලට මුහුණපාන්න වෙලා තියෙනව.
සමහරවිට තරුණියකට සමාජයට කියන්න බැරි මොකක් හෝ හේතුවක් නිසා හිතනවා ජීවිතය අවසාන කර ගතයුතුයි කියලා. සමාජය වපර ඇහෙන් ඒ ගෑනු ළමය දිහා බලන්නෙ නැතුව, ඊට වඩා විවෘත මනසකින් ඒ ළමයා පිළිගන්න පුළුවන් කමක් තියනව නම් සමහර විට එතකොට එයාගෙ තියෙන ආකල්පෙත් වෙනස් වෙන්න පුළුවන්. අපි විවෘත මනසකින් සිටීම, අපි අනෙක් අය කෙරෙහි සංවේදීව සිටීම එයාලගෙ සිතුම් පැතුවලට සංවේදීවීම. ඒ වගේම අපි අනෙකාව පිළිගැනීමත් මේ තත්ත්වය හොඳ විසඳුමක්.
ගැහැනු ළමයෙක්, යෙහෙළියක් වගේ අම්මත් එක්ක සමීප සම්බන්ධාවයක් තියෙන්න  ඕනැ කියලා කියනවා.  මේ වනවිට විවිධ හේතූන් නිසා එය බිඳීයාමත් මෙවන් තත්ත්වයන් ඇති වීමට හේතුවක්ද?
හැම ළමයෙකුටම දෙමාපිය දෙන්නත් එක්කම හොඳම සම්බන්ධාවක් තියෙන්න  ඕනැ. ළමයෙකුට ඉන්න හොඳම යාලූවො දෙන්නා තමයි අම්මයි, තාත්තයි. ඒක ගැහැනු ළමයට විතරක් කියලා සීමා වෙන්නෙ නැහැ. පිරිමි ළමයින්ටත් එහෙමයි. පිරිමි ළමයින්ටත් අම්මා තාත්ත එක්ක යාළු වෙලා, හිතවත් වෙලා ඉන්න පුලූවන් නම් ඒක සෑහෙන්න ලොකු දෙයක්.

සාකච්ඡුා කළේ මනෝජ් රූපසිංහ.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *