කලාපීය වෙළඳ පොලට ඇතුල්වීමට උත්සහ කරන බව මේ අයවැයෙන් පේනවා- මහාචාර්ය රොහාන් සමරජීව පළමු කොටස

නොවැම්බර්

21

9:15 ප.ව.

admin

dr-rohan-samarajiva-makes-a-point-photo-by-tve-asia-pacificඅයවැය කියන්නෙ ආණ්ඩුවේ වියදම් ප්‍රමුඛතා සඳහා මුදල් ලබා ආකාරයයි. වියදම් කරන්නේ කුමකටද, යන්න සොයන විට ප්‍රතිපත්තිමය කරුණු එතැන ගැබ් වෙනවා. ඒක සමානව බෙදීයෑමක් ලෙස සිදුකරන්නත් පුලුවන්. නැතිනම් මහජන චීනයේ වගේ ජනතාව පීඩාවට පත්කරලා මුදල් රජයේ ආදායම් මට්ටම දියුණු කරන්නත් පුලුවන්. ඉදිරි අවුරුද්දේ දිශානතිය සම්බන්ධ හැඟීමක් මෙහිදී අපට ඇතිකර ගැනීමේ හැකියාව ලැබෙනවා. අගමැතිතුමා යටතේ තියෙන ජාතික සැලසුම් සම්පාදන අමාත්‍යාංශයේ හදන ආර්ථික ප්‍රතිපත්තියක් අයවැයට කලින් පාර්ලිමේන්තුවේ කියවීමක් කරනවා. ඒක තමයි අයවැයේ පළවෙනි කොටස.
දෙවැනි එක තමා මුදල් ඇමතිවරයා ඉදිරිපත් කරන අයවැය. ගියවර අයවැයේදී මේ දෙක ගැලපුනේ නෑ. මේ පාර සෑහෙන දුරට ගැලපෙනවා. ඒ අතින් ඒක හොඳයි කියලා අපිට කියන්න පුලුවන්. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ රැකියා දස ලක්ෂයක් ලබා දෙන බවට දක්වලා තියෙනවා. අගමැතිතුමාගෙන් ඔක්තෝම්බර් 27 පාර්ලිමේන්තුවේ කරපු ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධ පැහැදිළි මතයක් තියෙනවා. හුදෙක් ලංකාව මිලියන විස්සක වෙළඳපොලක් ලෙස සලකන්නේ නැතිව ඉන්දියානු සාගරය වටේම තියෙන වෙළෙඳ පොළවල් සඳහා ලංකාවේ දොරගුලු විවෘත කිරීමෙන් පසුව, රැකියා උත්පාදන කටයුතු සිදු කරන්න මේ අය බලාපොරොත්තු වෙනවා. එක් පසෙකින් මේ සඳහා වෙළෙඳ ගිවිසුම්වල අවශ්‍යතාව පවතිනවා වගේම ආයෝජන වැඩි කිරීමේ අවශ්‍යතාවය පවතිනවා. නමුත් අයවැයේ වෙළඳ ගිවිසුම් සම්බන්ධව කිසිවක් සඳහන් වෙන්නේ වෙළඳ ගැලපුම් පහසුකමක්“ ගැන සඳහන් වෙනවා, ඒකෙන් අදහස් වන්නේ රටක තීරුබදු වලින් ආරක්ෂාව ලබන කොටස ය. මෙම කොටස එක්තරා ගුණාත්මක බවකින් යුක්තව භාණ්ඩ නිපදවෙන්නේ නැති වෙන්නට පුළුවන. ගුණාත්මක තත්ත්වය ඉහළ නංවන්න හැකියාවක් නැතිවීම මෙයට හේතුවක් විය හැක. එහි මිල අඩු කිරීමට කාර්යක්ෂමතාව දියුණු කරන්නට ඒ අයට දිරි ගැන්වීමක් තිබෙන්නට නැතිව ඇති. වෙළඳ ගැලපුම් පහසුකමක්“ මගින් ඒ අයට සහනදායී අරමුදලක් ලබා දෙන්නේ එහි කාර්යක්ෂමතාවය වැඩි කර ගන්නට සහ වඩා ගුණාත්මක නිෂ්පාදන වැඩි කරන්නට ය.
මෙවන් කරුණක් ආර්ථික ප්‍රතිපත්තියේ සඳහන් වුවත් අයවැයේ සඳහන් වෙන්නේ නෑ. මේ කටයුතු කරන්න හදන්නේ විදේශීය අරමුදල් වලින් බව පෙනේ. ඇත්තෙන්ම ඒක හොද පියවරක්. එසේ ගැටලු වලට මුහුණපා සිටින අයට ඉතාම හොඳ අවස්ථාවක් තරඟකාරී ලෝකයකට මුහුණ දෙන්න. ලංකාවේ පළමු වතාවට ආගමන පොලීසියක් පිහිටුවීමට අරමුදල් වෙන්කරලා තිබෙනවා. මේකට හේතුව තමයි නීතිමය තත්ත්වයක් නොමැති වීම ගොඩක් අය කතා කරනවා, වෙළද ගිවිසුම් තුළින් විදේශිකයින් ලංකාවේ නීති විරෝධිව රැදී ඉන්නා බවට. ඒක බොරුවක් එහෙම වෙන්නෙ නෑ. වෙළඳ ගිවිසුම් නැතිව මේ වෙලාවේ ලංකාවේ නීති විරෝධිව රැකියා කරන අය සිටිනවා. ආගමන පොලීසියක් ඇති කිරීමෙන් ඇතිවන එවන් මත බේද අඩු වෙන්න පුලුවන්. ආණ්ඩුවට විශාල ණය බරක් භාරගන්නට වුණා හම්බන්තොට වරාය ඉදිකිරීමත් සමඟ. ඒවා සැලසුම් නැතිව කරපු ආයෝජන. ඒ ණය ගෙවන්න ගියොත් අපිට කිසි දෙයක් ඉතිරි වෙන්නේ නෑ. ඒකට ආණ්ඩුව යම්කිසි ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ ණය යම්කිසි අයිතිය පිළිබඳ පැත්තකට අරගෙන යන්න. මේ සඳහා අවදානම බෙදා ගැනීමේ විවිධ ක්‍රමවේද තියෙනවා. මම කෙනෙක් සමඟ පොදු ආයෝජන කටයුත්තක යෙදී තියෙනවා නම්, එහි ප්‍රතිඵලයක් ලෙස යම් ආදායම ලබන ආයතනයක් හදාගත්තානම්, එහි ආදායම වැඩිවූ විට අපි

දෙගොල්ලන්ටම ලාභාංශ ගැනීමේ හැකියාවක් පවතිනවා. පාඩුව දෙගොල්ලන්ටම දරා ගැනීමට සිදුවෙනවා. එය ආයෝජනයේ මූලික ලක්ෂණයක්. මම තනිව ආයතනයක් ආරම්භ කලොත් ඒකේ ලාභ ,පාඩු දෙකම මට. පාඩු ලැබුවත් ලාභ ලැබුවත් ණය මුදල නිසි වෙලවට ගෙවිය යුතුයි. හම්බන්තොට වරායට නැව් ආවත් නැතත්, මත්තල ගුවන් යානා ආවත් නැතත් අපි ගත්ත ණය මුදල නැවත චීනයට ගෙවිය යුතුයි. අපිට නැව් එවීම සම්බන්ධව ඒ අයටත් වගකීමක් තියෙනවා. චීනයට වගකීමක තියෙනවා මෙහෙට නැව් එවන්න. ඒ අයට අයත් නැව් නිතරම අපේ මුහුද හරහා යනවා. රාජපක්ෂ මහත්මයට මිත්‍රත්වය බැදීම් තියෙද්දි එක නැවක්වත් ආවේ නෑ. දැන් ඒ පාඩුව අපට විතරයි. අලුත් ගිවිසුම් එක්ක දෙගොල්ලන්ටම ලාභ පාඩු සිද්ධ වෙන්න පුලුවන්. කොළඹ වරායේ දකුණු තොටේ බැහාලුම් පර්යන්තය අවුරුදු 30 කට බදු දීලා තියෙන්නෙ.. ඒකෙ ආදායමෙන් 15% වරාය අධිකාරියට යනවා. ඒ අයට කිරීමට කිසිවක් නෑ ණය ගෙවනවට වඩා ආයෝජන කිරීම එක අතකින් හොඳයි කියල මම හිතනවා. නමුත් මේ සම්බන්ධයෙන් අයවැයට ඇතුළත් කිරීමක් කරල නෑ. දෙවැනි කොටසින් කෘෂිකර්මය ගැන කථාකරමු

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *