කෝප් කමිටු පරීක්ෂණයෙන් අර්ජුන මහේන්ද්‍රන් නිදොස් වන බව විමල් වීරවංශ කියයි !

ජූනි

26

8:17 පෙ.ව.

admin

මේ ආණ්ඩුවේ දුෂිතයින් කහ වතුරින් නහවා  පිරිසිදු කිරීමට කෝප් කමිටුව ක්‍රියා කරමින් සිටින බව විමල් වීරවංශ මහතා පසුගියදා කළ චෝදනාවෙන් හෙළිවන්නේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙන් ඔහු නිදහස් වන බව යයි දෙස්ඝපලන අංශ කියයි . එම තීරණය වෙනස් කරවා  ගැනීමේ උත්සහයක් ලෙස වීරවංශ මහතා මෙම චෝදනාව  නැගු බව දශපාලන අංශවල මතයයි . මෙය හොරා ට පෙර කෙහෙල්කන වැට පැනීමක් වී ඇති බව කියති .

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට එහි සියලු පක්ෂ සම්බන්ධය. ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම විමල් වීරවංශ ගේ පක්ෂයේ නියෝජිතයෝද එහි සිටිති . එහි කෙරෙන පරීක්ෂණ මෙන්ම විගනකාධිපතිවරයාගේ නිරීක්ෂණ එම සියලු පක්ෂවලට දැනගත හැකිය . මේ වනවිට එම තොරතුරු ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද ලැබී ඇත . විමල් වීරවංශ මහතා හෙළිකොට ඇත්තේ එම තොරතුරු මගින් එලබිය හැකි නිගමනය බව දේශපාලන අංශවල මතය වී තිබේ .

අර්ජුන මහේන්ද්‍රන් මහතා නැවත පත්කිරීම ගැන  කෝප් කමිටු වාර්තාවෙන්  පසුව තීරණය  කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වීම මෙන්ම එම තීරණය එන තෙක්  යලි පත්වීමට තමා ඉල්ලුම් නොකරන බවට අර්ජුන මහේන්ද්‍රන් මහතා කරන ප්‍රකාශය මගින් ද වීරවංශ මහතා ගේ හෙළිදරවුව තහවුරු වන බව නිරීක්ෂකයෝ කියති  .

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *