ඒකාබද්ධ විපක්‍ෂය ජාතිවාදී, ආගම්වාදී ඇ`ගීම් අවුසමින් කතාකරනව. ඒකීය රජයක් අවශ්‍යනම්, ඔවුන් කළ යුත්තේ නව ව්‍යවස්ථාව ගෙන ඒමට උදව් කිරීමයි.- ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයේ සාමාජික සිරිමසිරි හපුආරච්චි

දෙසැම්බර්

27

8:24 පෙ.ව.

admin

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයත්, ඒ මගින් සමස්ථ ජනතාවගේ සමාන අයිතීින් පිළිබඳවත් පසුගිය මැතිවරණ සමයේ දී ප‍්‍රධාන මාතෘකාවක් වශයෙන් කරළියට ආව. එය මැතිවරණ පොරොන්දු අතර ප‍්‍රබල පොරොන්දුවක්. එහෙත් එහි කටයුතු සිදුකෙරෙන්නේ ඉතාමත් මන්දගාමීව නේද? මේ වන විට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ මොන අදියරේද?

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනව. ගරු අගමැතිතුමා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් මණ්ඩලයක් පත්කරල තියෙනව. එය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්‍ෂවලින් සමන්විතයි. ජනතා විමුක්ති පෙරමුණ, පොදු ජන එක්සත් පෙරමුණේ දේශපාලන පක්‍ෂ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුලූ සියලූම කණ්ඩායම් එයට ඇතුළත් වෙනව.

ජාතිවාදය සහ ආගම්වාදය සිය දේශපාලන තේමාව කරගත් ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයනුත් එතන ඉන්නවද?

ඔව්. ඔවුන් එතන ඉඳල සාධනීය අයුරින් කතා කළත්, එතනින් පිටදි ජාතිවාදී හැ`ගීම් අවුස්සන, ආගම්වාදී අවුස්සන අන්දමින් කතා කරනව මෙන්ම කටයුතු කරනව.

ජනතාවට අවශ්‍ය නව ව්‍යවස්ථාවක්ද? දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ද?

රටේ ජනතාවට ජනාධිපතිවරණයටත්, මහ මැතිවරණයටත් පෙර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ගැන අවබෝධයක් තිබුණ. එය පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම, වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ සන්ධානයත් ඒ මතය ජනතාව අතරට ගෙන ගියා. ජනතාව බලයක් දුන්නා නව ව්‍යවස්ථාවක් බිහිකළ යුතුයි කියල. ඒක මැතිවරණ ප‍්‍රකාශනයක් වශයෙන් පසුගිය මැතිවරණයේදී ඉදිරිපත් කළා. ඒක ජනතාව අනුමත කළා. ඒ අනුවයි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස්වෙන්නෙ.

එතකොට කවදා තරමද මෙය පණතක් වශයෙන් සම්මත වෙන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නෙ?

ලබන අවුරුද්දෙ 2017 ජනවාරි මාසේ දෙවන සතියෙදි පමණ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනව. පාර්ලිමේන්තු 2/3 ක ඡුන්දයෙන් මෙය අනුමත කරල ජනමත විචාරණයක් පවත්වනව. එයින් පස්සෙ තමයි මෙය සම්මත වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙන්නෙ.

පාර්ලිමේන්තුවෙ 2/3 ක ඡුන්දයෙන් සම්මත වීම පමණක් ප‍්‍රමාණවත් නැද්ද?

ප‍්‍රථමයෙන් පාර්ලිමේන්තු ඡුන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකින්ද සම්මත වියයුතු බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ම සඳහන් වෙනව. එහෙම සම්මත වුණොත් තමයි එයට නියම බලතල හිමිවෙන්නෙ.

ඒ කියන්නෙ ජනමත විචාරණයක් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනව.

ඔව්. ලබන වසරේ ජුනි, ජූලි තරම ජනමත විචාරණයක් බලාපොරොත්තු වෙන්න  ඕනෙ.

ජනමත විචාරණයකදි නව ව්‍යවස්ථාව පිළිබඳව ජනතාව මොනවගේ ප‍්‍රතිචාරයක් දක්වයි කියල හිතනවද?

මම මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන්, මහජන අදහස් දැනගැනීමේ කමිටුවෙ සාමාජිකයෙක් වශයෙන් රටවටේම ගියා. අපි ගිය හැම දිස්ත‍්‍රික්කයකම ජනතාවට ලොකු උවමනාවක් තිබුණ, මේ රටේ දැනට ඇති පැලැස්තර ව්‍යවස්ථාව වෙනුවට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට. ‘අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති වෙනව නම් හොඳයි’ කියන එක තමයි ජනතාවගෙ මතය වුනේ.

උතුරු නැගෙනහිර ජනතාවගේ ප‍්‍රශ්නවලට මෙතෙක් මෙතෙක් නොලැබුණ විසඳුම් මේ නව ව්‍යවස්ථාවේ තියෙනවද?

ඔව්. ඔවුන්ගේ ප‍්‍රශ්නවලට සාධනීය විසඳුම් මෙහි තියෙනව.

ඒත් දකුණේ ජනතාවගේ, එහෙමත් නැත්නම් සිංහල ජනතාවගෙ හිතේ කුකුසක්, බියක් තියෙනව නේද මේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් රට දෙකට කැඩෙයි. සිංහලයාට, බෞද්ධයාට හානියක් සිදුවෙයි කියල.

ඇත්තෙන්ම එහෙම දෙයක් මේකෙ නෑ. රට කෑලි කෑලිවලට කඩන්නවත්, ජනතාව භේද භින්න කරන වැඩපිළිවෙලක්වත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ නෑ. ඒකීය රාජ්‍යයක් තුළ ජනතාවට බිම් මට්ටමටම බලය බෙදාදීමකුයි මෙහි තියෙන්නෙ. ඒක ඇත්තටම සාධාරණයි කියල කියන්න පුලූවන්.

හැමදාමත් මෙම ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමේදී නවතින්නෙ ‘පොලිස් බලතල හා ඉඩම් බලතල බෙදාදීම’ යන කරුණු වලදී. මෙහිදිත් එහෙම වෙයිද?

13 වන ව්‍යවස්ථා සංසෝධනයෙදිත් මේ ගැන කතාකෙරුව. නමුත් එහි දී පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට ලැබිල නැහැ.  එහෙත් නව ව්‍යවස්ථාවෙන් ඊට එහා ගිය තත්ත්වයක් තියෙනව. මධ්‍යම ආණ්ඩුවෙ බලතල යටතේ පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට ලැබෙනව. එහිදී කිසිම හානියක්, අගතියක් කිසිදු ජනතාවකට සිද්ධ වෙන්නෙ නෑ. මහජන නියෝජිතයින්ගෙ අදහස් වශයෙන් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්වෙලා තියෙනව.

පොලිස් බලතල හා ඉඩම් බලතල උතුරු නැගෙනහිර පළාත් සභාවලට ලැබෙනව නම්, දකුණේ හා උතුරුමැද ඇතුළු සෙසු පළාත් සභාවලටත් එම බලතල ලැබිය යුතුයි නේද?

ඔව් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ලැබෙන බලය සෑම පළාත් සභාවකටම පොදුයි. පළාත් සභා නමයටම ඒ බලතල පොදුයි.

මොන බලතල ලැබුණත් පළාත් සභා කියන්නෙ සුදු අලියෙක් කියල නේද කියන්නෙ. මුදල් කන්දරාවක් වැය වෙනව මිසක් එයින් ප‍්‍රයෝජනයක් නැති බවයි කියන්නෙ.

එහෙම කියන්නෙ පළාත් සභාවලට වැඩ කරන්න අවශ්‍ය බලතල නැති නිසයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බලගැන්වෙන පළාත් සභා බලතලතුල පෙරට වඩා සාධනීය සේවයක් ජනතාවට ඉටුවෙයි.

දින නියමයක් නැතිව කල්තබා තියෙන පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මැතිවරණ කවදා තරම පවත්වයිද?

දැනට මේව නතරවෙලා තියෙන්නෙ සාධාරණ හේතුවක් උඩ. කොට්ඨාස සීමා නීර්ණ කිරීමේ තත්ත්වය මතයි මැතිවරණය ප‍්‍රමාද වෙන්නෙ. ඒ සීමා නීර්ණ කටයුතු අවසන් වූ වහාම මැතිවරණයක් කැඳවීමට නියමිතයි. එයට මැතිවරණ කොමසාරිස්තුමා සූදානම්වෙලා ඉන්නව. ලබන වසරෙදි අනිවාර්යෙන්ම මෙම මැතිවරණ දෙකම පැවැත්වෙයි.

මනෝජ් රූපසිංහ.

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *