එට්කා ගැන කතාකරන්න ආණ්ඩුව පාදෙනියවත් යවයි !

ජූලි

16

7:40 පෙ.ව.

admin

විදේශ රටවල් සමග ඇතිකරගන්නා වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්චා කරන කණ්ඩායම් වලට වෘතියවේදීන්ගේ නියෝජිතයකු හා වාණිජ සම්මේලනවල නියෝජිතයකු ඇතුළත් කර ගැනීමට රජය තීරණය කොට ඇත . ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගන්නට යන එට්කා ගිවිසුමට විරෝධය පලකරන වෘත්තීයවේදීන්ගේ සංවිධානවල නායකත්වය ගෙන සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  අනුරුද්ධ පාදෙණිය මහතාට හෝ ඔහුගේ නියෝජිතයකුට ද මෙම සාකච්චා සදහා සහභාගී වීමේ අවස්ථාව හිමිවනු ඇත . වෙළඳ ගිවිසුම් ගැන කරුණු නොදැන පදනම් විරහිත චෝදනා නගමින් විරෝධතා දැක්වීම වැලකීම සදහා ආණ්ඩුව මෙම පියවර ගෙන ඇති බව කියති .

එට්කා ගිවිසුම මගින් ඉන්දියානුවන්ට නිදහසේ මෙරටට පැමිණ රැකියා කරන්නට ඉඩ දෙන්නේ නැති බව රජය පසුගිය කාලයේ නැවත නැවත කිවුවද එය නොපිළිගන්නා පාදෙණිය කණ්ඩායම තම විරෝධය දිගටම ප්‍රකාශ කරමින් සිටිති . වෙළඳ ගිවිසුම් සකච්චාවලට මොවුන් ද සම්බන්ධ කර ගැනීමෙන් ඇත්තටම කතා කරන දේ ඔවුන්ට ද දන ගැනීමට හැකිවෙයි . එවිට මෙම පදනම් විරහිත විරෝධතා නවතිනු ඇතැයි යන්න ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබේ .

මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ මුලිකත්වයෙන් ආණ්ඩුව හා පාදෙණිය කණ්ඩායම අතර සාකච්චා ගණනාවක් පසුගිය කාලයේ පැවැත්වුවද එමගින් විරෝධතා සමනය වීමක් සිදුවී නැති බව පෙනෙන්නට තිබේ .

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *