ආණ්ඩුව සයිටම් සටන අහෝසි කරයි !

නොවැම්බර්

10

8:22 ප.ව.

admin

සයිටම් සටන සාර්ථක ලෙස අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවත් එබදු සටනකට ඉදිරියේදී ඉඩ නැති තත්ත්වයට පත් කොට ඇති බවත් දේසපාලන විචාරකයෝ කියති . සයිටම් සටන්කරුවන්ට මතුපිටින් ජය අත් වූ බව පෙනී ගියද ඔවුන්ට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩ නැගීමට ආණ්ඩුවට හැකිවූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කේවල් කිරීමේ ශක්තිය හොදටම දුර්වල කිරීමට හැකිවීය .

අයිටම් විරෝදින්ට අවශ්‍ය වූ පරිදි රජයෙන් පිට වෛද්‍ය විද්‍යාල බිහිවීම වැලක්වීමට නොහැකිවූ අතර අලුතින් වෛද්‍ය විද්‍යාල ඇතිකිරීම සදහා ප්‍රමිතියක් සම්මත වීම ඕනෑම පාර්ශවයකට වෛද්‍ය විද්‍යාල ඇතිකිරීමට අවස්ථාව ලබාදීමට පහසුවක් වී ඇත .

සයිටම් ආයතනය අහෝසි කරන බව කීවද ඒ වෙනුවට ලබා නොලබන ආයතනයක් මගින් වෛද්‍ය අධ්‍යාපනය දීමට කටයුතු කිරීම රජයේ තීරණයයි . වෛද්‍ය අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයක් වීම එමගින් අවසන් වනු ඇත .

මේ අනුව ආණ්ඩුව සයිටම් සටන අහෝසි කොට  ඇත .

අදහස්


ප්‍රතිචාර 5

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *